තිළිණි ද සිල්වා
ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍ර ලාභීන්ට ලාඕස ජනරජයට පැමිණී මෙන් පසු වීසා බලපත් ලබාගැනීමේ පහසුකම හිමිවී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි එරට රජය වෙනුවෙන් ලාඕස විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව දැනුම්දී ඇතැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළා.
ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත් නොමැතිව හෝ දේශසීමාව වෙත ළඟාවීමෙන් පසු වීසා ලබාගැනීමේ පහසුකම හිමිවන රටවල් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් ඇත.
COMMENTS
මේවගේ රටවල් තමයි අපට ඕන් ඇරයිවල් වීසා දෙන්නේ.
මේක වැදගත් දෙයක්. සමහරවෙලාවට සිංගප්පුරුව, මැලේසියාව, තායිලන්තය, බුරුමය වැනි මෙම කලාපයේ රටවල සේවය කරන ලාංකිකයන්ට හදිසි සේවා වෙනස් කිරීම් වලදී අවශ්‍ය වන විසා අයදුම් කිරීමට ලංකාවට පැමිණීම වෙනුවට ලාඕසයට යාම පහසුය ලාභය. නමුත් ගැටලුව තායිලන්තය වැනි රටවල් වෙනත් රටවල අයවලුන්ට මෙන් නොව ලාංකිකයන්ට ලංකාවෙන් හැර වෙනත් රටවලින් විසා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී නොමැත. හැකිනම් සාකච්ඡා මගින් මෙම ගැටලුවද විසඳා දෙන්න.
රටක අමාත්‍යංශ සහ ඇමතිවරු හිටියට සතපහක වැඩක් නෑ...
ලාඕසය මම ඉතාම කැමති රටක්. බුදු දහමෙන් ශික්ෂණය ලැබූ රටක්. මීට කලින් රාජකාරි සඳහා පවා එහි යෑමට ලෙහෙසි වුනේ නැහැ. බැංකොක් වල දිනක් දෙකක් රස්තියාදුවී වීසා ගැනීමට සිදුවුනා. ඒ අපහසුව නැතිවීම සතුටට කරුණක්.
වීසා නැතිව යාමට හැකි රටවල් 43ක් නම් කරන්න.