(අනීෂා මානගේ)
රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුතු බව කියන අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයන්ට හමුවී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අද (14) බාර දී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
කිලෝග්‍රෑම් තුනක් සහ ග්‍රෑම් 172ක් ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබේ.
කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා ධීවරයන් හයදෙනකු රැගෙන පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවේ ගමන්ගත් ධීවරයන්ට මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය හමුව ඇතැයි පොලිසිය කියයි.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක නිෂ්පාදිත යැයි සැකකරන ඇසුරුම්වල ඔතා තිබී ඇති අතර එලෙස එතූ පැකට් තුනක් මෙහි තිබී ඇතැයි පොලිසිය කියයි.
ත්‍රිකුණාමලය වරායට නැගෙනහිර මුහුදේ සිට සැතපුම් 120ක් පමණ දුරින් මුහුදෙහි පාවෙමින් තිබියදී මේවා ධීවරයන්ට හමුව තිබිණි.
දැනට දින හතකට ඉහතදී මෙම අයිස් තොගය සොයාගෙන තිබූ අතර අද (14) එම ධීවරයන් කුඩාවැල්ල ධීවර වරායට පැමිණි පසු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාර දුන් බව බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු වන කුඩාවැල්ලේ පදිංචි සමන් පුෂ්පකුමාර මහතා පැවසීය.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කවුරුන් විසින් මෙලෙස ගෙනා දමන්නට ඇත්දැයි මෙතෙක් සොයාගෙන නොමැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ..., ඕවා මැදමූලනේ අයට ගිහින් දෙන්නනේ තිබුනේ..?
අද මෙතනම තියෙනවා කුඩු අල්ලපු පුවත් තුනක්. දැන් දවස ගානේ කුඩු ප්‍රවෘත්තියක් තියෙනවාමයි. කුඩු කාරයන කොහොමද එකපාරට මෙහෙම ඔලුව ඉස්සුවේ? එලියට එනවයි කියන සන්තෝසෙටවත්ද?