නාලක සංජීව දහනායක
පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක තනතුර සම්බන්ධයෙන් කතානායකවරයා නිවරදි තීන්දුවක් නොගන්නේනම් හෙට (7) පාර්ලිමේන්තුවේදී අරගල කරන බව ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.
ඒ අනුව විපක්‍ෂනායක තනතුර ඒකාබද්ධ විපක්‍ෂයට නොදෙන්නේ නම් හෙට දිනයේදී කතානායකවරයා ඉදිරිපිට රතුපලස මතට පැමිණීමට තම කණ්ඩායමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ විපක්‍ෂය ලෙස කටයුතු කරන ද්‍රවිඩ ජාතික සන්ධානයට වඩා තම මන්ත්‍රී කණ්ඩායම වැඩි බැවින් නියත වශයෙන්ම විපක්‍ෂනායක ධූරය තම කණ්ඩායමට හිමිවිය යුතු බව ද මන්ත‍්‍රීවරයා කීය.
වත්මන් විපක්‍ෂනායකවරයා රටේ ප‍්‍රශ්න පිළිබඳව කතා නොකරන බවත් සෑම විටකදීම ආණ්ඩුව ආරක්‍ෂා කරමින් ආණ්ඩුවේම කොටසක් ලෙස කටයුතු කළ බවත් ඒකාබද්ධ විපක්‍ෂය සෑම විටකදීම ජනතාවගේ පැත්තේ හිටගනිමින් ජනතා ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටි බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
මේ අය කවදත් ගෝරිම තමයි ඉතින්...
ඔන්න නටමු - හෙට දින අපි - ගෝරි කෝලම ..
රතු පලස මතට පැමිණ විපක්ෂ නායක ධුරය ලබා ගැනීම කෙළවර වනුයේ කොතනින්දයි අපි නොදනිමු. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ අවම සදාචාරය හෝ රැකීමට නුවණැස පහල වේවා.
ඔව් ඉතින් වැදගත් තැනක හැසිරෙන්න දන්නා උදවිය නෙවෙනෙ
දැන් තේරෙනවා නේද මේගොල්ලන්ගේ අරමුණ?
මෙහෙමත් බලයට කෑදර සත්ව කොට්ටාශ මැති සභයට එවීම ගැන ඡන්ද දායකයන් ලැජ්ජා විය යුතුය ! තිරිසනුන් මෙන් පාර්ලිමේන්තුවේ පිදේනි තටු ලැබෙන තුරු ආවේශ වීමට සුදානම් උනොත්, දුම්මල ගසා හෝ මේ දියවන්නාවේ එහා ඉවුර දක්වා පළවා හැරීමට අවශ්‍ය සියලු කටයුතු වහාම සුදානම් කරන්න...
ඒකාබද්ධ විපක්‍ෂය තුලත් දැන් විපක්ෂයක් සැදී ඇතිබවක් පැහැදිලිව අපට පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තුව තුල අසෝබන ආකාරයට හැසිරෙන, සෙන්කොලය පහර ගැනීමකට සම්බන්ද ඕනෑම කෙනෙකුට මාස කිහිපයක් පාර්ලිමේන්තුව තහනම් කිරීම කලයුතුය.
මේක ත්‍රස්තවාදී ප්‍රකාශයක්! බිය ගන්වා තමන්ට වාසිදායක තීරණයක් ගබාගැනීම. ප්‍රජාතන්ත්‍රවාදයට මෙය මාරක ප්‍රහාරයක්. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා පෙළගැසිය යුතුයි.