IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රුපියල ඉතිහාසයේ පහළම අගය වාර්තා කරයි


 
හර්ෂණ තුෂාර සිල්වා
 
 
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (20) තවදුරටත් පහළ ගියේය. 
 
පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල, අද (20) මෙරට ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 161.81ක් දක්වා ඉහළ ගියේය.  
 
ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 161.81 ක් වූ අතර ගැනුම් අගය 158.61ක් විය.  
 
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය සතියේදී 161.50 ඉක්මවා ගිය අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිකුරාදා නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 161.78ක් ලෙස දැක්විණි. 
 
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට අගෝස්තු 17 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7කින් අවප්‍රමාණය වී ඇත.  
 



අදහස් (4)

රුපියල ඉතිහාසයේ පහළම අගය වාර්තා කරයි

sudath Monday, 20 August 2018 01:32 PM

මහා මොලකරු රට කරවන්නේ නම් 2020 වනවිට තව පහළට යාවි....

:       92       621

Raveendra Monday, 20 August 2018 02:09 PM

අනේ දැන් කෝ අර රටේ දියුණුවට හොඳයි කියලා පඩි කතා කිව්ව ආරථික ඔස්තාර්ලා...

:       78       286

perera Monday, 20 August 2018 11:48 PM

රුපියල විතරක් නෙවේ ඕස්ට්‍රේලියානු ඩොලරයත් සත 74 ඉදලා සත 72 ට අඩුවුණා එක සුමානෙට. එකට හේතුව ඇමරිකානු ඩොලරය ඉහල යාම.

:       25       3

Bamunuarachchi Tuesday, 21 August 2018 12:04 AM

කියන්න දෙයක් නැහැ මින් ඉදිරියට වාර්තා කොරන්න තිබෙන්නේ රුපියල බාල්දුවීම පමණයි. ලී බංකු තියන්න ඕනේ තැනට ලක්ෂ හයාමාරේ පුටු දෙනකොට, තිරික්කල දෙන්න ඕනේ අයට කෝටි ගණන්වල කාර් දෙනවිට රුපියල කුජීතු වෙන එක අහන්න ඕනෙද?

:       0       231

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site