IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වියලුවේ අනතුරකින් අඹුසැමි යුවලක් මරුට

(නිශාන්ත කුමාර) 
 
බදුල්ල මහියංගන  මාර්ගයේ ගමන් ගනිමින් තිබූ මෝටර් රථයක් අටවන කිලෝමීටර් කණුව ආසන්නයේදී  වියානා ඇලට පෙරලිමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇතැයි  පොලීසිය පවසයි.   
 
එලෙස මිය ගොස් ඇත්තේ අඹුසැමියන් වන අතර අතුරුදන්ව ඇත්තේ ඔවුන්ගේ දරුවෙකි.
 
අනතුර සිදුවන අවස්ථාවේ  මැණීක්හින්න එම පවුලේ  මව පියා සහ නිවුන් සහෝදරයින් දෙදෙනෙකු සිට ඇත.
 
අනතුර සිදුවිමත් සමග  ප්‍රදේශවාසීන් එක්ව මෝටර් රථය හා දියේ ගිලුණූ මව පියා හා ඔවුන්ගේ එක් දරුවෙකු ගොඩගෙන මහියංගනය මූලික රෝහලට ඇතුලත් කළත් මව සහ පියා ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි කියයි. අනෙක් තරුණයා ප්‍රතිකාර ලබන අතර අතුරුදන්වූ තරුණයා සෙවීමේ කටයුතු සිදුවන බව පොලිසිය කියයි.



අදහස් (10)

වියලුවේ අනතුරකින් අඹුසැමි යුවලක් මරුට

thusha Thursday, 23 November 2017 02:23 PM

ඇලට පෙරලුන ගමන් ඉක්මනින්ම මෝටර් රථය ගොඩට ගන්න හැකියාවක් තිබුනානම්, ප්‍රදේශවාසීන් මෙයාලව බේරාගන්නවා නියතයි..අතුරුදහන් වූ දරුවට කිසිදු අනතුරක් නොවේවායි කියා පතනවා.!

:       4       54

Vishwa Thursday, 23 November 2017 02:31 PM

ආරක්‍ෂිත බැම්මක් දැන්වත් දාන්න

:       1       140

jayantha Thursday, 23 November 2017 03:44 PM

අනාරක්ෂිත තැන් වැටක් ගහන්න බැරිද දුම්රිය මගත් ඔය වගේමනේ. පාලකයෝ පිල් මාරු වේවි බෙදාගෙන කනවා. මහජන ආරක්ෂාව ගැනත් හිතුවොත් හොඳයි නේද යහපලානේ.

:       0       184

පිටිගල මිලානෝ Thursday, 23 November 2017 04:37 PM

කසිකබල් ඉන්දියානු වාහන පැදවීම යනු තම පවුල සමග වේගයෙන්ම පරලොව ගමනාන්තය දක්වා යෑමය.

:       271       207

Sash Thursday, 23 November 2017 06:09 PM

මෝටර් රථයේ කාර්මික දෝෂයක් හෝ රියදුරු මහතාට නින්ද ගිහිල්ලා මේ අනතුර උණාවත් දෝ කියා සිතුනා.

:       0       38

upali Friday, 24 November 2017 03:02 AM

පිටිගල මිලානෝ හරි. දේසපාලුවන්ට ඕන ජනතාවට කසිකබල් වාහන ගන්න දීල , උන්ට සුඛෝපභෝගී වාහන ගන්නයි.. බදු අයකරන ක්‍රමය හදල තියෙන්නේ ඒවිදිහට. අපි හොඳ වාහනවල යනවට උන් කැමති නැහැ, ජනතාවට ආදරයක් තියෙනවනම් ආරක්ෂා සහිත හොඳ වාහන ගන්න ඉඩ දීල කසිකබල් ඉන්දියන් වාහන වලට බදු වැඩි කරන්න ඕන.

:       2       83

channaFriday, 24 November 2017 05:22 AM

එහෙම කලානම් අර කට්ටිය කියාවි දුප්පතුන්ට බදුගහලා සල්ලිකාරයන්ට සහන දුන්නා කියලා.

:       0       2

nuwan Friday, 24 November 2017 04:22 AM

මෙය ජපන් වාහනයක්. වාහනේ මොන රටේ හැදුවත් ගැඹුරු වතුරට පෙරලුනොත් දීයෙ ගිලෙනවා

:       43       40

udaya Friday, 24 November 2017 12:35 PM

පිටිගල සහ නුවන් නොදන්නා දේවල් කියන්න එපා. හොදට බලන්න වාහනය දිහා. එක chevy කාර් එකක්. ඒවා හදන්නේ මහා ලොකු ඇමෙරිකාවේ.

:       2       120

lasantha Tuesday, 28 November 2017 08:02 AM

උදය දන්නේ නැද්ද දැන් චෙවි ඉන්දියාවේ හදනවා කියල. චෙවි, සුසුකි, ෆෝඩ් මේ ඔක්කොම වාහන දැන් ඉන්දියාවේ හදනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site