අංජුල මහික වීරරත්න
විජයකලා මහේෂ්වරන් මහත්මිය රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වුවාද ඇයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇති විනය පරික්ෂණ අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙනු ලැබිය.
විනය පරික්ෂණ පවත්වන විනය මණ්ඩලය හෙට (6) දිනයේ දී ප්‍රකාශයකට පත් කිරිමටද නියමිතය.
යාපනය වීරසිංහ ශාලාවේ පැවති උත්සවයක දී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදිත් පිටතදීත් මතබේදාත්මක තත්වයක් ඇතිවිය.
අදාළ ප්‍රකාශය කිරීමට හේතු විමසීම සඳහා විජයකලා මහේෂ්වරන් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹට කැඳවනු ලැබු අතර ඊයේ (4) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් විකමසිංහ මහතා හා විජයකලා මහේෂ්වරන් මහත්මිය අතර හමුව අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
COMMENTS
විජයකල්ගේ ප්‍රකාශය පිළිකුලින් හෙළාදකිමි එයට විරුද්දව අනිවාර්යෙන් විනය පරීක්ෂණ කලයුතුයි. එදා මහින්ද රාජපක්ෂ පාලන සමයේ පුජ්‍ය ඥානසාර අලුත්ගමදී කල ප්‍රකාශය නිසා ජිවිත හානි සහ දේපල හානි සිදුවුණා නමුත් කිසිකෙනෙක් මේවිදියට දැඟලුවේ නැත එදා ඔහුටත් මෙවන් ක්‍රියාමාර්ග ගත්තේනම් ඉතාවටිනවා.
මෙහම තමයි රවී කරුණානායකටත් විනය පරීක්ෂණ තියල අවසානයේ තිලක් මාරපණ වාර්තාව අනුව ඔහුව පක්ෂයේ උප නායක ධුරයෙන් නෙරපන්නත් යෝජනා කළා. අවසානයේ මොකද්ද වුනේ, නැවතත් ඔහුව පක්ෂයේ උප නායක ලෙසත් පත්කරලා, ඇමැතිකමටත් යෝජනා කළා. අපිට මතකයි තිලක් මාරපණ සහ විජේදාසලත් ඇමතිකමෙන් ඉල්ලා අස්වුණා, අයින්කලා. දැන් ආයිමත් ඇමතිවුනා. විජයකලාටත් ඕකමයි වෙන්නේ ඉදිරියේදී. මේ අගමැති ගෙන විශ්වාසයක් තියන්න පුලුවන්ද?