නාලක සංජීව දහනායක
දෙමළ ජනතාවට භීතියෙන් තොරව නිදහසේ සිටීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත හිස එසවිය යුතු බවට වනිතා හා ළමා කටයුතු ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රජය කඩිනමින් ක‍්‍රියාමාර්ග ගත යුතු බව ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.
පසුගිය සතියේදී උතුරු පළාතේ ප‍්‍රදේශ කිහිපයකින් අවි ආයුධ හමුවීම හා උතුරේ කෝවිලක පෙරහැරක් සඳහා ඊළාම් කොඩි ප‍්‍රදර්ශනය කිරීම වැනි සිදුවීම් හේතුවෙන් ඇමැතිවරියගේ ප‍්‍රකාශය කිසිසේත්ම හුදකලා ප‍්‍රකාශයක් ලෙස සළකා බැහැර කිරීමට හැකියාවක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියලූම දෙනා ඒකීය රාජ්‍ය ආරක්‍ෂා කරන බවට ප‍්‍රතිඥ්ඥා දෙන බවත් එම ප‍්‍රතිඥ්ඥාව කඩකරීමේදී ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිවම සඳහන් වන බවත් ඔහු පැවසීය.
මෙවැනි ප‍්‍රකාශ සිදුකරන තැනැත්තන් සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීමට රජයට හැකියාවක් නැති බවත් පසුගිය රජය සමයේදී මෙවැනි ප‍්‍රකාශයක් සිදුකළේ නම් මහින්ද රාජපක්‍ෂ මහතා එයට එරෙහිව කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේ දී අද (3) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත, ඇත්ත, කඩිනම් පියවර කියන්නේ පුදුමාකාර කඩිනමක් තමා තිබුණේ........... අර කාගේද කුඩු වගයක් එස්.ටී.එෆ්. එකෙන් අල්ලපු වෙලාවෙත් මෙන්න පැය ගානෙන් මෙයා එතන. හරිම කඩිනම් තමා.
ඔව් ඒක හරි. මහත්තයෝ අර පගාව ගත්ත එකටත් මොකක් හරි කරන්න කියමු නේ?
යුද්ධය නිමාවී වසර 8 කට පසුව උතුරේ දේශපාලකයින්ට එල්ටීටීඊ සංවිධානය හොඳයැයි පවසන්නට හැකි සමාජ දේශපාලන පරිසරයක් තවමත් ඒ පළාත් තුල පවතින්නේ ඇයි? උතුරේ දෙමළ ජනතාව මේ ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයක් නොදක්වන්නේ ඇයි? උතුරේ දේශපාලකයින්ට දකුණේ මෙන් තවමත් ජාතිය පදනම් කරගත් පටු දේශපාලනයක නියැලෙන්නට හැකි ඇයි? වසර 8කට පසුත් ඔවුන්ගේ සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රශ්න නොවිසඳී තිබීම එයට හේතුවද? උතුර තවමත් සිටින්නේ 2009 ට පෙර සිටි මානසිකත්වයේමද? වසර 8ක් පුරා ඒ තත්වාරෝපිත මනස වෙනස් කිරීමට දකුණ අසමත් වූයේ ඇයි? විජයකලා,විග්නේෂ්වරන්,සිවාජිලිංගම්ලාට රිසිසේ ගිණි බෝල ගහන්නට අවශ්‍ය පොළොව දකුණ විසින් වෙනස් කිරීමට අසමත් වීම නිසා උතුර දකුණ රාජ්‍යයන් දෙකක් ලෙස තව දුරටත් පැවතීම සහ වසර 8ක් පුරා සැබෑ සංහිඳියාවකට යාමට අසමත් වීම එයට හේතුවද?අප මේ රංචු පිටින් ගල් ගසන්නේ ඒ ඵලයටයි. සැබෑ හේතුව තවම අපි බලෙන් අමතක කරමින් සිටින්නෙමු.හේතුව සැබෑ ප්‍රශ්න නොවිසඳුණු උතුරේ ගිනියම් මහපොළොවයි. දකුණේ සමහරු කල දුටු කල වළ ඉහගනිමින් උජාරුවට ඒ ගින්නේ බතල තම්බති.දෙකොන ගිණි ගෙන දැවෙන මේ කෝලමේ අවසානය තවත් ඛේදවාචකයක් වියයුතුද?