(ජේ.කේ.එල්.චාමින්ද)
කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඉන්දීය ජාතිකයකු රෝහල් ප්‍රතිකාර ලබාගැනීමට අදාළ ගාස්තු නොගෙවීම සම්බන්ධයෙන් එම විදේශීකයා ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු ජිනේෂ් කුමාර් නයට් නැමති (56) ඉන්දියාවේ ගුජරාට්හි පදිංචි ඇමෙරිකා සම්භවයක් ඇති ඉන්දියානු ජාතිකයෙකි.
මෙම පුද්ගලයා පසුගිය මැයි 25 වැනි දා අංශභාග රෝග තත්වයක් හේතුවෙන් අකුරැස්ස රෝහලට ඇතුළත් වී ඇති අතර පසුව ඉකුත් ජුනි 3 වැනි දා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරුකර එවා ඇත.
මෙම පුද්ගලයාට කරාපිටිය රෝහලේ දී ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඉකුත් 06 වැනිදා රෝහලෙන් නිදහස් කර ඇතත් මෙම පුද්ගලයා රෝහල වෙත ගෙවිය යුතු ගාස්තු නොගෙවා රොහල තුළම රැඳී සිට තිබේ.
මෙම විදේශීකයා රෝහලට ගෙවීමට ඇති මුදල වන හාරලක්ෂ හතලිස් හයදහස් අසූනවයක මුදල නොගෙවීම හේතුවෙන් කරාපිටිය රෝහලේ පාලනාධිකාරිය විසින් ගාල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මොහු සතුව මෙරට රැඳී සිටීමට අදාළ වලංගු බලපත්‍ර කිසිවක් නොමැති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවාරණය වී තිබේ.
COMMENTS
දන්නැති නිසයි අහන්නේ විදේශිකයකු රෝහල් ගාස්තු ගෙවන්න ඕනිද?
මෙහෙමත් සංචාරකයෝ එනවා.
ඇමරිකාවේ හිටියත් ඉන්දියන් ජාතිකයෝ ඉන්දියන්ම තමයි, අතෙන් සතයක් යනවට කැමති නැහැ
නොමිලේ ප්‍රතිකාර ලබා දෙන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණයි. විදේශිකයන් සඳහා වැය වූ මුදල් අය කර ගන්නවා. එයට බෙහෙත්, ඉන්ජෙක්ෂන් කටු, පුලුන් ආදී සියලු දෙවල් වල වියදම ඇතුළත් වෙනවා.
ලෝකේ කිසිම රටක සංචාරකයෙක් අනතුරක් ,අසනීපයක් උනොත් මුදල් අය කරන්නේ නෑ,ලැජ්ජයි
එහෙම නම් නඩු අහලා හිරේ දාන්න තියෙන්නේ.. යුරෝපීය රටවල ලෙඩා සනීප කරලා හිරේ දානවා.