(දිලීප් ජයසේකර)
සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය දෙපස පදිංචි කරුවන් තමන්ට හිමි වන්දි ඉල්ලා සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල මාරාන්තික උපවාසයේ නිරත එක් පුද්ගලයෙකු අද (24) පස්වරුවේ හදිසියේ අසාධ්‍ය තත්වයට පත්ව සුරියවැව රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස අසාධ්‍යව රෝහල් ගත කෙරුණේ සුරියවැව අඩි 100 මාර්ගයේ තැලවිල්ල පදිංචි කරුවෙකු වන 47 හැවිරිදි එල්.පී.නන්දසේන නැමති අයයි.
සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් හා නිවාස අහිමි වුවන් තමන්ට හිමි වන්දි ඉල්ලා පසුගිය 20 වන දින විරෝධතාවයක නිරත වු අතර පසුව ඔවුට විසදුමක් නොලැබිම හේතුවෙන් පිරිසක් සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සතග්‍රහයක නිරත වීය.
ඊටද වගකිව යුතු කිසිවකුගේ අවධානයට යොමු නොවිම හේතුවෙන් සත්‍යග්‍රහයේ නිරත පිරිසෙන් දෙදෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කෙරුණේ පසුගිය 22 වන දිනයි. අසාධ්‍ය තත්වයට පත් එක් උපවාස කරුවෙකු ප්‍රථිකාර සදහා සුරියවැව රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයට ඇතුළත් කෙරුණි.
සත්‍යග්‍රහයේ නිරත පිරිස පැවසුවේ මේ වන විට මාරාන්තික උපවාසයේ නිරත දෙදෙනාගෙන් එක් අයෙකු අසාධ්‍ය තත්වයට පත්ව රෝහල් ගත කළ නිසා ඒ වෙනුවට තවත් තිදෙනෙකු හෙට උදෑසන මාරාන්තික උපවාසයකට එක්වන බවය.
නිවෙස් වලට වී මැරි මැරී ජීවත් වෙනවට වඩා මෙතනම මැරෙන එක අපිට සැපයි.ඒ නිසා බළධාරීන් මේ ගැටළුවට විසදුමක් ලබා දෙනතෙක් එකා පිට එකා මැරී වැටුනත් මේ උපවාසය අත් නොහරින බවයි පැවසුවේය.



2025 නොවැම්බර් මස 17
32
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වන්දි ඉල්ලා උපවාස කළ අයෙක් අසාධ්‍යව රෝහලේ