(විනීතා එම් ගමගේ)
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස පරික්ෂාවේ දී හමුවූ හඬපට වලින් එලි වන තොරතුරු හා එම සිද්ධීන් පිළිබදව සොයා බැලීම සදහා වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධීපතිවරයාගෙන් සහ අගමැතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇමතිවරුන් අධිකරණය පමණක් නොව තරාතිරමක් නොබලා වෙන වෙනම සියලූ පුරවැසියන්ගේ අභිමානය හා ආරක්ෂාව සැළැස්විය යුතු යැයි ද අබේවර්ධන මහතා කීය. එමෙන්ම මෙම තත්ත්වය හා එයින් හෙළිවන කරුණු වලදී වරදකරුවන් වන සියලූ දෙනාට තරාතිරමක් නොබලා දඩුවම් දිය යුතු යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණය පිළිබදව රටේත් ජනතාවගේත් ඇති විශ්වාසය මේ සිද්ධින් හේතුවෙන් පළුදු වෙමින් පවතින බව ද කියා සිටියේය.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(8) පැවැති මාධ්‍ය හමුවක දීය.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ජනතා ස්වාධිපත්‍යයට හා පරමාධිපත්‍යයට හානිවන කිසිදු කටයුත්තක් ජනතා නියෝජිතයෙකු විසින් නොකළ යුතු යැයි ද කීය.
අලූතින් පත්ව සිටින විපක්ෂ නායකවරයා මෙන්ම ඔවුනගේ පක්ෂයේ නායකයාගේත් යුතුකම වන්නේ මේ පිළිබදව යම් පියවරක් ගැනීම යැයි ද පැවැසීය.
තමන් කාලයක් තිස්සේ කළ හෙළිදරව් ද මේ සිද්ධීන් සමග හෙළිවෙමින් පවතින්නේ යැයි ද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්, හිටපු නීතිපති ආදී අය පිළිබදව කියූ දේ හෙලි වී ඇතැයි ද ඒවා නිවැරදි කරගත යුතුව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් පත්වූ විට දේශයේ භෞමික අඛණ්ඩතාවයට රකින බවට දිවුරුමක් දිය යුතු බව පෙන්වා දුන් අබේවර්ධන මහතා මන්ත‍්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගන්නේ එම දිවුරුමෙන් පසුව යැයි ද කීය.
පුද්ගලයෙකු ලෙස අධිකරණය විවේචනය කළ නොහැකි යැයි ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට වුවද ප‍්‍රසිද්ධියේ එවැනි විවේචනයක් කළ නොහැකි වන අතර ඔහුට තම මතය කණ්ඩායමේ දී ඉදිරිපත් කළහැකි වන බව ද පෙන්වා දුන්නේයත මේ පිළිබදව අධිකරණ අමාත්‍යවරයාට ක‍්‍රියාත්මක වීමට බලයක් ඇතැයි ද ඔහු සදහන් කළේය.
COMMENTS
සියලුම මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වරින්වර හදිසි පරික්ෂාවට ලක් කළ යුතුයි.
ඒවගේ වාර්තා ජනතාවට දකින්න අයිතියක් නැත.
ප්‍රවේශමෙන්...........රන්ජන් ගාව තව සී.ඩී, ඩී.වී.ඩී තියෙනවා. එයා දැනගෙන හිටියා එයාගේ ගෙදර පරික්ෂා කරන බව. මම හිතන්නේ ඉතාම සංවේදී ඒවා එතුමා වෙන තැනක හැංගුවා. රන්ජන්ව තව දුරටත් ප්‍රෙස් කරන්න හැදුවොත් මම කියපු අති සංවේදී සී.ඩී එළියට දමාවි. ඒවා දේශපාලුවන්,දේශපාලු දරුවන්,බිරින්දන් ගැන කලක් සැඟවී තිබුන දේවල්. ඒවා ආවොත් මේ රජය විනාශයි.
නිතර මාධ්‍ය ප්‍රකාශ කිරීමත්.................ජනපතිගෙන් සහ අගමැතිගෙන් හැම බම්බුවකටම කොමිසම් ඉල්ලීමත් හැරෙන්න නොවැම්බර් මාසයේ පත්කළ ඇමතින්ට වෙන වැඩක් නැතුවා වගෙයි. මේ වැඩටික අධිකරණයට භාරදීලා ඇමති පට්ටමේ තිබෙන වැඩ බලාගැනීමට ඇමතිවරු කල්පනා කළොත් කවදා හෝ අපේ රටටත් "සුභ අනාගතයක්" උදා වේවි !!!
කොමිසම්....... ? නිකරුනේ අපේ සල්ලි නාස්ති නොකර තම තමන් හොරා ගත්තු දේවල් වලින් රටේ ණය ප්‍රමාණයෙන් කීයක් හරි ආපහු ගෙවන්න. කොමිසම්, වාර්තා, හමස් පෙට්ටිය, දේශපාලුවෝ වගේ වචන අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් කරගන්න එතකොට අපිට පුළුවන් වේවි.