IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වත්කම් බැරකම් නොදුන් අපේක්ෂකයන්ගේ නාම ලේඛනය අල්ලස් කොමිසමට

(විනීතා එම් ගමගේ)

මහ මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ අපේක්ෂකයන් අතරින් මේ වනතුරුත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් අපේක්ෂකයන්ගේ නාම ලේඛනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බව පැෆරල් සංවිධානය කියයි.

මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සියලු දෙනා වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනා භාරදී මාස තුනක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත භාරදිය යුතු අතර එයින් ජයගත් අපේක්ෂකයන්ට දිවුරුම් දීමට පෙරාතුව එම ප්‍රකාශ මැතිවරණ කොමිසම වෙත භාරදිය යුතුය.

නාමයෝජනා භාර දී අවසන් වී මේ වනවිට මාස පහකට ආසන්න කාලයක් ගතවී තිබේ.

මෙවර මැතිවරණයට අපේක්ෂකයන් 7452 ක් ඉදිරිපත් වූ අතර එයින් අති බහුතරයක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නැතැයි වාර්තා වන බවත් එසේ වත්කම් බැරකම් ප්‍රකාශ භාරදී නැති අයගේ නාම ලේඛනය ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මැතිවරණ කොමිසම වෙත අයදුම් පතක් යැවූ බවත් ඊට පිළිතුරු ලද වහා එම තොරතුරු අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ලබාදීමට බලාපොරොත්තු වන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

එසේ භාර දුන් පසු අල්ලස් කොමිසම අදාල නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ඇතැයි විශ්වාස කරන බව ද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

ජයග්‍රාහී අපේක්ෂකයන් දිවුරුම් දීමට පෙරාතුව මැතිවරණ කොමිසම වෙත වත්කම් බැරකම් ප්‍රකාශය භාරදිය යුතු අතර දිවුරුම් දීමෙන් පසු කථානායකවරයාට ද එම ප්‍රකාශය භාර දියයුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.

එකී ජනතා නියෝජිතයන් අතරින් අමාත්‍ය මණඩලයට පත්වන පිරිස් නැවතත් වත්කම් බැරකම් ප්‍රකාශ භාර දිය යුතු අතර ඒවා ජනාධිපතිවරයා වෙතද භාර දිය යුතු බව හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.



අදහස් (4)

වත්කම් බැරකම් නොදුන් අපේක්ෂකයන්ගේ නාම ලේඛනය අල්ලස් කොමිසමට

isuru Tuesday, 11 August 2020 05:12 PM

පහත් තැනින් යයි ගලා ජලේ...

:       0       0

sharm warn Wednesday, 12 August 2020 03:02 AM

පැරදිච්ච අය පොඩ්ඩක් පැත්තකින් තියමු. ඔය දින්නයි කියන උදවිය තමන්ගේ වත්කම්, බැරකම් කියලද තියෙන්නේ දැන් වෙනකොට? විශේෂයෙන් අද දිවුරුම් දෙන ලොක්කෝ ටික...

:       0       0

jagath Wednesday, 12 August 2020 05:29 AM

නම, ගම, ඡන්ද කොට්ඨාසය සහ දිස්ත්‍රික්කය ඇතුළු සියලුම විස්තර ඇතුළත් ලේඛනයක් සියලුම ඡන්ද දායකයන්ට දැනගැනීම පිණිස පලකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

:       0       0

Nimal Wednesday, 12 August 2020 06:35 AM

වහාම විෂ වෙදමහත්තයෙක් සූදානම් කරන්න ප්‍රතිකාර සඳහා... දැන් නයි, පොළොන්ගු, කරවලුන්, ගහන්න පුළුවන් මේ කට්ටියට. සමාවෙන්න පසුගිය කාලේ එහෙම සිදුවුණු නිසයි මෙහෙම යෝජනාවක් ඉදිරිපත් කළේ..

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site