(දයාරත්න ඇඹෝගම සහ මනුල වික්‍රම)
බන්ධනාගාර ගත කොට ඇති පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස සහ නිදුක් නිරෝගි බව ප්‍රර්ථනා කරමින් අද (20) මහා සංඝරත්නය අනුරාධපුර රුවන්වැලිසෑ චෛත්‍ය අබියසදී අධිෂ්ඨාන පුජාවක් පැවැත්වුහ.
මහා සංඝරත්නය පහළ මලුවේ සිට රුවන්වැලි සෑය දක්වා මල්පහන් රැගෙන රුවන්වැලි මහා සෑයට පුජා කිරීමෙන් අනතුරුව අධිෂ්ඨාන පුජාවක් සිදු කරනු ලැබීය.
රට දැය බේරා ගැනීම සඳහා සුදු ජාතීන් රට පාලනය කරන සමයේ පෙරට පැමිණියේ මහා සංඝරත්නය බවත් අදටත් ඉදිරියටත් රට විපතට පත්වන අවස්ථාවක පෙරමුණ ගැනීම මහා සංඝරත්නයේ වගකිම බවත් මෙහිදි අනුශාසනා කරමින් ජයන්ති විහාරාධිපති පුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ පැවසුහ.
මෙලෙස යුද්ධය නිමා කිරීමට දායකවූ රණවිරුවන් ආරක්ෂා කිරීමටත් රට දැය වෙනුවෙන් නිර්භයව සිය අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගතවුයේ උන් වහන්සේ සිදුකළ පුද්ගලික වරදක් නොවන නිසා බවද මෙහිදි අනුශාසනා කරමින් මිහින්තලේ විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්රතන හිමියෝ පැවසුහ.
අනතුරුව මහාසංඝරත්නය පිරිත් දේශනා කරමින් බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කායික මානසික සුවය ලැබේවා යැයි ප්‍රාර්ථනා කළහ.
මෙහෙදි රුවන්වැලි විහාරාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන සහ පොතානේගම ධම්මානන්ද යන හිමිවරුද අනුශාසනා සිදුකලහ. මෙම අධිෂ්ඨාන පුජාව සඳහා අනුරාධපුර අටමස්ථානයේ නායක හිමිවරු ඇතුළු අනුරාධපුර ප්‍රදේශයේ මහා සංඝරත්නය සහභාගි වූහ.
ඡායාරූප - දයාරත්න ඇඹෝගම



ඡායාරූප - මනුල වික්‍රම



COMMENTS
හාමුදුරුවනේ ඉස්සෙල්ලම දඬුවම් දෙන්න හේතු පාදක වූ නඩු වාර්තාව හොඳට දැනගන්න වැරදි හේතුන් සමාජ ගත නොකර ...
දැන් ඔන්න හාමුදුරුවන්ට විරුද්දව කතා කොරන අයට තරුපෙනේවි. මේ සඟරුවන සියලුදෙනාම දුෂ්ශීලකයෝ කියාවි.
හාමුදුරුවනේ ගම්දනව් වලට වැඩලා ධර්මය ප්‍රචාරය කලානම් වටිනවා නේද ?
බුදු සසුන 5000 ක් අවුරුදු නොනැසී පවත්වා ගැනීමට විෂ්ණු දෙවියන්ට භාරකළ බව කියවේ. අහෝ, දෙවියනි ඔබ කොහිද?
අම්මපා මෙහෙමත් රටක් ......බුදු දහමට ගිය කලක්..................ලෝකයේ හොඳම රණවිරුවාව හිරේ දානකොට මේ හාමුදුරුවෝ හිටියේ කොහේද?
මේ කරන්නේ බුදුන් වදාල ධර්මයද . අහෝ අපේ රටට ගිය කල. බුදුන්ගේ ශ්‍රේෂ්ඨ ධර්මය අද විනාශ කරන්නේ මේ දේශපාලන නියෝජිතයන්ය....... දෙයියන්ගේ නාමෙන් බුදුන්ට අගෞරව කරන්න එපා
මොන පූජාවෙන් වුනත් ප්‍රතිඵල ලෑබීමට, ඒවා කරන අය ලග හොද ගුණ ධර්ම වෑඩී තිබිය යුතුයි. මෙය බුදුපියාණන් වහන්සේ අනු දෑන වදාල දෙයක්. ඉතින් මේ අය සාධාරණ නොවූ දේවල් ඉල්ලමින් මේ කරණ දේවල් වලින් ප්‍රතිඵල තිබේද? ක්‍රියාව අනුව ප්‍රතිඵල ලෑබෙන්නේ කියලා හාමුදුරුවන් දන්නේ නෑත්නම්, ඒ අය බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ද?
