IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලක්ෂ 23ක් රට පටවන්න හැදූ අයෙක් දැලේ

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකා රුපියල් විසි තුන් ලක්ෂ විසි දහසක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ බව කියන කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු (46) අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා පවසයි.

රුපියල් 20,000 ක් පමණක් ගුවන් තොටුපොළ ඔස්සේ රටින් බැහැරට ගෙන යා හැකි බවත්  ඊට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් රැගෙන යන්නේ නම් ඒ පිළිබඳව රේගුවට ප්‍රකාශ කළ යුතු බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 
මෙම මුදල ඔහු රැගෙන ආ ගමන් මල්ලේ රුපියල් 1,000 නෝට්ටුවලින් මෙලෙස සඟවා තිබුණි .

මෙම මුදල් ඩුබායි වෙත ගෙන ගොස් එහි සේවය කරන ලාංකික ශ්‍රමිකයන්ට ලබා දෙන වැටුප් මුදල්වලට මාරු කර විදේශ මුදල් බවට පරිවර්තනය කර ගන්නා මොවුන් පසුව ඒවා ලබා දී රත්තරන්  හෙරොයින් වැනි නොයෙකුත් දෑ මිලදී ගෙන යළි ශ්‍රී ලංකාවට නීතිවිරෝධීව රැගෙන එන ජාවාරමක් ක්‍රියාත්මක  බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
 
මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ඔබේසේකර මහතා විසින් පවත්වනු ලැබූ අතර එහිදී මෙම මුදල් තොගය රාජසන්තක කළ අතර මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරිණ.



අදහස් (0)

ලක්ෂ 23ක් රට පටවන්න හැදූ අයෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site