විදෙස් ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් සකස් කරන විශ‍්‍රාම වැටුප ලබන වසරේ අපේ‍්‍රල් මාසය වනවිට ලබාදිය හැකි වෙතැයි අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.
ඉකුත් වසරේ අයවැයෙන් මෙම විශ‍්‍රාම වැටුප ලබා දීම යෝජනා වූ අතර එහි කටයුතු කෙරෙමින් පවතින බවද අමාත්‍යවරිය කීවාය.
තමන් අධිකරණ අමාත්‍යවරිය ද වන නිසා එහි නීතිමය කටයුතු දැන් වඩාත් පහසු වී ඇතැයි කී අමාත්‍යවරිය සමහර කටයුතුවලට යම් කාලයක් යන්නේ යැයි ද කීවාය.
විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් කාර්යංශයේ වෙනම අංශයක් ඇති කරන්නට කටයුතු යොදන බව ද අමාත්‍යවරිය පැවැසුවාය.
කෙසේ වෙතත් මේ විශාම වැටුප සඳහා දායක විය හැක්කේ ලියාපදිංචි වී විදේශ ගත වන අයට පමණක් වනු ඇති බවත් නීති විරෝධී අන්දමින් රට යන කිසිවෙකුට ඊට දායක විය නොහැකි වන බවත් ඇය කීවාය.
අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද(17) පැවැති වන්දි මුදල් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.
එහි දී ලියාපදිංචි වී විදේශ ගත වී මරණයට පත්වූ හා විවිධ කරදරවලට මුහුණ දුන් 19 දෙනෙකු වෙනුවෙන් රුපියල් 60,00,000 කට අධික මුදලක් ප‍්‍රදානය කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ඇමතිතුමිය, වැඩේ නම් ගොඩක් හොඳයි. නමුත් වැඩේ නොවුණත් කමක් නැහැ. බොරුනම් කරන්න එපා. ඒ වගේම ගෙවීම් කරන ආකාරයත් සඳහන් කරන්න.
හුඟක් හොඳ දෙයක්.. එය සිදු වෙනවා නම්..
බලයට එන කවුරුත් විදේශ ශ්‍රමිකන් වෙත දෙන කැරට් කාලා අපට දැන් වමනයට එනතරම්. බොහෝවිට දේශපාලකයන් ජනතාවට බලාපොරොත්තු ලබා දෙන්නේ වගකීමකින් තොරව බව නිතරම පෙනී යන්නකි.
හොඳයි. මුදල් ලබාදෙන පිලිවෙල කුමක්ද? ලබාගන්නේ කොහොමද?
විහිළුවකි !!! ඡන්දය ලඟ එනවා...
සීමන්වරයෙකුගේ විශ්‍රාම වැටුප් ගැනත් වාර්තාවක් දෙන්න..
මේ සිංදුව දැන් අවුරුදු කීයක් විතර එතෙර ඉන්න අපි අහගෙන ඉන්නවද ?
රජයේ සේවකයින්ටත් විශ්‍රාම වැටුපක් දෙන්න. ඔවුන්ගේ වැටුපෙන් ප්‍රතිශතයක් දායක මුදලක් හැටියට ගන්නවා. විදේශ රැකියා කරන අයට විශ්‍රාම වැටුපක් දෙන්නේ එහෙම දායක මුදලක් අයකරගෙනද? මේක අමූලික බොරුවක්... රැවටෙන්න එපා...
