IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


රසායනික ද්‍රව්‍ය කලවම් කඳුළු ගෑස් එල්ල කළා-සම්පත් අතුකොරල

(නිමල් අල්ගෙවත්ත)

හම්බන්තොට විරෝධතාවයේ නිරත වු  තමන් ඇතුළු පිරිසට පොලිසිය එල්ල කළේ ජලය හෝ කදුළු ගෑස් නොවන බවත් ජලයට රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කර එල්ල කළ බවත් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (10) සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභාව රැස් වු අවස්ථාවේ දීය.

“ඔය ගහපු ජල ප්‍රහාරයට සහ කදුළු ගෑස් වලට මිශ්‍ර කරලා තමයි රසායනික ද්‍රව්‍යය ගැහුවේ. ඔය ප්‍රහාරය එල්ල කර අවස්ථාවේ  හිටපු ගොඩක් අයට හුස්ම ගන්න බැරි වුණා. කැස්ස වමනය  හැදිලා තියනවා. මේ ආණ්ඩුව ත්‍රස්තවාදීන්ට සලකන ආකාරයෙන් තමයි උද්ඝෝෂකයින්ට ගැහුවේ. මාධ්‍යවේදියකුට කණ පැලෙන්න ගැහුවා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් .මේ ජල හා කදුළු ගෑස් වලට මිශ්‍ර කර එල්ල කර විස රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (11)

රසායනික ද්‍රව්‍ය කලවම් කඳුළු ගෑස් එල්ල කළා-සම්පත් අතුකොරල

purawasiya Tuesday, 10 October 2017 07:30 AM

මොවුන්ට හරියට නොගහන එකයි වරද?ඊළඟ පාර අසූචි මිශු කරලා ගහන්න ඕනා......ගඳට දුවන්නැතෑ......

:       366       556

රනවිTuesday, 10 October 2017 11:15 AM

මහින්ද ගහනකොට වතුර දැන් ගහන ඒව රසායනික.මේ හරක්ව දේශපාලනයට ගෙනාපු වුන්ට අසුචී ගහලත් මදි.

:       0       77

s.c.perera Tuesday, 10 October 2017 08:09 AM

කඳුළු ගෑස් කියන්නේ රසායන ද්‍රව්‍ය තාම. ඒවා වතුර එක්ක ප්‍රතික්‍රිය කරලා අම්ල දෙකක් වෙනවා . එනිසා තමා ඇස රිදෙන්නේ. වතුර ගෑවෙනකොට දානවා වැඩියි .

:       1       108

jiffri Tuesday, 10 October 2017 08:27 AM

එවකට ආණ්ඩු කාලේ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොල නිරීක්ෂණයට ගිය යු එන් පි මන්ත්‍රීවරුන්ට සලකපු හැටි අපි දන්නවා . මැරයෝ දාලා පිස්තෝල අරගෙන පන්නපු හැටි.

:       2       183

dias Tuesday, 10 October 2017 09:08 AM

රතුපස්වල ආතක්ද? ඕකුන්ට ගහල මදි.ආණ්ඩුවට පන නෑ කියන්නේ එකනේ.

:       1       34

kap Tuesday, 10 October 2017 09:11 AM

උසාවියෙන් උද්ගෝශන කරන්න එපා කියල නියෝගයක් පනවල තියෙද්දි ඒක කඩ කරලා නීතියට, සාමයට බාදා කරාම, දෙන්න ඕනෙ කදුලු ගෑස් වලින් නෙමෙයි. වෙන ජාතියේ ගෑස් වලින්. ඉස්සරවෙලා හොයලා බලනවා මේ වගේ සුදු අලි පවත්වාගෙන යන්න අපේ රටට පුලුවන්ද කියලා. නිකම් වහලා තිබිලා දිරලා යනවට වඩා හොද නෑද්ද ආදායම් මාර්ගයක් හොයා ගන්න එක

:       8       45

mahinda Tuesday, 10 October 2017 09:18 AM

පළාත් සභා මහත්තය කෑ ගැහුවට කමක් නෑ. හැබැයි රසායනික ප්‍රහාර කියල නැති ප්‍රශ්න ඇති කරන්න එපා. ඔය කට්ටියමනේ අන්තර්ජාතික පරීක්ෂණ එපා කියල කෑ ගහන්නේ. ඉතින් මේ කෑ ගහන්නේ රට තවත් අමාරුවේ දාන්නද?

:       17       1

sanjeewa Tuesday, 10 October 2017 09:28 AM

කොහොමත් කදුළු ගෑස් කෑවම දානවා හුස්ම ගන්න බෑ තමයි. කොහෙද මෙයාලට පළපුරුද්දක් නෑ නොව. අපිටනම් කොල්ලුපිටියේදී තුම්මුල්ලේදී ඒකාලේ ඕව කාල පුරුදුයි.

:       21       65

maheeTuesday, 10 October 2017 12:14 PM

ඒකනේ කියන්නේ. විශ්ව විද්‍යාල ගොඩ නැගිල්ලක තීන්ත ගාන්නවත් ගිහින් නැති අය කොහොමද කඳුළු ගෑස් රස දන්නේ. මෙයාට අත් දැකීම් නැති හින්ද බය වෙලා. සභා රැස්වීමේ හිටපු අනික් අයත් බයවෙන්න ඇති. එකම කට්ටියනේ.

:       0       2

rohana Tuesday, 10 October 2017 12:12 PM

මෙයා කවුරු වුනත් කඳුළු ගෑස් කියනේ එකේ තේරුම දන්නේ නැහැ වතුර කියලද දන්නේ නැහැ හිතාගෙන හිටියේ.

:       0       2

ravin Wednesday, 11 October 2017 02:28 AM

අට පාස් නැති එවුන් කොහෙද දන්නේ කඳුළු ගෑස් කියන්නේ රසායනික මිශ්‍රණයක් කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site