IMG-LOGO

‘විජයකලාගේ ප්‍රකාශයට නීතීය ක්‍රියාත්මක කිරීමට පෙර රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි‘

(නාලක සංජීව දහනායක)


කොටි සංවිධානය නැවැත බිහිවිය යුතු බවට කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂවල නීතිය ක‍්‍රියාත්මක කිරීමට පෙර රටේ නීතිය ක‍්‍රියාත්මක කළ යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (04) පැවසීය.


එමෙන්ම ආණ්ඩුවේ නොවන වෙනත් පුද්ගලයකු ප‍්‍රකාශ කළේ නම් ආණ්ඩුව ඉතාම ඉක්මනින් ඔහු අත්අඩංගුවට ගනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා කීය.

බත්තරමුල්ලල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී   පැවැති උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.


 හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය. 

          
මේ රටේ සැබෑවටම සංහිදියාව ඇති කළේ අපියිග එදා එල්ගටීගටීගඊ සාමාජිකයන් 12500ක් පුනරුත්ථාපනය කරලා සමාජගත කළා. අද ඔවුන් පොලීසියල සිවිල් ආරක්‍ෂක බලකායේ රැකියා කරනවා. සැබෑ සංහිඳියාව කියන්නේ ඒකයි.


 නැවතත් කොටි සංවිධානය බිහිවෙන්න  ඕන කියන තැන සංහිඳයාවක් නැහැ. වෙන කෙනෙක් ඔය කතාව කිව්වනම්  දැනටමත් අත්අඩංගුවට අරගෙනග පක්‍ෂයේ විනය කියන්නේ එකක්. රටේ නීතිය කියන්නේ තව එකක්. පක්‍ෂයේ විනය රකින්න කළින් රටේ නීතියට ගරු කරන්න  ඕනග ඒ නිසා පක්‍ෂයේ විනයට කලින් රටේ නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි.


 අද උතුරේ නීතියක් නැහැ. පොලීසියට පාරේ බැහැල යන්න බැහැ.  දකුණු ඉන්දියානු චිත‍්‍රපටිවල තිබෙන ස්වරූපයට එහේ සමාජය සකස් කරගෙන යනවාග මේ තත්ත්වය පාලනය කරන්න ආණ්ඩුවේ නායකයන්ට නොහැකි යැයිද කීය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

         
 



අදහස් (15)

‘විජයකලාගේ ප්‍රකාශයට නීතීය ක්‍රියාත්මක කිරීමට පෙර රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි‘

shan saudi Wednesday, 04 July 2018 12:30 PM

සහතික ඇත්ත වැරදි කල හා කරන සැමට දිය යුතු උපරීම දඩුවම් දෙමින් විජයකලාටත් දඩුවම් කල යුතුයි.

:       0       19

sirimal Wednesday, 04 July 2018 12:36 PM

වටිනා කියමනක්. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කෙරෙනවානම් ඔය කියන හැටහුට හමාරක්ම ඉන්න ඕනෑ ආණ්ඩුවේ උළු ගෙදර ජනෙල් කම්බි ගැන ගැන. අපටත් කියන්න තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියලා තමයි

:       1       38

පිටිගල මිලානෝ Wednesday, 04 July 2018 12:51 PM

ඔව් ඔව්. අර කේපීට, කරුණට ඔබේ කට්ටිය කළා වගේ. නේද අයිබෝන්...!

:       2841       743

surath Wednesday, 04 July 2018 01:13 PM

එම ප්‍රකාශය හරියටම හරි

:       0       44

Buddika Wednesday, 04 July 2018 01:15 PM

ඒක ඇත්ත. නීතිය ක්‍රියාත්මක කල යුතුමයි.

:       0       25

sena Wednesday, 04 July 2018 01:19 PM

රටේ නිතිය හරියට ක්‍රියාත්මක වුනානම් ඔබතුමා වටේ ඉන්න අයගෙන් බාගයකටත් වඩා ඇතුලේ.

:       325       812

rocky Wednesday, 04 July 2018 01:31 PM

ඒකම තමයි අපිත් කියන්නේ!

