ලන්ඩන්හිදීය (රොයිටර්)
බටහිර ලන්ඩනයේ උමං දුම්රිය මාර්ගයක පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
දුම්රියක් තුළ පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වූ තිබෙන අතර ආයුද සන්නද්ධ පොලිසිය අදාළ ස්ථානය වෙත කඩිනමින් ගිය බව ද එරට වාර්තා සඳහන් කරයි.
ගිලන් රථ හයක් සහ ගිනි නිවන රථ බටහිර ලන්ඩනයේ සිදුවීම වාර්තා වූ ‘පාර්සන්ස් ග්‍රීන්’ උමං දුම්රිය මධ්‍යස්ථානය වෙත පැමිණ තිබේ. එම ස්ථානයට හෙල්කොප්ටර් යානයක් ද පැමිණ ඇතැයි වාර්තා විය. පිපිරීමෙන් පිරිසකට පිළිස්සුම් තුවාල සිදුව ඇති බවත් තෙරපීම නිසා තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් බි්‍රතාන්‍යයේ මෙට්‍රෝ පුවත්පත වාර්තා කර තිබිණි.
බි්‍රතාන්‍යට මේ වසරේදී ප්‍රධාන පෙළේ ප්‍රහාර 4ක් එල්ල වූ අතර එම ප්‍රහාරවලින් 36 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම ප්‍රහාර සියල්ලම ත්‍රස්ත ප්‍රහාර ලෙස නම් කර තිබිණි.
-055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සු ගැන කණගාටු වෙන අතර , අපේ රටේ මෙහම වෙනකොට ඔවුන් ඒවාට උල්පන්දම් දුන්නා. ඇඩෙලා බාලසිංහම්, සයනෛඩ් කරල් කරේ එල්ලුව එක ගැන යුධ අපරාධයක් නෙමේ . ඈ ඉන්නේ එහෙ.
දැන් හරිනේ ..! බ්‍රිතාන්‍යයේ උදවියට.. 80 ගණන් වල ඉඳලා මානව හිමිකම් රකිමින් අහකයන නයි රෙද්ද අස්සේ දාගෙන ඉඳලා ..! අපිට එකල ත්‍රස්තවාදී තර්ජන තිබුණෙම නැහැනේ.. ඔහෙලාට අනුව.