වසන්ත චන්ද්‍රපාල
අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට කායික රෝග පිළිබඳ වෛද්‍යවරයකු නොමැති වීම නිසා වකුගඩු රෝගින් 10000 ක ගේ ජීවිත අවධානම් තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමයේ අම්පාර දිස්ත්‍රික් කැදවුම්කරු වෛද්‍යය චනිත් පේදුරු ආරච්චි මහතා පැවසීය.
දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ 120000 ක ජනතාවක් සිටින අතර වකුගඩු රෝගය බහුලව පවතින බවද ඔහු කීවේය. දැනට දෙහිත්තකණ්ඩිය මුලික රෝහලේ ඇඳන් 10 ක් සහිත කාන්දු පෙරන ඒකකයක් පවතින බවත්, මාස දෙකක පමන කාලයක සිට කායික රෝග විශේෂඥ වෛද්‍යයවරයෙකු නොමැතිවීම නිසා රෝගින්ගේ ජීවිත වලට දැඩිව බලපෑමක් එල්ලවන බවත් හෙතෙ පැවසීය.
මේ පිළිබඳව දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍යය අධිකාරී මහේෂ් දහනායක මහතා ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ කායික රෝග වෛද්‍යයවරයෙකු දැනට නොමැතිවීම නිසා වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරිමේදී ගැටලු සහගත තත්ත්වයක් පවතින බවයි.
COMMENTS
කොලඹ ඉන්න වෛද්‍යවරු දෙහිඅත්තකණ්ඩි ගියොත් එයාලගේ පුද්ගලික සායනවලට මොකද වෙන්නේ? එ්කවත් තේරෙන්නේ නැද්ද? ඒ වුනාට පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා නේද?
වෛද්‍යවරු දෙහිඅත්ත කණ්ඩිය වගේ දුෂ්කර පළාත්වලට යන්න කැමති නැහැ. කොළඹ නුවර ගාල්ල මාතර ගම්පහ කුරුණෑගල වගේ පුද්ගලික සේවයේ උපරිම ඉල්ලුමක් තියෙන රත්රන් නිධි වලට තමයි ඔක්කොම විශේෂඥ වෛද්‍යවරු ඇහැ ගහගෙන ඉන්නේ. මං හිතන්නේ දුෂ්කර රෝහල්වල වැඩකරන සියලුම වෛද්‍ය වරුන්ට මූලික පඩියට සමාන දුෂ්කර දීමනාවක් දුන්නොත් මේ වෛද්‍ය හිඟය අවම කරගන්න පුළුවන් වෙයි කියලයි.
A ලෙවෙල් අඩු ලකුණු වලින් දුෂ්කර සේවයට පමණක් වෛද්‍යවරු පත් කරලා එවන්න.
බලෙන් හරි යවන්න ඕනි බැරිනම් අස් කරන්න ඕනි සේවය හැර ගියා සේ සලකලා. හැමෝම ඉල්ලන්නේ තමන්ට පහසු තැන දොස්තර වරු ගුරුවරු.
අන්න රෝහණ කරනවා නම් වැඩේ. අපි සේරම දොස්තරලා අස් කරලා දාමු. එතකොට ඒ ගොල්ලන්ට කැමති තැන්වල ගිහින් වැඩ කරයිනේ. රෝහණ මේ හරක් කතා කියලා මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ඔයා වගේ කට්ටියට තමා කියන්නේ අධ්‍යාපනය හරියට නොලබපු කට්ටිය කියලා...