(ප්‍රසාද් මුතුකුඩ)
ආගමන විගමන නීති උල්ලංඝණය කර විදේශ ගතවීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව ජූනි 14 වැනි දා දක්වා කල්තැබීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් නිල්මිනි රන්කොත්ගේ මහත්මිය අද (15) නියෝග කළාය.
අස්ථාන ගතවු බව කියන ගමන් බලපත්‍රය ඉදිරිපත් කර විදේශ ගතවීමට උත්සහ කිරීමේදී 2015 ඔක්තෝබර් 23 වැනි දා කටුනායක ගුවන්තොටුපලේදි වීරවංශ මහතා අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වීරවංශ මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.
COMMENTS
හ්ම්..... එහෙනම් පනික්කියාගේ නඩුවත් කල් ගියා. බලාගෙන ඉන්න පොහොට්ටු පාලනයක් එනකන් නඩු ඔක්කොම අයින් කර ගන්න පුලුවන්...
මේක බොරු නඩුවක්ද? දිනපු අය කියන්න..
බොරු දේශප්රේමීත්වයක්නේ.. මෙයාලා කරන දේ හරි බව අනුමත කර ඇත
දාන්න දාන්න.. ඉක්මනට වොයිස් කට එක. මැතිවරණය පරාජය වීම දරා ගන්න බැරුව කරන දේවල් ගැන අපි දන්නේ නැති කරුණු අහගන්න.
අනේ ඇයි එච්චර ළඟ දිනයක් දුන්නේ? තව අවුරුදු දෙකක් තියෙනවනේ. ඔහොම අද්ද අද්ද යං. නඩු ප්‍රමාද වීම වලක්වන පනතක් එනකල් අද්දමු.
මහරජ එනතෙක් නඩු කල් ගනිමු.
මේකත් ඉවර වෙන නඩුවක් නෙවෙයි. පොලිසියත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත් හෙම්බත් වෙලා ඇති අවසානයක් නොදකින මෙහෙම නඩු පවරන එක ගැන...
විමල් නොවී වෙන සාමාන්‍ය පුරවැසියෙකුට මේක වුණා නම් මෙතරම් දුරදිග යන්නේ නැත, බොහෝවිට දඩයක් ගසා එදාම කෙළවර වෙන්න තිබුන. ඕනෑම නඩුවකදී වරද කරු පුද්ගලයාගේ අභිප්‍රාය ඉදිරෙපත් කල යුතුයි. මේක අත්වැරදීමක් නොවෙයි නම්, විමල් හිතාමතා පාස්පෝර්ට් වරද්දාගෙන රටගිහින් ලබාගන්න හදපු වාසිය මොකද්ද ? තරහ නොගෙන උත්තර දෙන්න, රටේ මෙතරම් හොරකම් වෙද්දී ඇයි මේ බොරු සෙල්ලම් වලට කාලය/ධනය වැය කරන්නේ ?
ලංකාවේ දේශපාලකයන්ගේ නඩු වලින් උසාවිය පිරිලා...................පොහොට්ටු පාලනයක් එනකං බලන් ඉන්නේ.........ඔක්කොම නඩු ඉවරකරන්න
ලංකාව අපරාදකාරයින්ගේ සහ වන්චනිකයන්ගේ පරාදීසක්ද?
මේ නඩු කාලයම ගැන ජනතාව අප්‍රසාදයෙන් ඉන්නේ................
නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ....................
පොහොට්ටුව බලන්නේ හොරු ටික රැකගන්න මිස ජනතාවට සේවය කිරීමට නොවේ.
ලංකාවේ මිනිස්සු මේ තරම් මෝඩ රාජපක්සලගේ වහලුන් වීම නිසාද? ?
පනික්කිතුමාට ඉක්මණින්ම නිසි පරිදි සැලකීම සුදුසුයි. වැඩේ කල් දමදමා ඉන්න එක නම් හරි යන්නේ නැහැ. විසඝෝර සරුපයා - දැක නෑර මෝඩයා කියලා කියනවනේ. `වන් ෂොට් මෑන් ඩවුන්` කියලා වැටෙන්නම දැමිය යුතුයි!