(පරමේෂ්වරන් නවරත්නම්)
රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව බෞද්ධ හිමිවරුන් කරන විරෝධතා හෙළා දකිමින් උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අද (28) උතුරු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් උතුරු පළාත් සභාවට බාර දෙන්නේ නම් එම සරණාගතයින් උතුරු පළාතේ කොතනක හෝ ආරක්ෂිතව තබා ගැනීමට උතුරු පළාත් සභාව කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එම යෝජනාව සම්මත වූ අතර අද දින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පැමිණ සිටියේ නැත.
COMMENTS
ඔය දෙමළ අය ඉතා හොඳයි.
අනේද කියන්නේ මුස්ලිම්වරුන් 90000ක් පැය 24 න් යන්න කියලා එලෙව්වා. දැන් එනවා බණ කියන්න. මහින්ද රජපක්ෂ මහතා නැති අඩුව....
මේ රටේ අනාදිමත් කාලයක් එකට ජීවත්වුණු සිංහලයින් ගැන නැති කැක්කුමක් රෝහිග්‍යවරුන් පිළිබඳව සිවාජිලිංගම්ට අැති වුණේ භික්ෂුන් වහන්සේලාට අවමන් කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමටයි.
මොකද සිවාජිලිංගම් ජනාධිපතිද? ලකුණු දාගන්න ද හදන්නේ? අපේ සිංහලයාගේ වැරදි නිසා අද මේ දේ වෙලා තියෙන්නේ. දැන්වත් එකතුවෙලා වැඩක් කරපල්ලකෝ එහාට මෙහාට අදින්නේ නැතිව .
අනේ සිවාජි මහත්තයෝ ඔයාගේ කරුණාව! කාන්ටන්කුදී පල්ලියේ වෙඩි තියද්දී, උතුරේ මුස්ලිම් මිනිස්සු පය 24න් පන්නද්දී ඔයා ඔයාගේ මස්සිනාව නැවැත්තුවේ නැත්තේ ඇයි?
අසරණ වෙලා ආපු උදවියට, ගරහලා පන්නන එකද යහපත් මනුස්සයින්ගේ සිරිත..? ජාතිය, ආගම පැත්තකට කරලා, තමනුත් කවදා හරි ඔය වගේ තත්වයකට පත්වුණොත් තමා එවැනි උදවියගේ අසරණකම තේරෙන්නේ. එවැනි මනුස්ස ගති ඔය වගේ ම්ලේච්ඡයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක ලෝකෙටම පෙන්නුම් කළා. ඔය වැනි සුළු කොටසකගේ නින්දිත හැසිරීම නිසා සමස්ත ලංකාවාසීන්ටම ලෝකයාගෙන් මකන්න බැරි අවමානයක් උදා කළා. මේ අවස්ථාවේදී සිවාජි මන්ත්‍රීවරයාගේ ඉදිරිපත්වීම අපි අගය කරනවා. උතුරු කොරියාවේ ප්‍රශ්නෙට මහා ඉහළින් සද්දේ දාලා තම විරුද්ධත්වය ප්‍රකාශ කරපු ආණ්ඩුවට මියන්මාරයේ සිදුවූ සමූල ඝාතනයන් අඩුම තරමින් හෙලා දකින්න හෝ ඉදිරිපත් වුනේ නැහැ. " මේ යහපාලනයයි."
අනේ, එහෙම එක්කෙනෙක් ඉන්න එකක්වත් කොපමණ හොඳද? ආගන්තුක සත්කාර අතින් හොඳ ලංකාවේ... වෛරයෙන් වෛරය නොසන්සිඳේ...
පුහු දේශප්‍රේමයෙන් වල්මත් වෙලා ඉන්න අයගේ රටේ ගැහැණු ටිකයි, පිරිමි ටිකයි මුස්ලිම් රටවලින් පැන්නුවා නම්, තේරෙයි දේසප්‍රේමේ තරම?, යුරෝපෙට, ඇමරිකාවට, ඔස්ට්‍රේලියාවට ගිහින් ඉන්න සිංහලයින්ට ඒ රටවල මිනිස්සු මේ විදිහට සැලකුවා නම්, තේරෙයි දේසප්‍රේමේ තරම? මේ අය මේ විදිහට හැසිරෙන්නේ මොවුන්ගේ ඇතුලේ මිලේච්ඡත්වය හැර වෙන යමක් නොමැති නිසා. ලෝකයේ බොහෝ රටවල ආගමන, විගමන නීති ක්‍රියාත්මක කරන්නේ පාලකයින් විනා පුස්සන් නොවන බව දැන ගත යුතුයි.
කල දුටුකල වල ඉහගන්න හදන අය ඉස්සෙල්ලා යාපනේ සිංහල මිනිස්සුන්ට සහ හාමුදුරුවරුන්ට කරන අඩන්තේට්ටම් නතර කරන්න. මිනීමාරුවෝ කියල මිනිස්සුම කියන කොට කොහොමද එක පාරටම බොහොම හොඳ වුණේ? දැන් හොඳ මිනිහා වෙනද දඟලන්නේ?
සමහරු යමක් වෙනකම් ඉන්නවා විරෝධතාවය පෙන්නලා රුපවාහිනියේ හා පත්තර වල, මුහුණ ඔබා ගන්න.මේ මිනිසුන් දරුණු නරක මිනිසුන් නම්, තමන්ගේ රටේ ඉදලා, රජයට විරෝධිව කැරලි ගහන්න තිබුණා. ජීවිතය පරදුවට තබා මහා මුහුද තරණය කර, මෙපමණ දුක් විදමින් මේ රටට සේන්දු වුනේ ඉන්නම බැරි නිසා වෙන්න ඇති.
මෙවැනි ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕනේ විදේශ අමාත්‍යාංශය ආගමන විගමන දෙපාර්තමේන්තුව වගේ ඊට අවශ්‍ය ආයතන හැර වෙනත් කිසිම බාහිර පාර්ශව වලට නොවේ. එම නිසානේද ඔවෙනි ආයතන ඇතිකරලා පඩි ගෙවන්නේ ?අපේ රටේ ප්‍රශ්නයක් ඇති වුණාම හැම කෙනාම ඒවාට පැටලෙනවා .
උතුර තියෙන්නේ ලංකාවේ නෙවෙයිද.
බද්රානි මහත්මියගේ අදහසට එකඟවෙමි. මෙම ගෝත්‍රිකයන් ලෙස සිතන කණ්ඩායම් නියම බෞද්ධයන්ට නිගාවකි.
මෙයා ඉල්ලන් ටින්කිරි ගා ගන්න යන්නේ. අන්තිමට මෙයාලට තමා උතුරෙන් වෙන කොහේ හරි යන්න වෙන්නේ. එයාලගේ වල එයාලම කපාගන්නවා....
මෙයාගේ මස්සිනා නේද පල්ලියේ ආගම අදහමින් සිටි මුස්ලිම් මිනිස්සු ඝාතනය කරේ