(සුජිත් හේවාජුලිගේ)
කොටි සංවිධානට යළි ගෙන ආයුතු යැයි ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබන සතියේ ලන්ඩන් බලා පිටත්වී යාමට නියමිතය.
ඇගේ පෞද්ගලික සංචාරයක් සඳහා මෙලෙස පිටත් වන බව ඇය ලංකාදීපයට පැවසීය.
ඇය සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජයෙන් බොහෝ විරෝධතා එල්ල වු අතර උතුරේ ඇතැම් ප්‍රදේශවල ඇයට පිළිගැනීමේ උත්සව පවා සුදානම් කර තිබිණි.
COMMENTS
මෙහේ ඉඳන් බැරිනම් පිටරටක ගිහිල්ලා හෝ ත්‍රස්තවාදී කොටි වන්දනාව කරන්නද මැය හදන්නේ? එක අතකින් රාජ්‍ය ඇමතිකම නැත්නම් ශ්‍රී ලංකාවේ ඉඳලත් වැඩක් නැහැ නේ ! "ඉබ්බා නැසුනේ කට හින්දයි" කියලා අපි කියන්නේ කට කහනවට නෙවෙයි නේද? ඔන්න එහේම පැල පදියම් වෙලා ඉන්න කියන්න... ඒක කාටත් හොඳයි.
ලන්ඩන් යන්න ඉස්සර මේ ගෑනිව හිරේ දාන්න. මෙයා පනින්නයි හදන්නේ.
මෙයටත් දේශපාලන රැකවරණය ඕනවෙලා වෙන්න ඕන. බොරුවට කොටි ආලයක් පෙන්නලා කතා දාල මිනිස්සු අවුස්සලා එයාගේ උවමනාව සඵල කරගන්නයි බලන්නේ.
ඕක අලුත් දෙයක් නෙමේ සමහර අය්යල මල්ලිලා ඇමරිකාවට දුවනවා. JVP කලින් හිටපු එක්කෙනත් එංගලන්තයට බැරි වෙනකොට දීවා. මෙයත් දුවන එහෙම එක්කෙනෙක් .
තමුන්ගේ ස්වාමිපුරුෂයා වුනු උමා මහේශ්වරන්ව ඝාතනය කරපු කොටි ඔළුවට ගත්ත මනුස්සයෙක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද. මෙයා බිරිඳක් කියන නමටත් අපහාසයක්. අන්තිමට උමා මහේශ්වරන්ව කොටි මැරුවේ මොන හේතුවටද දන්නේ නැහැ.
සංවිධාන වලින් දෙන මුදල් ත්‍යාගයක් ලබාගැනීමටත්, උත්සව වලටත් යනවා වෙන්න ඇති. සමහරුන්ගේ රැජිනකි දැන් විජයකලා.
කොටි වන්දන්නා කිරීම ඇයගේ පවුද්ගලික කටයුත්තක්. නමුත් 2009 සිට 2015 දක්වා නොතිබුන LTTE යට නැවත හිස ඔසවන්න දීම ගැන මේ රජය සම්පූරනයන්ම වගකිව යුතුය. වරදවා හිතන්න එපා මෙයා නැසුනේ නැත. ද්‍රවිඩ ජනතාව අතරේ මැයටහිමි තැන වැඩිවූවා මිස අඩුඋනේ නැත. මමද ඇයව අනුමත කරමි.
ශෝකයක් ඇහිවන තරමට දමිළයාගේ ජිවිතයේ වටිනාකමත්, සිංහලයාගේ ජිවිතයේ වටිනාකමත් එකිනෙකා තේරුම් ගත දිනයක ,අපි සම මිනිසුන් මිස ජාතිය නමැති කුලකයක හිරවී සිටින්නන් නොවිය යුතුය කියා හිතුණ දිනයක නැවත ශ්‍රී ලංකාවට එන්න.
මෙයාගේ පරීක්ෂණ ඉවර වෙනකම් පිටරට ගමන් තහනම් කල යුතයි. මෙයා එංගලන්තයට යන්නේ කොටි ඩයස්පෝරාව හම්බවෙලා උපදෙස් ගන්න
හොඳට හොයල බැලුවොත් මේ ගමන කියනතරමටම පුද්ගලික වෙන එකකුත් නැහැ. ඩයස් අයිය එහෙ බලාගෙන ඉන්නවා ඇති.
