(අංජුල මහික වීරරත්න)
ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා අපනයන ආර්ථිකය දිරි ගැන්වීමට විශේෂ වැඩ පිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල කටුපොත දී පැවසීය.
ආනයන සීමා කළ විට ඒ වෙනුවෙන් රටෙන් පිට වන ඩොලර් ප්‍රමාණය මෙරට තුළ ඉතිරිකර ගැනීමට හැකිවන බව කී අග්‍රාමාත්‍යවරයා ඒ මගින් ජනතාවට යම් සහනයක් දිය හැකි යැයි සඳහන් කළේය.
ඇමෙරිකාව හැර ලෝකයේ සෙසු රටවලට බලපා තිබෙන ආර්ථික අර්බුදය ලබන වසර දක්වා ව්‍යාප්ත වනු ඇති බවත් ඊට මුහුණ දීමට කෙටි කාලීන පියවරක් ලෙස ආනයන සීමා කිරීමට සිදුවන බවත් අග්‍රාමාත්‍යවරයා කීය.
ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමට තිබෙන විශාලතම බාදකය රාජපක්ෂ යුගයේ දී ගත් විශාල ණය ප්‍රමාණය බවද මේ වසරේදී ඩොලර් මිලියන 3000 ක් සහ ලබන වසරේදී ඩොලර් මිලියන 4000 ක් ලෙස රාජපක්ෂ රජය ගෙවිය යුතුව තිබිණි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
රාජපක්ෂ යුගයේ දී ගත් ණය ගෙවීමට නොතිබුණා නම් රුපියල මේ තරමටම බාල්දු නොවන බවද අග්‍රාමාත්‍යවරයා කීය.
ගෝලීය ආර්ථික අර්බුදය නිසා ලෝක ආර්ථිකය ද වෙනස් වී තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ඊට මුහුණ දිය හැකි රටවල් සාර්ථක වන අතර මුහුණ දීමට නොහැකි රටවල් අසාර්ථක වනු ඇතැයි ද පැවැසීය.
ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා යහපාලන රජයට ශක්තිය තිබෙන බවත්, මේ කාලයේ දී සියලු ප්‍රශ්නවලට මුහුණ දී අනාගත පරපුර වෙනුවෙන් හොඳ රටක් නිර්මාණය කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කුරුණෑගල - කටුපොත පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා එසේ පැවසුවේ වත්මන් ආර්ථික තත්ත්වය විග්‍රහ කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පිස්සුද? රුපියල රැකගන්න වෙන කරන්න දෙයක් නැහැ. පච කියනවා.....
ඔය 225 තමා අපනයනය කරන්න තියෙන්නේ
දැන්ද මතක් උනේ...... අනික අපනයන එක රැයකින් කරන්න පුලුවන් දෙයක් වගේ කතාව....
දැනුයි මෙයා නින්දෙන් ඇහැරිලා තිබෙන්නේ. මොන කෙන්ගෙඩියක් අපනයනය කරන්න ද? රටේ රෙදි නිෂ්පාදනය වගේ නිෂ්පාදන කීයක් නුඹලා නිසා වසා දමන්න උනාද? රෙදි පිටරට යවන එක කොහොම උනත් පිටරටින් ගෙන්වන එක නවතා ගන්න තිබුණා. සමහර බහුජාතික සමාගම් මෙරට හැර ගියා. දැන් කොරන්න දෙයක් නැහැ පළමුව ජාතික ධනය කන ඇමතියන් ගණන අඩු කරයුතුයි. දැන් නුඹලාට අපනයන දිරිගන්වන්න කාලයක් නැත. බඩු පොදී බැඳගෙන යන්න කාලය ඇවිල්ලය.
කියනවා විතරයි, මොකද්ද වැඩ පිළිවෙල?
අර කියමනක් තියනවනේ වතුර ටික නටනකම් උඩ පැන පැන තප්පුලනවා කියල .ඒ කියමන හරියටම හරි.
හානේ දැන් ද දිරිගන්වන්නේ...!
