( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නේවාසික සම්බන්ධීකාරක ලෙස හනා සිංගර් මහත්මිය පත්වීම් ලැබ ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
හනා සිංගර් මහත්මිය මෙරට එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාර ධූරයට අමතරව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වශයෙන් ද සේවය කරනු ඇත.
මෙම පත්කිරීම වලට අදාළව සිංගර් මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ඉකුත් 5 වැනිදා සිය අක්ත පත‍්‍ර ප‍්‍රදානය කරනු ලැබු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී.
සිංගර් මහත්මිය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වසර 27 ක් සේවය කර ඇති අතර දකුණු ආසියාව ඇතුළු විවිධ කලාපවල මානුෂීය ආධාර ක්ෂේත‍්‍රයට අදාළව වසර 15 කට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් ලැබූ රාජ්‍යතාන්ත‍්‍රිකාවකි .
තවද ඇය සිරියාව, නේපාලය, කසකස්ථානය සහ අසර්බයිජානය යන රටවල එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතවරිය ලෙස ද සේවය කර තිබෙන්නීය.

2025 දෙසැම්බර් මස 18
249
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාරක ලෙස හනා සිංගර්
විජිත් Saturday, 08 September 2018 12:40 AM
මේ ෆොටෝ එක " ෆේක් " එකක්..! ඇත්ත ෆොටෝ එකේ මේ මහත්මියගේ " කොටි පුල්ලි " පෙනෙන්න තියෙනවා.
Asanka Saturday, 08 September 2018 05:48 AM
මෙම ජාතියන්තර ආයතන වලට නිලධාරීන් පත්කරන්නේ අපි ලංකාවේ ඇමතිවරු පත්කරගන්නවා වගේ නෙමේ.....