(තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක)
රතුපස්වල පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ කණ්ඩායම මෙහෙයවූ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
රහස් පොලිසියේ දැනුම් දීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු ඔහුගෙන් යළි ප්‍රකාශයක් සටහන් කරගත්තේය.ඔහුගෙන් මීට පෙරද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.
ඒ අනුව මේ වන විට රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.ගුණවර්ධන මහතා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා සහ උප පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරිණ.
2013 අගෝස්තු 1 වැනිදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුහ.
COMMENTS
කැරලිකාරී තත්ත්වයක් මැඩ පැවැත්වීමට හමුදාව අවශ්‍යය යැයි ඉල්ලා සිටීමේ බලය ඇත්තේ සහකාර පොලිස් නිලධාරියෙකුගෙන් ඉහල පොලිස් නිලධාරියෙකුට මිස වෙනත් කිසිවෙකුට නොවේ. එදා රතුපස්වල දී කිසිදු පොලිස් නිලධාරියෙකු හමුදාවේ සහායක් ඉල්ලා තිබුනේ නැත. එසේ නම් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට රතුපස්වල යන්නැයි නියෝග දුන්නේ කව්දැයි මොහු හෙළිකළ යුතුය.
එක එක කාලෙට මහා ජනතාවගේ අවධානය වෙනතක යොමු කිරීමට කරලියට ගෙනෙන මධුර ජවනිකා පෙළෙහි නවතම රංගනය..
මෙයාට නියෝග දුන් කෙනා නිදැල්ලේ
අපේ රණවිරුවොන්ට අත නොතබනු!!