(අජන්ත කුමාර අගලකඩ)
ඇමෙරිකානු සම්බාධන හමුවේ ශ්‍රි ලංකාව සමඟ ගනදෙනු කිරීමේදී රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉරානය සුදානම් බව දැනුම් දී ඇතැයි විද්‍යා තාක්ෂණ පර්යේෂණ හා වෘත්තීය පුහුණු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා අද (14) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වූ අවස්ථාවේ ඇමැතිවරයා මේ බව දැනුම් දී තිබේ.
ඉරානය ශ්‍රි ලංකාවට ඉන්ධන සපයන ප්‍රධාන රටක් වන අතර ඇමෙරිකාව ඉරානයට එරෙහිව මේ වනවිට සම්බාධක පනවා ඇත.
මේ තත්ත්වය තුළ ඉරානය ශ්‍රි ලංකාව සමඟ වෙළඳ කටයුතු ඉදිරියට කරගෙන යෑමට සුදානම් බවත් එහිදී ජාත්‍යන්තර මුදල් ඒකකය ලෙස ශ්‍රි ලංකා රුපියල පිළිගැනීමට ඉරානය එකඟ බව දැනුම් දී ඇති බවත් අමුණුගම ඇමැතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා මංගල සමරවීර , ආචාර්ය සරත් අමුණුගම, අර්ජුන රණතුංග සහ තිලක් මාරපන යන ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක්ද කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි ඒ රටටත් දෙයියන්ගේම පිහිටයි.
ඒක ඉරානයේ හොඳ තීරනයක් වගේම ලංකාවට විශාල අවස්ථාවක්. ඒක පරිස්සම් කරගන්න ලංකාවෙ දේශපාලුවො බලා ගන්න ඕනේ. ඒකෙදි රුපියල ස්ථාවරව තියා ගන්න ඕනේ.
මේ යෝජනාවෙන් ලංකාවට නම් ලොකු ගැටළුවක් වෙන්නේ නෑ. නමුත් සම්බාධක පැනවීම තුල ඉරාන රියාල් අධිකව පිරිහෙන්න හැකියි. කෘත්‍රිමව කෙටි කාලයකදී පාලනය කළ හැකි වුවත් දීර්ඝ කාලීනව අපහසුයි. එතකොට ඩොලරය ශක්තිමත් වීම හා අවාසිදායක ණය සේවාකරණ අනුපාතයන් නිසා රුපියල තවත් ක්ෂය වෙනවා. එහිදී හරස් විනිමය අනුපාතයන් මඟින් තමයි විය හැකි සැබෑ වාසිය හෝ අවාසිය තීරණය වෙන්නේ ලංකාවට. මේ සඳහා අවශ්‍ය නම් ඉදිරි විනිමය අනුපාත ගිවිසුමකට යෑම කල හැකි වුවත් මෙවන් අවිනිශ්චිත තත්ත්වයක එවැන්නක් කරන්න අවදානම්.
කිනම් කෙනෙකු හෝ කිනම් පාර්ශවයක් කෙතරම් උත්සහ කලත් රට අර්බුද කාරී තත්වයකට පත්කරන්නට, ලංකා දේශයට ලෝකයේ තිබෙන පිළිගැනීම විටින් විට ඉස්මතුවෙනවා ...මේ සිද්දවෙන්නේ එවැනි කාරණයක් ....
ඕකට ඇමෙරිකාව හරස් වෙයි.
අපි පොඩිකාලේ සෙල්ලම් කඩවල කලාවගේ පිඟන් කටුවලින් ගනුදෙනු කරන්න බැරිද? ලෝකයේ මුදල් සමග බලනවිට පිඟන් කටු රුපියල් වලට වඩා වටිනවා