වත්තල, හැඳල ලාදුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්රීමට ගත් තීරණය නිසා ඊට එරෙහිව ගම්වැසියන් සංවිධානය කළ උද්ඝෝෂණය අද ( 06) දෙවැනි දිනටත් පැවැත්වෙයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ අධික රථ වාහන තදබදයක් ද පවතී.
කොරෝනා වයිරසය (කොවිඩ් 20-19) ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ලාදුරු රෝග රෝහල මෙරට පළමු නිරෝධායන මධ්‍යස්ථානය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේය.
මෙම වෛරස් පැතිරීම වැළැක්වීම සඳහා පූර්වාරක්ෂාවක් ලෙස ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය වැනි විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මගීන් මෙම නිරෝධායනය මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.




( ඡායාරූප - ළහිරු හර්ෂණ)
COMMENTS
මේ මිනිස්සුන්ට ජීවිත කාලයක්ම ලාදුරු රෝහල අස්සේ ගෙවල් හදාගෙන ඉන්න පුළුවන්... රෝහලකට බෝවෙන රෝගීන් ගෙනෙනවට ගම්වාසීන් විරුද්ධ වෙනවා නම් අර උණ රෝහල අවට ඉන්න මිනිස්සුත් පාරට එන්න තිබුණනේ... රෝහලට ගෙනෙන අය රෝගීන් කියලා තහවුරු වෙලාවත් නැතුව මොකද්ද මේ හැදිලා තියෙන ගාය? මේකට රෝහලේ ඉන්න නේවාසිකයින් විරුද්ධ වෙලා නම් හිතන්නවත් තිබුණා. මේ මිනිස්සුන්ගේ නූගත්කම මාකට් කරන්නේ නැතුව කරුණු පහදලා දීලා මේ අයව උසි ගන්වන අයට විරුද්ධව නීතියෙන් කටයුතු කරන්න.
හොස්පිටල් එක වටේ ආන්ඩුවේ ඉඩම්වල බලෙන් ගෙවල් හදාගන්නකොට ඕවා හිතුවේ නැද්ද. මේවා ඈතට වෙන්න හැදුවේ හේතුවක් ඇතිව. ඒක අස්සේ ගෙවල් හදාගෙන දැගලුවට වැඩක් නෑ.
මේ මිනිසුන් ව දැනුවත් කරන්න. නිරෝධානය කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැතිව ඇති. මේ විරෝධය මහා අශීලාචාර එකක්.
"කිසිවෙකුටත් රෝග ප්‍රතික්ෂේප කළ නොහැක" ජීවිතය වටහා නොගත් මිනිසුන් තම මව් දෙමාපියන්ද අසරණ රෝග තත්වයකදී ප්‍රතික්ෂේප කරාවි.. වසර 500ක පමණ තමන් පමණක් ජීවත්වෙන්න හිතන මිනිසුන් මේ පින්බිමේත් ඉන්නවා.. වැලිසර පැත්තේ විපතේදී පිහිට වීම බුදුදහමේ ඉගැන්වෙනවා... රෝගී වූ කාන්තාවක් ප්‍රතික්ෂේප නොකර රැකබලාගෙන ප්‍රතිකාර කර මල් මිටක් සමග තම රටට යවා ගෝලීය ප්‍රසංසාවට ලක්වුණු මාතෘභූමිය නිගරු කරන මෙවන් අධම මිනිසුන් අප අතර සිටීම කණගාටුවක්... මෙවුන් අසනීප වුණොත් ගෙනියන්න වෙන්නේ අඟහරු ලෝකයට...
මෙහෙමත් කුහක අමනුෂ්යකමක්..?
මෙන්න අපේ සිංහල බෞද්ධකම... රෝගීන්ට සලකන්න දන්නේ නැහැ..
මේ ප්‍රශ්නේ දිහා මානුෂිකව බලන්ඩ බැරි ඇයි ?
මොලේ උඩ ඉන්න මෝඩ මිනිස්සු නේද? මනුස්සකම පිළිබඳ කිසිම හැඟීමක් නැති සදහටම ජීවත් වෙන්න ආපු අය කියලා හිතාගෙන ඇති...
අපේ මිනිස්සු කොහේ යන්නද? ජීවිත කාලය පුරා තමන්ගෙ ජිවන තත්ත්වය උසස් කරගන්නා අතරතුර මව්බිමද පෝෂණය කළ ඒ මිනිසුන්ටද මේ අය විරෝධය පලකරන්නේ ? මිනිසුනේ රටේ ශිෂ්ඨත්වය විනාශ නොකර රජයේ ඉඩම් වලින් පලයව්. නිසි බලධාරීන් ඉදිරිය ගැන සිතන්න. ඉදිරි ප්‍රයෝජනයට මොවුන් රජයේ ඉඩම් වලින් ඉවත් කිරීමට පියවර ගන්න.
හොඳ කොරෝනා කාරයෙක් මැදට දාලා මිනිස්සු බදාගෙන හොටු ගෑවානම් උද්ඝෝෂකයන් දුවන පැත්ත හොයාගන්න බෑ..
කතෝලික අය කොහේද හිටියේ?