තිරසර සංවර්ධන වන ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) දහවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තා වේ.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් පසුව ඇමැතිවරයා තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟ ගොස් ජනපතිවරයාගෙන් සමාව ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.
සරත් ෆොන්සේකා මහතා ඉකුත් 3 වැනි දා නව අමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසුව පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කර තිබු අතර,ඔහු පසුගිය ඉරිදා පැවති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ දී ද අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබිණි.
ඔහු අද දහවල් ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.
COMMENTS
මොන තරම් පෞරුෂයක් තිබ්බ මනුස්සයෙක්ද? අද මේ වනජීවී ගාණට වැටිලා ඉන්නේ දේශපාලන මඩ ගොහොරුවේ.
ෂුවර් එකට අගමැතිතුමාගේ කීමට වෙන්න ඇති..
මේක නම් විශ්වාස කරන්න අමාරු ප්‍රවෘත්තියක්...
අද ප්‍රභාකරන් හිටියා නම් එයාගෙනුත් සමාව ගන්නවා. එ්කනේ වනජීවී ඇමතිකම දුන්නේ. අවිස්සාවේල්ලේදී සුදුකොඩි කතාවක් කියලා අදටත් බටහිරයෝ එ්ක අල්ලාගෙන අපේ රණවිරුවන්ට පහර දෙනවා. මෙයාගේ කටට බ්රේක් නැහැ. පලිගන්න චේතනාවෙන් ඕනෑම වසල වැඩක් කරාවි...
අපි හිතුවේ වනජීවියෙකුට තරම් වත් කොන්දක් ඇතැයි කියලා බැලුවම එයත් අපෘෂ්ඨවංශිකයෙක්...
බලයට ඇති කෑදරකම මනාව ඔප්පුකළ අවස්ථාවක්...
සමාව ඉල්ලන්න නම් මොනවටද විවේචනය කළේ? කතාවෙන් නම් සිංහයෝ වගේ. ඒ වුණාට වැඩ බාලයි.
මහත්මා දේශපාලනය වෙනුවට සිතට නැගෙන හැම සිතුවිල්ලක්ම වචන බවට පෙරලන්න එපා. යුධ විරුවාණෙනි.
දැන් ඉතින් වීරයා මැරිලා ...
ජනාධිපති කියන්නේ රටේ සියලු හමුදා වල නීත්‍යානුකූල අණදෙන්නා බව අන්තිමට පිලිගත්තා වගෙ තමා.
පව් වනජීවියට වෙච්චි අපරාදයක්...
චණ්ඩිකමට බේරිහන් දුන්නාට දැන් තේරනවා තරම.. අනේ පව්... අපේ ෆීල්ඩ් මාර්ෂල්..
සමස්ත ජනතාවකගේ ප්‍රසංසාවට ලක් වූ තමන්ගේම "කට" නිසා..අවමානයට ලක් වූ අයෙක් වෙනුවෙන් දිය හැකි හොඳම නිදර්ශනය මෙතුමායි.. දේශපාලනයට පිවිසි පසු මෙතුමා හැසිරෙන්නේ විකෘති අයුරින්... මෙතුමා නියෝජනය කරන පක්ෂය මෙතුමා තබාගෙන ඉන්නේ මුර බල්ලාගේ චරිතයට... ඉතින් මෙහෙම දේවල් වීම පුදුමයක්ද?
ඈ...මොනවා... මේ අපේ මාර්ෂල්තුමාගේ කශේරුකාව එහෙම පිටින්ම ඇදවෙලා... නෑ... නෑ මේක පට්ට බොරුවක්. ඊයේ දියවන්නාව ළඟ හොඳට ඇවිද ඇවිද හිටියේ...
ඒක නං කලවැදි වැඩක්. ඔක්කොම කරලා ජරා කරලා ඉවර වෙලා පූසා වගේ මාරු වෙලා යනවා.
අනේ වෙල්විදානෙට වුණු හදියක තරම... කැලෑවෙ ඉන්න කලවැද්දොත් හිනාවෙනවා ඇති...
මෙතුමා ආත්ම ගෞරවය රැකගෙන විශ්‍රාම ජීවිතය ගතකළා නම් හොඳයි. අද රටේ දේශපාලන අප්පිරියයි. දැක්කෙ නැද්ද විජේදාස ආයෙත් ඇමැති... ඔහුගෙ කටින්ම මේ රජය විවේචනය කළා.
එදා රාජපක්ෂලාගෙන් 'සමාව ඉල්ලනවා' වෙනුවට හිරේ යෑම තෝරා ගත් ෆොන්සේකා අද සමාව ඉල්ලාවිද.?
ඒ ගැන ෆොන්සේකාගෙන් අහලා සත්‍ය තහවුරු කරගෙනද මේ ප්‍රවෘතිය දැම්මේ.....
එදා පක්ෂ නායකයෙක් අද පක්ෂ ගෝලයෙක්. ඒ නිසා අද පක්ෂ නායකයා කියන දේ අහන්න ඕනෑ.