කියනතරම් මේ ගමන පුද්ගලික වෙන එකකුත් නැහැ. ඩයස් අයිය පොර උරෙත් තියාගෙන එහෙ බලාගෙන ඉන්නවා ඇති.
එයට ලන්ඩන් බැරිනම් අපායට හරි යන්න පුළුවන් මෙහෙ හිරගෙදරත් ටික දවසක් ඉඳල. එත් සහජීවනෙට අවුලක් වෙන්න පුළුවන් හින්ද තාම නීතිය බුදි.
පරීක්ෂණ නිමවෙනතුරු කොහොමද මේ අයට රටින් පිටවෙන්න අවසර දෙන්නේ.
ආයේ එන්ටනම් එපා මයේ අම්මා.
මතක් කරලා රටයන බද්ද ගෙවල යන්න
සියලුම සැප සම්පත්, උපකාර, ආරක්ෂාව එහෙ කට්ටියගෙන් ලැබේවි. ඔන්න බලන්න බොරු ද කියලා.
විග්නේශ්වරන් එක පාරක් කට ඇරියම අල්ලලා මහා උළු ගෙදර තිබ්බ නම් අනිත් සේරම සද්ද නැතුව ඉන්නවා.
වෙඩින් එකක්වත් තියනවද කොහෙද? රනිල් මහත්තයට කියලනේ යන්නේ අරය ගියාවාගේ අනේ පව්...
නිරායුධ පොලිස් නිලධාරීන් ඝාතනයට අණදුන් කරුණාට නියෝජ්‍ය ඇමතිකමක් දී පාර්ලිමේන්තුවේ ඉන්දවූ එකටත් මේවගේ විරුද්ධ නොවුනේ මන්ද?
මේ මාස 18 යන්න කලින් එල්.ටීටී.ඊ. පටන් ගනියි.
රනිල්ගේ යාලුවා මහේන්ද්‍රනුත් මහ බැංකුව බෑණාට කඩන්න දීලා රටින් පැන්නා. දැන් මෙයාත් පනිනවා. මෙහෙම තමයි මේ යහපාලන ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක කරන හැටි. දුප්පත් සාමන්‍ය මිනිස්සුන්ට තමයි අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ...
විජයකලාට දඬුවම් නොකර රටින් පිටවීමට ඉඩ දුන්නොත් 2020 නෙවේ මේ වසර ඉවර වෙනකල්වත් ජනපතිට හෝ අගමැතිට රට පාලනය කිරීමේ බලය නැති වෙන බව හොඳින් මතක තබාගන්න.
එල්.ටී.ටී.ඊ. ය නැවත ඕනේ කියපු විජයකලා ලන්ඩන් යන්නේ දෙමල ඩයස්පෝරාවේ සැලසුමකට අනුවයි. මැය රටින් පනිනකන් බලන් ඉන්න මේ රටේ නායකයෝ නිකන්වත් රට ගැන හිතන බවක් පේනවද..? අනේ අපට වෙච්ච දෙයක්.
අනේ එයාට විරුද්ධව පැමිණිළි විභාග වෙද්දි රට යන්නේ කොහොම ද? රටේ නීතියක් තියෙනවනේ. ත්‍රස්ථවාදය වැළැක්වීමේ පණත යටතේ බැරිද ක්‍රියාමාර්ගයක් ගන්න. පොත් පැන්සල් ගන්න පොල් ගෙඩි 8ක් හොරකම් කරපු ගෑණූ ළමයෙකුත් රිමාන්ඩ් කරපු තරම් තද නීති ලංකාවේ තියෙනවනේ.
එතකොට රිමාන්ඩ් එකට යවන්නේ බඩගිනි නිවා ගන්න පොල් ගෙඩියක් දෙල් ගෙඩියක් හොරකම් කරන ගමේ අහිංසකය පමණක්ද ? මහදවාලේ ප්‍රසිධියේ රටේ ආණ්ඩුක්‍රම වියවස්තව උල්ලංගනය කරන පුද්ගලයන් යවන්නේ ලන්ඩන් වලටද ? අනේ මෙහෙමත් පොලොසියක් , බලාගෙන ගියහම බජාර් එකේ රන්ජ කියන දෙය 100% ඇත්ත බව මට පෙනේ