නිමන්ති රණසිංහ
නොසැළකිලිමත් රිය ධාවනයෙන් අනතුරක් සිදු කිරිමට අදාළව අධිකරණය මගින් මාස තුනකට අධික කාලයක් රියදුරු බලපත්‍රය අත්හිටුවා සිටින රමිත් රඹුක්වැල්ල මහතාට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නාරහේන්පිට පොලිසියට නියෝගයක් නිකුත් කළේය.
2018.03.18 වැනි දා රාජ්‍ය සේවා කොමිසන් සභාව අසලදී මෝටර් රථයක් ධාවනය කර රිය අනතුරක් සිදු කළැයි රමිත් රඹුක්වැල්ල මහතාට චෝදනා 4 ක් යටතේ නාරහේන්පිට පොලිසිය අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
COMMENTS
ඉක්මනට දෙන්න නැත්නම් වැසිකිලියටවත් යන්න විදිහක් නැත
ශා මාරයි නේ, බලපත්‍රය මාස තුනකින් හම්බ වෙනකන් තාවකාලික බලපත්‍රයක්. එකෙන් කාවහරි යට කලොත් ඒක අත්හිටවලා ඒ වෙනුවට තවත් තාවකාලික බලපත්‍රයක් දෙයි.
කාක්කෝ මකුණු දැල් වලට අහුවෙන්නේ නෑනේ, ලංකාවේ නීති දැලත් ඒ වගේ තමා.
දැන්නං නීතිය නමනවා නෙමෙයි , නමලා පාගනවා වගේ...
එහෙනම් තහනම් කලේ මක්කටෙයි
නොසැලකිලිමත් රියදුරන්ට රියදුරු බලපත්‍රය තාවකාලිකද සදාකාලිකද කියලා වලංගු නැහැ. දියුණු රටක නම් නොසැලකිලිමත්ව සිදු කල බරපතල රිය අනතුරු, රජයේ රැකියා අහිමි වීමටද බලපානවා. ගුවන් යානාවේ දොර විවෘත කරන්න හැදුවා වගේ මේකත් බොහොම සැහැල්ලුවට අරගනිවිද දන්නේ නැහැ.
මොකක්ද වෙනස? අනේ, රන්ජන්, නගානන්ද, සුගන්ධිකා, ඔබේ කටේ මසුරන් දාන්න ඕන.
ඉතින් අරකම දුන්න නම් ඉවරයිනේ. මොකක්ද වෙනස? අනේ, රන්ජන්, නගානන්ද, සුගන්ධිකා, ඔබේ කටේ මසුරන් දාන්න ඕන.
කෝ මේ රන්ජන්
ආයෙත් අනතුරක් වුනොත් ඒක අර එකවතාවක් හීනෙන් ඇවිදිනවා කිව්වා වගේ , හීනෙන් වාහනේ එළවලා කියලා නිදහස් වේවි.
ඔය තාවකාලික බලපත්‍රයට රිය පැදවිය හැකි වෙලාවනුත් ඇතුළත්ද? රිය පදවන සෑම වෙලාවකදීම කිට්ටුම පොලිස් ස්ථානයෙන් බිමත්ව නොමැතිබවට සහතිකයක් ලබාගෙන පමණක් රිය පැදවිය හැකියි කියා කොන්දේසියකුත් දැම්මනම් තමා වඩාත් සුදුසු.
හිනා වෙලා පන යනවා. මේ තැනැත්තාට රියදුරු බලපත්‍රයක් නැතිවම රිය පදවන්න ඉඩ දීල , ඒ වෙලාවට පාරේ යන මහජනතාවට අගල් කානු වලට බහින්න නියම කළා නම් මීට හොඳයි.
දියවන්නා ඔයටත් උඩින් රිය පන්න ගෙන ගොස් පාර්ලිමේන්තුව ඇතුලටම වාහනේ පදවපු දවසට මොකද වෙන්නේ කියලා බලමු .
තේරෙන්නේ නැද්ද යකුනේ තාවකාලික බලපත්තරයක් දෙන්නේ ඊලග පාර හොටම බිලගිහින් මිනිහෙක් යටකරනකල් හරි ...........තාප්පයක් බිදින්න ..ගතවෙන කාලයට
මොහුගේ පෙර කල් ක්‍රියාව ගැන සලකල බලනකොට මොහුට රියදුරු බලපත්‍රයක් දීම මොහුගේ සහ අනිකුත් පුද්ගලයන්ගේ ජිවිත අනතුරේ දැමීමක්.... යම් පමණකට මත්පැන් පානය කලහම ඔවුන්ගේ සිහිභුධිය සම්පුර්ණයෙන්ම නැති වෙනවා එහෙම වුනහම ඉන්නේ කොහෙද කරන්නේ මොනවද කියා දන්නේ නැහැ , මොවුන්ට මත්පැන් සුළුවෙන් පානය කරලා නවත්වන්න අමරුයි....මේකට හොඳම උදාහරණය වෙරිමතින් ගුවන් යානයේ දොර විවෘත කිරීමට තැත් කිරීම , දියුණු රටවල නම් මොවුන්ට රියදුරු බලපත්‍ර දෙන්න ඉස්සරවෙලා මනෝවෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරනවා , මනෝ වෛද්‍යප්‍රතිකාර වලින් පසු මනෝ වෛද්‍ය වරයා සෑහීමකට පත්වෙනම් පමණක් මොහුට රියදුරු බලපත්‍රය දෙනවා එක දෙන්නෙත් දැඩි කොන්දේසි මතය .
අනේ ඉතින් ඊට මීට වැඩිය හොද නැද්ද අර තහනම් කරපු එකම දුන්නහම නේද? පව් නේ දරුවට සමාජෙට මුහුණ දී ගන්න බේරුවා ඇති ....
කොහොම හරි මේ අය හොදින්..
දැන් මේ විදියට අනෙක් රියදුරු බලපත්‍ර අත්හිටවලා තියෙන අයටත් ඉල්ලුවොත් දෙනවද තහනම් කරපු රියදුරු බලපත්‍රයට තාවකාලික බලපත්‍රයක් අත්හිටවලා තියන පාස්පෝට් එකට තාවකාලික එකක් අනේ මෙන්න යහ පාලනය දෝරෙ ගලනවා