"විදෙස් ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් සකස් කරන විශ‍්‍රාම වැටුප ලබන වසරේ අපේ‍්‍රල් මාසය වනවිට ලබාදිය හැකි වෙතැයි අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය." "විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් කාර්යංශයේ වෙනම අංශයක් ඇති කරන්නට කටයුතු යොදන බව ද අමාත්‍යවරිය පැවැසුවාය." "කෙසේ වෙතත් මේ විශාම වැටුප සඳහා දායක විය හැක්කේ ලියාපදිංචි වී විදේශ ගත වන අයට පමණක් " තාම ලියාපදිංචි කරගෙනත් නැත. මේ සම්බන්ධව කටයුතු කරන්න විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් කාර්යාංශයක් තවම පිහිටුවා ගෙනත් නැත. නමුත් තව මාස 6 කින් විශ්‍රාම වැටුප ගෙවන්නත් ලැහැස්තිලු. රජයේ සේවකයත් විශ්‍රාම වැටුපක් ගන්න අවුරුදු 10 සිට 35 පමණ කාලයකට වැටුපෙන් දායක මුදලක් ගෙවනවා. නමුත් ඒ කිසිවක් නැතිව විශ්‍රාම වැටුපක් විදෙස් ශ්‍රමිකයාට ගෙවනවාලු. දේශපාලකයන්ගේ කීමට රැවටෙන ලක්ෂ 120 ක් ඉන්න මේරටේ ඔය කතාවලට රැවටෙන මිනිස්සු නැද්ද? මේ අය කියන දේවල් තර්කානුකූලව හිතපල්ලකෝ.
නාවික කටයුතුවලටත් මෙය වලංගු විය යුතුයි.
ඕක කියලා එකඑක කට්ටිය අපිව රැවැට්ටුවා. මුලා කළා. අවුරුදු 28ක් එකදිගට විදේශසේවා ගාස්තු ලියලා මුදල් ගත්තා. අපිට නම් වුණු මොනම සෙතක්වත් නැහැ හැබැයි පඩිගත් සැණින් ලංකාවට ගත්තු මුදල් එව්වා. ඒ මදිවට යුද්ධයේදී සල්ලි එවන්න ඔවුන් මුදල් මාරු නොකිරීම නිසා දරුවන්ගේ පාසල් කටයුතු වලට මුදල් අවශ්‍ය නිසා අවුරුද්දේ මුල නිසාත් බැංකුවෙන් මුදල් වෙනුවට දෙන රත්රන් ග්‍රෑම් 50 බිස්තට් එකත් ආණ්ඩුවෙන් බලෙන් ගත්තා. ළමයින් එදා අතරමං වුණේ බඩගින්නේ සහ පාසල් උපකරණ නොමැතිව... ඔන්න මානව අයිතීන් වන ලංකාවේ නීතිය.
අපි රට එන කාලයේ ලියාපදිංචියක් තිබුනේ නැහැ. නමුත් මෑත කාලයේ සිට විදේශසේවා කාර්යාංශයට ගෙවා ලබාගත් ස්ටිකරයක් අපේ පාස්පෝර්ට් එකේ තියෙනවා. එයද ඔය කියන ලියාපදිංචිය?
විදෙස් සේවය අවසන්කර පැමිණි අයට මෙය ලබාගත හැකිද? මේ සඳහා අරමුදල් සපයා ගන්නේ කෙසේද?
මේ විහිළුව ඉස්සෙල්ලම කලේ මහින්ද රාජපක්ෂගේ කාලයේ. ඡන්දය කිට්ටු නිසා දැන් විහිළු කරනවා. හරිම නරකයි.
අපි ඡන්දේ දෙන්නම් විශ්‍රාම වැටුප දුන්නාම...
හිතුමතේ විශ්‍රාම වැටුප් දෙන ක්‍රමයක් නැත. විදෙස් රැකියාවට ගිය ඒගොල්ලෝ, මමත් ඇතුළුව, හම්බකළා. නමුත් අපිට විශ්‍රාම වැටුප ගන්න විශ්‍රාම මුදලට දායක වුණේ නැත. එහෙමනම් කොහොමද අපිට විශ්‍රාම වැටුපක් හම්බවෙන්නේ? මේක මොන මනස්ගාත කතාවක්ද? ඕකට මහින්ද මහතාට හෝ සිරිසේන මහතාට බැණලා වැඩක් නැත.