(තිලකරත්න දිසානායක)
මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික කතක් අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධුරයට පත්ව සිටින්නීය.
ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් හිමිකර දෙමින් මෙම ධූරයට පත්ව ඇත්තේ මේ වනවිට මිනසෝටා ප්‍රාන්තයෙහි පදිංචිව සිටින ගම්පහ, මාදෙල්ගමුව, බටපොත පදිංචිව සිටි නිලූෂි රණවීර මහත්මියයි.
ගම්පහ සිරි කුරුස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති මැය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුලත්ව නීති උපාධිය ලබා 2005 වසරේ අමෙරිකාවට ගොස් ඇති අතර 2006 වසරේදී මිනසෝටා ප්‍රාන්තයේ හැම්ලීන් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් අනතුරුව මිචෙල් හැම්ලීන් නීති විද්‍යාලයෙන් 2016 වසරේදී නීතිවේදී පශ්චාත් උපාධියත් හිමිකරගෙන ඇත.
පසුව එහි රජයේ විනිසුරුවරියක් යටතේ අපරාධ නීතිය වැඩිදුරටත් හදාරා ඇති නිලුෂි මහත්මියට ඉකුත් මස 23 වෙනි දින මිනසෝටා ප්‍රාන්තයෙහි සහකාර නීතිපති ධුරයට පත් කර තිබේ.
මේ වනවිට සිය සැමියා වන එරන්ද ලියනපතිරණ මහතා සහ අකේන් සහ ක්‍රිෂේන් යන පුතුන් දෙදෙනා සමග නිලුෂි රණවීර මහත්මිය අමෙරිකාවේ පදිංචිව සිටින්නීය.
කම්කරු දෙපාර්තමේන්තුවෙහි විශ්‍රාමික කම්කරු කොමසාරිස් වරයෙකු වන සරත් වීරසිංහ මහතාගේ සහ විශ්‍රාමලත් ගුරු මහත්මියක වන (ගම්පහ යසෝදරා දේවී බාලිකා විද්‍යාලය ) ඉන්ද්‍රාණි රණවීර මහත්මියගේ තෙවන දියණිය වන නිලුෂී මහත්මිය මේ වනවිට 42 වන වියෙහි පසුවන්නීය.
ඇය අමෙරිකාවේ සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් අප පුවත් පතට අදහස් දැක්වූ අතර මෙහිදී තමන්ට මෙවන් ස්ථානයක් කරා ළඟාවීමට මග පෑදූ මව, පියා මෙන්ම විදූෂි සහ මහීෂි යන වැඩි මහල් සොයුරියන් දෙදෙනාත් , තම මාමා ගුණසිරි සිල්වා මහතා සහ නැන්දා අනෝමා ලියනපතිරණ මහත්මිය මෙන්ම ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ විදුහල්පතිනියකව සිටි නෙලී හෙලන් මව්තුමිය සහ තම ආත්ම විශ්වාසය ගොඩනැගූ යසෝදරා බාලිකාවේ විදුහල්පතිනියකව සිටි සද්ධා අබේසේකර මහත්මියත් දැඩි භක්තියෙන් යුතුව සිහිපත් කර සිටින බවත් ප්‍රකාශ කළාය.



COMMENTS
ඔබට අපගේ උණුසුම් සුබපැතුම්...!!
ඔබේ ජයග්‍රහණයට අපේ උණුසුම් සුබපැතුම් සොයුරිය...!!!
ලංකාවේ හිටියා නම් ඉතින් තාම ගම්පහ උසාවියේ නඩු වලට පෙනී ඉන්නවා. උසස් අධ්‍යාපනයේ අගය මෙයයි. අනික ඒ රටවල්වල ඕනෙම කෙනෙක්ව පිළිගන්නවා. ලංකාවේ පිටරටක කෙනෙක්ට මොන හරි රජයේ රස්සාවක් දුන්නොත්, උද්ඝෝෂණ වර්ජන ගොඩයි. හදවතින්ම සුබපැතුම්...!!!
ඔබේ ජයග්‍රහණයට අපේ උණුසුම් සුබපැතුම්.... ලංකාවේ හිටියා නම් කොහොම කලදසාවක් යන්න තිබුණාද?
උණුසුම් සුබපැතුම්...!!! ලංකාවට නම් යන්න එපා.. තමන්ගේ ලාංකිකකම තියන් ඇමරිකාවේම දරුවන් දෙන්නත් හදාගෙන මහත්තයා එක්ක හොඳින් ජීවත් වෙන්න.
මගේ උණුසුම් සුබපැතුම්..!!!
ඔබේ ජයග්‍රහණය වගේ ම ශ්‍රී ලංකා මාතාවට ලබාදුන් අභිමානයට අපේ උණුසුම් සුබපැතුම් සොයුරියනි .... !!!
අනුර ලංකාවේ උසස් අධ්‍යාපනයට තිබෙන තැන පාර්ලිමේන්තුවෙන් තේරුම් ගන්න. මේ දරුවාගේ අද්‍යාපනය වෙනුවෙන් මෙරට කෝටි 5 වියදම් කර නැත. නමුත් මේ දරුවා අමෙරිකාවේ ප්‍රාන්තයක සහකාර නීතිපති ධුරයට පත් වීමෙන් රටට ලැබුන නම්බුව කෝටි 5 ට සීමා කොරන්න පුලුවනිද. පාර්ලිමේන්තුව අධිකරණයට වඩා ඉහලින් කියා මෙවැනි උගතුනට නීති කියා දෙන්නේ 8 පාස් ගොයියෝ නේද. හැබැයි ඉල්ලන්නේ වින්ශ්චයකාර වරුන්ගේ වැටුප්. මගේ දරුවනුත් කරන්නේ පිටරක සේවය කිරීමයි. ඔවුන්ගේ උගත්කමට පිටරටවල නිසි වටිනා කම දෙනවා. පාර්ලිමේන්තවට උගතුන් පත් වුන දාට ඔවුන් මෙරට සේවයට පැමිණෙනු ඇත.
ඔබට අපගේ උණුසුම් සුබපැතුම්
තරුණ වුවත් උගත් කාර්යක්ෂම සුදුස්සාට නිසි තැන. ලංකාවේ නම් වඩා සේවා කාලයක් ඇති අකාර්යක්ෂම ජේෂ්ඨ නුසුදුස්සාට තැන.
ලංකාවේ හිටියානම් රැකිය දියව් කියකියා පාරේ ඉන්න වෙන්නේ.. රස්සාවකට ගියත් කැපිලි කෙටිලි නිසා එක්කෝ රස්සාව අත්හැරලා නැත්නම් කොහෙට හරි මාරු කරලා යවලා..