IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වතුකරයෙන් ගලනාල පිළිකා රෝගීන් වැඩි වේ

(විනීතා ගමගේ)

උඩරට වතුකරයෙන්  වාර්තා වන පිළිකා රෝගීන් අතරින් අති බහුතරය  ගලනාලයේ පිළිකා වැළඳුණු රෝගීන් බව රෝහල්වල දත්ත විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන බව වකුගඩු රෝග  පිළිබඳ පර්යේෂණයන් හි යෙදෙන රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය ඡන්න ජයසුමන මහතා පවසයි.

කඳුකරයේ තේ වතු ආශ‍්‍රිතව වෙසෙන ජනතාව නිතර ප‍්‍රතිකාර ගන්නා රෝහල් වන නුවරඑළිය, දික්ඔය, නාවලපිටිය, බදුල්ල හා මහනුවර යන රෝහල්වල ඉකුත් වසර 10 හි දත්ත විශ්ලේෂණය කිරීමේදී මේ බව පෙනී යන බව ඒ මහතා කියයි.

එමෙන්ම මෙසේ ගලනාලයේ පිළිකා ඇතිවූ රෝගීන් අතරින් අති බහුතරය තේ දළු නෙලන කාන්තාවන් වීම ද විශේෂත්වයක් යැයි හෙතෙම පවසයි.

මේ අනුව තේ වගාවට ග්ලයිෆොසේට් යෙදීම හා ඊට නිරාවරණය වන වැඩි පිරිස තේදළු නෙලන්නියන් වීම මෙම තත්ත්වයට හේතු වන්නේ යැයි නිගමනය කළ හැකි බව ද වෛද්‍ය ජයසුමන මහතා කියයි.

මේ අතර කොළඹ විශ්ව විද්‍යාලය හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම එක්ව පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පවත්වනු ලැබූ වකුගඩු රෝග පිළිබඳ සමුළුවේ දී ද ග්ලයිෆොසේට් තහනම් කළ යුතු බවට නිර්දේශ වූ බව හෙතෙම පවසයි.   



අදහස් (3)

වතුකරයෙන් ගලනාල පිළිකා රෝගීන් වැඩි වේ

Wimal Wednesday, 02 August 2017 07:26 AM

ග්ලයිපෝසේට වලින් උඩරටදි ගල නාල පිළිකා, පහත රටදි වකුගඩු රෝග. වෛද්‍යතුමා හිතන් ඉන්නේ තේ කොල වලට ඉහිනවා කියලාද මන්දා.

:       235       1

සෙනෙවි Wednesday, 02 August 2017 08:01 AM

තේ වතු වලට ග්ල්යිෆොසේට් ඉහින විට තේ ගස් වලත් පස සෝදාගෙන ගංගා වලටත් ඒවා එකතු වෙන බව ග්ලයිෆෙසේට් වලට පක්ෂව ඉහත අදහස් දක්වන විමල් නොදන්නවා විය නොහැක .

:       0       226

abaran Wednesday, 02 August 2017 09:50 AM

වකුගඩු රෝග පිළිබඳ පර්යේෂණයන්හි යෙදෙන දොස්තර කෙනෙකුට වඩා දැනුමක් අපි වාගේ පුද්ගලයින්ට තියෙනවා වෙන්ට අසීරුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site