කැලණිතිස්ස රජ කලේ හිමිනමක් ගාතනය කල අවස්ථාවේ මුහුද කම්පා වුනානේ. වැන්දබුවකට තර්ජනයකළ හිමිනමක් සිරගෙයට නිමකලවිට ගිගුර්ම්සහිත වැස්සක් වත් තිබුනේ නැතිවග අපට අසන්න ලැබුනේ. පිරිත්කියල සාධු කාරයක් දුන්නේ යහපත් ක්‍රියාවක් නිසාද.
අධිෂ්ඨාන කලයුත්තේ සංඝ මුවින් බුදුවදන්ම පිටවෙවා කියලයි!
"...බන්ධනාගාර ගතවුයේ උන් වහන්සේ සිදුකළ පුද්ගලික වරදක් නොවන නිසා…". එහෙනම් අධිකරණයට අපහාස කිරීමයි පැමිණිලි කරුවෙකුට මරණ තර්ජන කිරීමයි වෙන කවුරු හරි කරපු දෙයක්ද කියලයි මං මේ කල්පනා කලේ.
" චාරිකන් භික්ඛවේ බහුජන හිතාය බහුජන සුඛාය " බුදුන් වහන්සේ දෙසු දහම් පණිවුඩය මට සිහිනෙන් මෙන් ඇසෙමින් තිබුණි. ළඟම පාසල හොඳම පාසල වුවත් බිම හිඳ ගනිමින් කුසගින්නේ අකුරු කරනා දරුවන් වෙනුවෙන්, ජීවිතය සෑබෑ දුකක් වූ දිළින්දන් වෙනුවෙන් ඔබ වහන්සේලා පාද චාරිකාවේ නො වැඩියහ. සත්‍යග්‍රහ නොපැවත්වුහ.
සංඝ මාෆියාව දැන් දේශපාලුවන්ගේ අතකොළුවක් වෙලා! සාසනේට ගිය කල!
වෙනත් ආගමකට අයිති උන වරදට අහිංසක මිනිසුන් මිලියන 11 ක් ඍජුවම වධකාගාර තුලදී ඝාතනය කළ, යුරෝපයේ පමණක් යුද්ධයෙන් ඍජුව මිනිසුන් මිලියන 26 හමාරක් ඝාතනය කළ, මුළු මහත් නූතන ශිෂ්ඨ සමාජයම එකමුතුව පිළිකුල් කරන හිට්ලර් වගේ කෙනෙක් බලයට පත්වේවා කියල ප්‍රාර්ථනා කලේ නෑ නේද අපේ හාමුදුරුවනේ?
මේ ස්වාමීන්වහන්සේලා හිතාගෙන ඉන්න තරමට බලයක් දැන් උන්වහන්සේලාට මේ රටේ නැහැ. ඒ තත්වය නැති කර ගත්තේ උන්වහන්සේලා විසින්මයි. හාමුදුරුවරුන් දේශපාලනයට මැදිහත්වීමෙන් මේ රටට අයහපතක් මිසක් යහපතක් කවදාවත් නොවූ බව ඉතිහාසයෙන් ඔප්පු වෙනවා. ඔය හාමුදුරුවන් හිරේ ගියාට එකෙන් සාසනේ නැති වෙන්නේ නැහැ. තවත් හිරේ යායුතු අය ගොඩක් ඉන්න බවත් දැන්මම තේරුම් ගත්තොත් හොඳයි.
මම බුද්ධ ධර්මය බොහෝ දුරට උගත් බෞද්ධයෙක් මිස ලේබල් කාරයෙක් නොවෙයි. මුලදී සංඝයාවහන්සේලාව සමීපව ඇසුරු කළා. එ්ත් අද මේ කාලයේ ඉන්න සංඝයා ගැන කොතරම් කලකිරී සිටිනවද කියනවා නම් පන්සල් යන්නෙම නැහැ. බුද්ධ ධර්මය අනුව ජීවත් වන කෙනෙකුට පන්සල් තියා හාමුරුවන්වත් අවශ්‍ය නැහැ. මට නම් පුදපූජා තියා මේ ගොල්ලන්ගෙන් පාංශුකූලයක්වත් ඕනෑ නැහැ! සාධු!
හාමුදුරුවනේ, දැන් තමුන්නාන්සේලාට වුවමනා විදිහට බවුද්ධයන්ව නටවන්න පුළුවන් යයි සිතන්න එපා!