( එච්.චන්දන සහ ඡයරත්න වික්‍රමආරච්චි)

වන ඡීවී නිළධාරීන්ගේ ඇප මත නිදහස් වී තම නිවසට ගිය බව කියන කරුවලගස්වැව පොලිසියේ පොලිස් නිලධාරියකු මියයාම පිළබදව පුළුල් පරීක්ෂණයක් පවත්වා ලබන 21 වැනි දා අධිකරණයට කරුණු වාර්ථා කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් පසාල් අබුතාහිර් මහතා නියෝග කළේය.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන ලෙසද නියෝග කෙරිණ.  

එම නිලධාරියාගේ නිවසේ ශීතකරණයේ මුව මස් තිබුණා යැයි සැක පිට  එම පොලිස් නිලධාරියා කරුවලගස්වැව වන ඡීවී කාර්යාලයට රැගෙන ගොස්  තිබේ.රාත්‍රී 11.30 පමණ බැදුම්කරයකට යටත්ව ඇප ලබා ගෙන  ඔහු එම කාර්යාලයෙන් පිටව ගොස්  ඇති බව වනජීවි කාර්යාලය පවසයි.

ඔහු උදෑසන 6.00ට ඔහුගේ නිවස පිටුපස මිය ගොස් සිටි බවට ඔහුගේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර ඇත.