IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රන් බිස්කට් සිද්ධියේ ආගමන විගමන නිලධාරිගේ වැඩ තහනම්

බිඟුන් මේනක ගමගේ  
 
රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක් වටිනා රන් බිස්කට් හැටක් තම කලිසම් සාක්කුවල සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලලත් නිලධාරියා සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇත.

 
අදාළ නිලධාරියා වැඩ තහනමකට ලක් කර චෝදනා පත්‍රයක් නිකුත් කළේ යැයි ද ඊට අදාළව මෙම විමර්ශනය පැවැත්වෙන්නේ යැයි ද ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පැවැසීය.
 
මෙවැනි චෝදනා ලැබූ නිලධාරින් කිහිප දෙනෙකු ගැනම විමර්ශන සිදුවන්නේ යැයි කී හෙතෙම විනය පරීක්ෂණය අවසානයේ දඬුවමේ ස්වභාවය තීන්දු කරන්නේ යැයි කීය.
 
තමා මීට පෙර එක් අවස්ථාවකදී  මෙසේ රන් බිස්කට් විදේශිකයකුගෙන් ගෙන ගුවන් තොටුපළින් පිටත පුද්ගලයෙකුට බැහැර කළේ යැයි අත්අඩංගුවට ගත් නිලධාරියා රේගුවට ප්‍රකාශ කර තිබිණි. 
 
රේගුව විසින් අදාළ රන් බිස්කට් රාජසන්තක කරනු ලැබූ අතර මෙම නිලධාරියාට රුපියල් තිස් ලක්ෂයක දඩයක් ගෙවීමට නියම කෙරිණි. 



අදහස් (5)

රන් බිස්කට් සිද්ධියේ ආගමන විගමන නිලධාරිගේ වැඩ තහනම්

mali Thursday, 28 June 2018 12:54 PM

අනේ ඉතින් හරියට පරීක්ෂණ කරනවානම් රේගු දෙපාර්තමේන්තුවේ එකම රේගු නිලධාරියෙක්වත් ඉන්න බැහැ.

:       64       323

Raveendra Thursday, 28 June 2018 01:15 PM

බොහොම හොද දෙයක්. සාමාන්‍ය ජනතාව හැටියට අපගේ සිත්වලට නැගුනු පළමු ප්‍රශ්නය තමා මේ පුද්ගලයා මෙවැනි චෝදනාවක් තිබියදී එසේ වැඩ තහනමකට ලක්නොවුනේ කෙසේද යන්න. එහෙම නම් මෙම පරීක්ෂණ කරන නිලදරුවන්ගෙන් මෙසේ කරුණක් නැවත මතක්කර දෙන්නෙමු. ලක්ෂ 30 දඩය වශයෙන් මේ පුද්ගලයා කෙසේ ඉක්මනින් සොයා ගත්තේද යන්න? ඔබලා මෙන් මේ පුද්ගලයාද රජයේ සේවකයකි. එබැවින් ලක්ෂ 30 ක් යනු රජයේ සේවකයකුට අති විශාල මුදලක් බැවින් එම ඉගියද හොදටම ප්‍රමාණවත් මේ ගැන සොයා බැලීමට.

:       12       46

Raveendra Thursday, 28 June 2018 01:27 PM

මාලි මයා වෙත, රේගු දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන යනු ආයතන දෙකක්. තවද ඕනෑම ආයතනයක ඉතාමත්ම අවංක රාජකාරිය අකුරටම ඉටුකරන " නිලදරුවන් " සිටින බවත් ඔවුන්ගේ ඒ අබිමානවත් සේවයට අප ගරු කලයුතු බැවින් සියල්ලෝම එකම වලට ඇද දැමීම අසීලාචාර ක්‍රියාවකි.

:       3       334

PABATH Friday, 29 June 2018 02:46 AM

රේගු සහ ආගමන දෙපාර්තමේන්තු කියන්නේ රජයේ බදු අදායමෙන් 40% විතර කොල්ලකන නිලධාරීන් ඉන්න ආයතනයක්. මේ ගොඩක් නිලධාරීන්ගේ මාසේ අදායම රුපියල් කෝටියකට වැඩියි. මේ සියලුම මුදල් අත යටින් ගන්න හොර සල්ලි. රජය හරි වැඩ පිලිවෙලක් යොදලා මේ අය ගසාකන මුදල් නැවත්තුවොත් රජයේ බදු අදායම වැඩි කරගන්න පුළුවන්.

:       0       0

Mahee Friday, 29 June 2018 06:31 AM

ඔබ ඉතාම නිවැරදිය. මේක දෙපාර්තමේන්තු දෙකක්. දෙකේම විශිෂ්ට අවංක නිලධාරීන් ඉන්නවා. නිදසුනක් ලෙස දැන් නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් ලොකු සටනක් ගෙනියන නාගානන්ද කොඩිතුවක්කු රේගුවේ හිටපු විශිෂ්ට අවංක නිලධාරියෙක්. ඇත්තෙන්ම මේ දෙපාර්තමේන්තු දෙකේම වැඩි දෙනෙක්හොඳ මිනිස්සු. හොරු කොහෙත් ඉන්නවා. මේ අහු වෙලා තියෙන්නේ ආගමන විගමනයේ එක හොරෙක්. තව අනන්තවත් ඇති. රේගුවේත් නිසැකවම ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site