(අමල් වික්‍රමරත්න සහ නිමල් අල්ගේවත්ත)

වෙඩි වැදීමකින් ලත් තුවාල සහිතව නාවික සෙබළුන් දෙදෙනෙකු සහ තවත් එක් පුද්ගලයෙකු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට  ඇතුලත්කර ඇත.

ඇල්පිටිය නුගේතොට ඉතාලිවත්ත නමැති ඉඩමේ පැවති  ඉඩම් ආරවුලක් මත  මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙම සිද්දියෙන් තුවාල ලබා ඇති නාවික සෙබළුන් දෙදෙනා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එච්.ජයසේන(23) සහ පානදුර ගජබා මාවතේ පදිංචි රුබේරු (36) අය බවත් අනෙක් පුද්ගලයා බද්දේගම බොරලුකඩ පදිංචි ටී.ජි.රංග (35) නැමැත්තෙකු බවත් පැවසේ.

වෙඩි තැබීම පිලිබඳව සහ නාවික සෙබළුන් දෙදෙනා මෙම සිද්දියට සම්බන්ධ වුයේ කෙසේද යන්න  පිලිබඳව ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.