ඉස්ලාමීය බැතිමතුන්ගේ ශුද්ධ මාසය වන රාමදාන් මාසයේදී ඇමෙරිකාව, යුරෝපය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ඉරාකය, සිරියාව, ඉරානය සහ පිලිපීනය යන රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි අයි.එස් සංවිධානය ඔවුන්ගේ අනුගාමිකයන්ට පවසා ඇතැයි වාර්තා වේ.
අයි.එස් සංවිධානයේ ප්‍රකාශකයකුගේ හඬ යැයි කියැවෙන හඬපටයක් ඔස්සේ මෙසේ ඇමෙරිකාවට, යුරෝපයට සහ අනෙකුත් රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි ඉල්ලා ඇත.
මෙම පණිවිඩය දත්ත බවට හරවමින් අයි.එස් සංවිධානයේ නාලිකාවක් ඔස්සේ බෙදාහැර තිබෙන අතර හඬ පටය ඔස්සේ මෙම පණිවිඩය ලබා දී ඇත්තේ අයි.එස් සංවිධානයේ නිල ප්‍රකාශක අබි අල් හසන් අල් මුජහීර් යැයි ද පැවසේ.
කෙසේ නමුත් හඬ පටය කාගේද යන්න හෝ ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් වාර්තා නොවීය. එහෙත් එම හඬ මීට පෙර අබි අල් හසන් අල් මුජහීර්ගේ හඬින් නිකුත් කළ හඬ පටයක් හා සමාන බව වාර්තා වෙයි.
(රොයිටර් ඇසුරිනි 055)
COMMENTS
ඔය රටවල් අතරින්..., ලෝකේ ලොකුම ත්‍රස්තවාදියෙකු වන ඊශ්‍රායලය නැහැ නේද..? ඔතන තමයි රහස තියෙන්නේ. ඔය අයි.සී.එස්. ත්‍රස්තයින් බිහි කරලා පෝෂණය කරන්නෙත් ඊශ්‍රාලයම තමා. ලෝකවාසීන් තුළ මුස්ලිම්වරුන් කෙරෙහි බියක්, පිළිකුලක් ඇතිකිරීම සහ ඊශ්‍රාලයට විරුද්ධවන රටවල් පාලනය කිරීමත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතර වෙනවා. ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි වගේම ඉතාමත් ම්ලේච්ඡ ක්‍රියාවන් වල යෙදෙන අයි.සී.එස්. ලා කොහෙත්ම මුස්ලිම්වරුන් නෙමෙයි.
ටෝනි මහත්තයෝ..., ඔබතුමා ඉස්ලාම් වල "අ" යන්න වත් දන්නේ නෑ නේද?
ඊශ්‍රායලය මේ තස්තවාදීන්ට කිරි පොවන්නේ නැහැ. එ්කයි වෙනස. එ්ක නිසා ඒ අය බයයි ගහන්න.
ටෝනි..., අන්තවාදී ඉස්ලාමය හා අයි.එස් සංවිධානය අතර සම්බන්ධයක් නෑ කීම හිනායන කාරණයක්.. ඊශ්‍රායලයට ගහන්නේ නැත්තේ.., එච්චර බලවත් ආරක්ෂක විධාන තියෙන රටකට ගහන්න බැරි නිසයි.
ඒ කාලේ බින් ලාඩන්ට විරුද්ධව යුද්ධ කරද්දී කිසිම යුදෙව්වෙක් එම බිල්ඩිමේ හිටියේ නැහැ..
රාමසාන් මාසයේ යුද්ධ කිරීම ඉස්ලාම් අනුමත කරන්නේ නැ. 'tony-මහරගම' මහත්මයා ඉස්ලාම් දන්නේ නැතිව ඇති නමුත් ලෝකයේ සිදුවෙන දේශපාලනය හොදට තේරුම් අරගෙන තිබෙනවා. ඊශ්‍රායලය ගැන නිකම් හරි මේ ත්‍රස්තවාදීන් කතා කරන්නේ නැනේ... හොදට බලන්න ත්‍රස්තවාදීන් අතින් විනාශ වෙන්නේ ඉස්ලාමිකන් විතරයි. තේරුම් ගන්න බැරි අය තව තවත් ලෝකේ ගැන ආවදනයෙන් බලන්න. සත්‍ය තේරුම් ගන්න පුළුවන් වෙයි.
ඕකි කියනවා වගේ I .S .I .S ඉස්රිලයට ගහන්නේ නැත්තම් මොකද ඉස්රිලයත් I .S .I .S ලට ගහන්නේ නැත්තේ ... පොඩ්ඩක් හිතන්න.... මොකටද මුස්ලිම් රටවල් වලටම ඉලක්ක කරන්නේ කියල .....