IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


විජයකලා ප්‍රකාශය කළ උත්සවයේ සිටි මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට යයි

(නිමන්ති රණසිංහ)

 

එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එම රාජ්‍ය උත්සවයට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගෙන් සහ ඇමැතිවරුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා කතානායකවරයාගෙන් අනුමැතිය ඉල්ලා ලිපියක් යොමු කර ඇතැයි අපරාධ නිවාරණ කොට්ඨාස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු අනාවරණය කළේය.

 

එසේම, මෙම සිද්ධියට අදාළව තම කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් නිතිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් නිතිපති නියෝජනයක් ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට මෙතෙක් ප‍්‍රතිචාර ලැබී නැතැයි ද මෙහිදී අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

 

 



අදහස් (11)

විජයකලා ප්‍රකාශය කළ උත්සවයේ සිටි මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට යයි

Raveendra Friday, 20 July 2018 01:23 PM

එක අම්බරුවෙක් මෙසේ පැවසුවේය.. අනේ මට නින්ද ගිහින් හිටියේ.. එ් නිසා මම දන්නේ නැහැ... අනෙක් අම්බරුවා මෙසේ කියාගෙන ගියේය... අනේ මට මතක නැහැ... අනිත් අම්බරුවා මන්ද බුද්ධිකයෙක් ලෙස මෙසේ නන්දොඩවන්න විය.. එහෙම එකක් වුණාද ..? මම දැක්කේ නැහැනේ මම අර තනතුරට දවල් හීන බලමින් "කකුල්වල කුර" ගනිමින් හිටියේ..

:       0       263

Thumidu Friday, 20 July 2018 02:39 PM

විජයකලා අමතක කරන්න පෙට්‍රල් මිල වැඩිකළා.. දැන් මිනිස්සුන්ට එයාව මතක නෑ.

:       0       106

Chaminda Friday, 20 July 2018 03:02 PM

අන්තිමට ඕක බලන්න අාපු අයයි, ඕකට කෑගහපු අයයි වැරදිකරුවන් වෙලා තමයි නවතින්නේ...

:       0       60

rasika Friday, 20 July 2018 03:57 PM

නීතිපති උපදෙස් දෙන්නේ නැත්තේ අැයි? නීතිපතිව පත් කරන්නේ කවුද? එයා කියන විදියටද නීතිපති වැඩ කරන්නේ.. එහෙම වුනොත් මුළු නීතියම දේශපාලනීකරණය වෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ස්වාධීන කරන්න ඕනේ.

:       0       95

රත්නමලල Friday, 20 July 2018 05:57 PM

ඔය සේරම ඉවරවෙලා එනකොට පෙරහැර ගිහින් ඉවර වෙලා තියේවි

:       0       40

Kumar Friday, 20 July 2018 06:22 PM

කතා කිරීමේ නිදහස තියෙන්නේ ආණ්ඩුවේ හොද කියන්න විතරද? ඔය සමාජවාදී අය තරහා ධනපතිවාදී ඇමෙරිකාවෙත් ඕනදෙයක් කියන්න නිදහස තියෙනවා. කෙනෙකුට තර්ජනය කරන්න බැරි එක පමණි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කතාකිරීමේ නිදහස නැද්ද?

:       13       0

අබේසේකර Saturday, 21 July 2018 12:25 AM

අවුරුදු හතක්වත් යනකන් ප්‍රකාශ සටහන් කරගත යුතු බව ශ්‍රී ලාංකික අපේ පැතුමයි.

:       0       32

Bamunuarachchi Saturday, 21 July 2018 12:54 AM

මොකද ඔය මිනිස්සු විජයකලාට විරුද්දව කතා කරයි කියලා හිතනවාද?

:       0       20

de silva Saturday, 21 July 2018 07:41 AM

නිකන් අපිව මෝඩයන්ට අන්දවන්න හිතන්න එපා

:       0       85

Bamunuarachchi Saturday, 21 July 2018 04:14 PM

ඔව් මම එතන සිටියා විජයකලා දෙමලෙන් කතා කලා මොනවාද කීවේ කියා මම දන්නේ නැහැ දෙමලෙන් කීව නිසා. එල්ටීටීඊ ඒක ගැන දෙමලෙන් කීවා මම හිතුවා එල්ටීටීඊ එකට බනිනවා කියලා ඉතින් මම අත්පුඩි ගැසුවා. ඔන්න දෙන උත්තරය.

:       0       0

anura Sunday, 22 July 2018 10:04 AM

අවසාන උත්තරය කවුරුත් දන්නවා. ඒත් මෙම පරීක්ෂණ සඳහා මහජනතාවගේ මුදල් නාස්ති කරන එක තමයි ප්‍රශ්ණය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1318 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site