(රංජන් කස්තුරි)
හම්බන්තොට වරාය නැවත රජයට පවරා ගන්නා බවට විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ප්‍රකාශ කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමකැයි කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
විජයදාස මහතාගේ එම ප්‍රකාශය ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තීන්දුවක් ගන්නා බවද කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීවේය.
COMMENTS
සාමුහික අපරාධ මේවා...!!! රටේ සම්පත් පිට රට්ටුන්ට විකුණන් කන එක මොන අපරාධයක්ද? කතා කරන එකත් වැරදිද දැන්... ?
ඔහු ඔබ වැනි වැරැදිකරුවකු නොවේ. ඔහු දේශප්‍රේමියෙකි.
සියළුදෙනා සාමුහිකව වැරැදි තීරණයක් ගත්තද? එකම පුද්ගලයකු හරි තීරණයක් ගනී නම් එය වැදගත්....
අපි විජේදාස මැතිතුමන් සමඟ.
රවී සහ විජේදාස දෙන්නම පක්ෂයේ විනය කඩකර ඇත. මොවුන් දෙදෙනාම පක්ෂයෙන් නෙරපා හැරිය යුතුයි.
සාමූහික වගකීම කියල 100 වැරදිදේ කියනකොට එක්කෙනෙක් හෝ ඒකේ වැරැද්දක් දකිනකොට ඇත්ත කතා කිරීම වැරදිද. සාමූහික වගකීම කියල රට විකුණන් කන්නද ඔබලාව මහජනතාව පත් කලේ,,,
රට පාලනය කිරීමට පෙර ප්‍රතිපත්තිගරුක මිනිසෙකු වන්න.
මේ මනුස්සයාගේ කටින් පිටවෙන වචන ජනතාව ගණන් ගන්නේ නැහැ. ඔය වචන වෙන පැත්තකින් අාපු වචන හැටියට තමයි ජනතාව පිළිගන්නේ.
මේ වගේ අය මොකට ආණ්ඩුවට ගත්තද? මේවා ඔයගොල්ලන්ගේම වැරදි. යවන එකම තමයි හොඳ...
ඒකනේ, මේ අය ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරන පිරිසක් නෙමේ කියන්නේ.
ප්‍රසන්න කියල තියෙන එක හරි
සාමුහික වග කීම කියන එකේ තේරුමවත් දේශපාලකයෝ දන්නවද කියල අපිටනම් සැකයි .
මේ අදහස් දාලා තියන උදවිය මේ පුවත මොකක්ද කියලා තේරුම් අරන් නැහැ . වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ කැබිනට් තීරණ කැබිනට් මණ්ඩලය තුල මිස එළියේ විවේචනය නොකළ යුතු සම්ප්‍රදායක් තියනවා. සාමුහිකව එකඟ වෙන්න බැරිනම් කැබිනට් ඇමැතිකමින් ඉල්ලා අස්වී ඕනෑතරම් විවේචනය කලහැකියි . ඇම්. ඩි. එච් ජයවර්ධන මහතා අය වැය (කටු තියන රෝස මලේ කතාව ) විවේචනය කිරීම සහ ගාමණී ජයසුරිය මහතා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වීම වැනි උදාහරණ ඕනෑතරම් තියනවා . ඒ මහතුන් වර්තමානයේ වගේ කාගේවත් න්‍යාය පත්‍ර වලට නොව තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කල මහත්මා දේශපාලකයින් . .
සාමුහික වගකීම කියන්නේ රට විකුණගෙන කන්න මෙහෙඅය දෙතුන් දෙනෙක් ගන්න තීරණ සියල්ල එකතුවෙලා ක්‍රියාත්මක කිරීමද? එයට වඩා වැදගත් නැත්ද රටේ ජනතාවගේ කැමැත්තට අනුව වැඩකිරීම. මොන පුරවසියද කැමති තමන්ගේ රටේ මර්මස්ථාන අවුරුදු 99 කට වෙන රටකට දෙන්න. එතකොට මේ රාජිත උන්නැහේගේ ඔක්කොම ප්‍රකාශ සාමුහික ඒවාද ?
විජයදාස රාජපක්ෂ මහතා වරාය නැවත රජයට පවරා ගැනීම ගැන ප්‍රකාශ නිකුත් කරනවානම්, ඔහු වරායට සැදීමට ගත් ණය, රටේ ආර්ථිකයට බරක් නොවන පරිදි නැවත ගෙවන ආකාරයත් පැහැදිලි කල යුතුයි. එසේ නොකොට, නිකම් වරාය නැවත රජයට පවරා ගන්නවා යයි කීමේ අර්ථයක් නොමැත. මේ ප්‍රකාශන, නිකම් මහජනයා මුලා කිරීමට කරන දේශපාලන ප්‍රකාශන පමණයි.
මෙතුමා පොහොට්ටු ලකුණ දරන කුණු කූඩෙට දාමු. හොරුන්ගේ නඩු යට ගැහුවාද?
රජ කාලේ සිටම අපේ සිංහලය එකාට එකා කාකොටා ගන්නවා. මේ රජයේ ඉන්න ඉරිසියාම කාරයා කවුද?
"සාමූහික වගකීම" කියන්නෙ රංචු ගැසීමද ?
225 න් 200 ක්ම වැඩකට නැහැ. දැන්වත් රට දියුණු කරමු.
එච්චරද නොකැඩී තිබුණේ සර්?
අර යුක්තිය ඉල්ලපු කොල්ලන්ට ඔලු පැලෙන්න ගැස්සෙව්වේ සාමූහික වගකීමෙන්ද මහත්තයෝ?
මේ අන්දරේ කියන ඒව කවුද ගණන් ගන්නෙ. මෙයා හොද ජෝකර් කෙනෙක් විතරයිනේ.