:       58       109

සතයපාල Wednesday, 04 July 2018 02:13 PM

අද මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුනා නම් අපි කවුරුවත් අද මෙතන නැහැ, ඒ වුනාට විජයකලාට විතරක් හරී නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනා

:       5       0

අරුන Wednesday, 04 July 2018 02:31 PM

අපිටත් තියෙන ප්‍රශ්නය ඒක තමයි. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුනානම් බහුතරයක් දේශපාලුවෝ ඉන්න ඔනි ඇතුලේ.

:       0       7

nuwan Wednesday, 04 July 2018 02:44 PM

කේ.පී., කරුණා අද කියන්නේ නැනේ, එල්ටීටිඊ එක ඕනේ කියල. ජවිපෙ එකේ සාමාජිකයන් කියන්නෙත් නැනේ අද සන්නද්ද අරගලයක් ඕනේ කියල. නමුත් උතුරේ විජේකලා දැන් කියන්නේ මොකක්ද එල්ටීටිඊ එක ඕනේ කියල.. මුලින්ම වර්තමාන තත්වය බලන්න. මේක ජාතික ප්‍රශ්නයක්, ජාතික තර්ජනයක්. මුළුමහත් ශ්‍රී ලාංකිකයන්ටම බලපාන, බෝම්බය, පක්ෂය හෝ ජාතිය හදුනන්නේ නැත. සැවොම විනාශ කරනවා. මේක දේශපාලනීකරණය කරන්න එපා. මුලින්ම හිතන්න අපිට නැවත යුද්දයක් ඕනෙද කියල? දෙමල දේශපාලකයන්ට නැවත යුද්ද ඕනේ ඇයි? අපි ඉස්සර පාසල් බයෙන් ගියා වාගේ ඔබට ඔබේ දරුවාව ඉස්කෝලේ යවන්න ඕනෙද? අම්මයි , තාත්තයි ඔෆිස් ගියේ බස් දෙකේ. බෝම්බයක් ගියොත් එක්කෙනෙක් හරි ඉතුරුවෙයි කියල.. අපිට ඕනේ සිංහල, දෙමල, මුස්ලිම් එකට ඉන්න. නමුත් කවුද සංහිදියාව නැති කරන්නේ..ඒ අයට දඩුවන් දෙන්නම ඕනේ..

:       1       141

hiraan Wednesday, 04 July 2018 03:21 PM

ඔන්න වැට පැන්නා. කෙහෙල් මුවට කලින් කෙහෙල් කැන පැනලා.

:       23       2

jatyantha Wednesday, 04 July 2018 03:26 PM

ජනතාව අන්දන හැටි මෙන්න .

:       27       2

ධනුෂ්ක Wednesday, 04 July 2018 03:49 PM

රටේ නීතිය නේද? රටේ මොන නීතියද පොඩි මිනිහට තියන නීතියද? ලොකු මිනිහට තියන නීතියද? පොඩි මිනිහට තියන නීතියනම් හරියට වෙනවා. ලොකු මිනිස්සුන්ට තියන නීතියනම් මම හිතන්නේ වෙන්නේ නෑ. විජයකලාත් මොනවා වුනත් ලොකු කෙනෙක්නේ එයටත් එ්නිසා ලොකු අවුලක් වෙන එකක් නෑ.

:       0       9

isurandi Thursday, 05 July 2018 04:19 AM

රටේ නිතිය වල්වැදුනම එහෙම තමයි. බලවතාට එක නීතියකුත් පොඩි මිනිහට තව නීතියකුත් වෙන්න බැහැ.

:       0       0

kalani Thursday, 05 July 2018 05:35 AM

විජයකලා නැව් තිබෙන ඉතාම ධනවත් කාන්තාවක්. දේශපාලනය කරන්නේ එම දේපල රැකගන්න. අනික එක ප්‍රබල ඇමති කෙනෙක් කියලා තිබුණා රටේ නීති දෙකක් ක්‍රියාත්මක වෙන බව. මේ ප්‍රශ්නයත් දවස් දෙකක් තිබිලා යට යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site