ලෝකයේ ආර්ථික අර්බුදයක් ඇතිවෙන බව ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි අදයි දන්නේ... නිකම් අපරාදේ රට වැසියන්ව ගොනාට අන්දනවා. මේ රටවලත් ප්‍රශ්න තිබෙනවා හැබැයි ලංකාවේ යන්නේ වෙනම සෙල්ලමක්...
ඔය කියන විදිහේ මහා විශාල ගෝලීය ආර්ථික අර්බුදයක්නම් ලෝකයේ නැහැ .. රටවල් කීපයක යම් ගැටලු තියනවා ඒත්.. ඔය කියන විදිහේ අර්බුදයක්නම් නැහැ , නටන්න බැරි උන මිනහා පොළොව ඇදයි කියනවා වගේ කතාව ඕක. කරන්න බැරි පොරොන්දු දීලා බලයට ආවහම..... ඔහොම තමයි ........ විශේෂයෙන් රජයේ සේවකයන්ට රුපියල් දසදහසක පඩි වැඩිකලා. රජයේ ආදායම ඉහළ නංවන්නේ නැතුව, ඒ නිසා තමා රට මේතරම් ආර්ථික අර්බුදයකට මුහුණ පෑවේ...
විශිෂ්ට ප්‍රකාශයකි මැතිතුමනි..... ඔබතුමා නලුවෙකු නොවී මොළයක් වුණ නිසා රට ගොඩ ගියා .
අැයි ඉස්සර කිව්වේ වගා කරන්න එපා අඩුවට රටින් ගේන්න පුළුවන් කියලා මත්තල හාල් සත්තුන්ට වික්කේ තුට්ටු දෙකට. දැන් සනීපද?
රාජපක්ෂ ණය... රාජපක්ෂ ණය... කිය කියා මේ අවුරුදු තුනහමාරම ගතවුනේ. රාජපක්ෂ ණය බේරන්න තමයි මේ ආණ්ඩුව පත් කලේ. මේ වනවිට රාජපක්ෂ ණයෙන් යම් ප්‍රමාණයක් අඩුකරලයි තියන්නේ...
ඔය කියන ලෝකෙටම බලපාන ආර්ථික අර්බුදය ඇතිවෙලා තියෙන්නේ රාජපක්ෂ ගත් ණය නිසාද?
ඔය තරමට රාජපක්ෂ ණය ගෙවන්න තිබ්බා නම් මොන කෙහෙල්මලටද දාහක් බොරු පොරොන්දු දිලා ආණ්ඩුව ගත්තේ.. මරුනමත් කියයි, රාජපක්ෂලගේ ණය නිසයි මැරුනේ කියලා... *රටකට ඕනෑ අපමණ අගයක්... ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්* එහෙම කියලා අරගෙන මාස 60 අලුත් රටක් කියලා කෙරුවා නේද? නන්නත්තාර රටක්... මෙ රටට කරපු විනාශයට මරණින් මතු සත්වලොකයේ තමයි උපදින්නේ.. සුලුවට හරි යමක් කරලා තියනවා නම් සමනලයෙක් වෙලා උපදීවා.. කොහොමත් සමනල සෙට් එකනේ රට පාලනය කරන්නේ...
රංග මයා වෙත, නිල මැස්සන්, කබරගොයින්, කැස්වටුවන්, පාදඩයින් ලෝකයේ කිසිඳු රටක් අපනයන භාණ්ඩ ලෙස නොගන්නා බව ඔබ නොදන්නේද?
ගෝලීය ආර්ථික අර්බුදය තියෙන්නේ, මොන ග්‍රහලෝකයේද කියලා දන්න කෙනෙක් කියනව ද?
මුළු රටේම සල්ලි ටික හොරා කාලා දැන් වැදී බණ කියනවා... රට නැත්තටම නැති කළා. රටේ කිසිම පාලනයක් නැහැ.. අහිංසක මිනිස්සුන්ට තියෙන දෙයක් කාලා ජීවත් වෙන්නවත් බැරි තත්වයක් දැන් රටේ උදා වෙලා තියෙන්නේ... 2020 වෙනකම් අපි බලන් ඉන්නේ ...