(මනෝප‍්‍රිය ගුණසේකර)
ලංකා විදුලිබල මණ්ඩලය බදු වශයෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 19කට අධික මුදල විදුලිබල මණ්ඩලයේ දේපළ තහනම් කර අයකර දෙන්නැයි ඉල්ලමින් මහජන උපයෝගීතා කොමිසම ගොනු කර ඇති පෙත්සම සළකා බැලූ කොළඹ දිසා විනිසුරු ජයකී ද අල්විස් මහත්මිය ලබන 17 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියම කළාය.
මහජන උපයෝගීතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දන ලියනපටබැඳි මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ දිසා විනිසුරුවරිය එලෙස කියම කළාය.
මහජන උපයෝගීතා කොමිසම විසින් දිසා අධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සම් 06 යේ වගඋත්තරකරු වශ්‍යයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නම් කර ඇත.
විදුලිබලය උත්පාදනය, සම්පේ‍්‍රෂණය හා බෙදාහැරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව මහජන උපයෝගීතා කොමිසමට බදු වශ්‍යයෙන් මුදල් ගෙවිය යුතු වුවත් මණ්ඩලය 2018 වර්ෂය සඳහා තමන්ට ගෙවිය යුතු රුපියල් 19,20,69,600/-ක බදු මුදල් නොගෙවා ඇති හෙයින් මණ්ඩලයේ දේපළ තහනම් කර අදාළ බදු මුදල් අයකර දෙන්නැයි පෙත්සම්කාර මහජන උපයෝගීතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දන ලියනපටබැඳි මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලිබල මණ්ඩලය 17 වැනි දා අධිකරණයට කැඳවයි
Mahee Saturday, 15 September 2018 02:25 AM
ඉතාම හොඳ නඩුවක්. නිදි කිරාවැටෙන, රාජ්‍ය ආයතන ඇහැරවන්න නම් ආණ්ඩුවේම ආයතන විසින්ම ඔන්න ඔහොම නඩු දාලා හරි ඇහැරවන්න ඕනෑ. විගණකාධිපති, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතනත් ඔන්න ඔහොම පටන් ගත්තා නම් අපට පොලු තියන, හැමදාම පාඩු ලබන ආයතන ඇහැරවන්න පුළුවන්.