(ඉන්දිකා රාමනායක)
ලියුම් බෙදන මුවාවෙන් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි ලියුම් බෙදන්නෙක් රුපියල් ලක්ෂ 2 ට ආසන්න වටිනා මත්කුඩු සමඟ බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල තැපැල්හළට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පුද්ගලයෙක් බවද පොලිසිය පවසයි.
මෙම සැකකරු කාලය පටන් ලියුම් බෙදීමේ මුවාවෙන් මත්කුඩු බෙදන බවට පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත නිලධාරීන් පෙරේදා පස්වරුවේ දෙමටගොඩ දී වැටලීමක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ ලියුම් අතර හොරොයින් ග‍්‍රෑම් 21 යි මිලි ග‍්‍රෑම් 200 ක ප‍්‍රමාණයක් තිබු බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අද (12) මාලිගාකන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කර දින 7 රැදවුම් නියෝග ලබාගෙන ප‍්‍රශ්න කරමින් පසුවේ.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලියුම් බෙදන්නා මත්කුඩු සමඟ අත්අඩංගුවට