රෝහින්ග්‍යා සරණාගතයින්ට ස්ථිර පදිංචිය දීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බවත් ඔවුන් මාස කිහිපයක් ඇතුළත ඔවුන් පැමිණි රටට හෝ වෙනත් රටකට පිටත් කර යැවෙන බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔවුන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියා පිළිවෙත සිදුකෙරෙන තුරු පමණක් මෙරට රඳවා තැබෙන බවත්  ඔහු ප්‍රකාශ කර සිටියේ අද(27) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.