IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක්

(අජිත්ලාල් ශාන්තඋදය)

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිරයාමේ විශාල අවදානමක් ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාන් කෝණාර මහතා පැවසීය.

ඇලපාත, රත්නපුර, කුරුවිට, බළන්ගොඩ සහ ඇඹිලිපිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ඩෙංගු අවදානම පවතින බවත් ඒ මහතා කීය.

මේ වසරේ ජනවාරි සිට මේ වනවිට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 785ක් වාර්තාවු අතර ඉන් 480 දෙනෙකුට ඩෙංගු බව තහවුරු වී ඇති බවද වෛද්‍ය කෝනාර මහතා පැවසුවේය.

මේ දිනවල පවතින ගංවතුර තත්ත්වයන්ද සැලකිල්ලට ගත්විට ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඩෙංගු රෝගය බෝවීමේ දැඩි අවදානමක් පවතින බව ද වෛද්‍ය විශේෂඥ ලක්මාල් කෝනාර මහතා මහතා පැවසීය.

ඇලපාත කොට්ඨාසයෙන් ඩෙංගු බව තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 55කි. එහෙත් එම කොට්ඨසයේ පහත්බිම්වල එක් තැන රැදී ඇති ජලය පිරුණු ස්ථාන මෙන්ම වසමේ නිවෙස්වල සහ අවට ප‍්‍රදේශවල ජලය පිරී ඩෙංගු මදුරු කීටයන් සහිත, ප්ලාස්ටික්, පොලිතින්, යෝගට් කොප්ප, ටින්, පොල්කටු, ආදිය මදුරු උගුල් වැඩිපුර හමුවූ බවද කීවේය.

ඇඹිලිපිටිය කොට්ඨාසයෙන් ඩෙංගු බව තහවුරුවු රෝගීන් 77ක්, බළන්ගොඩින් 54ක්. කුරුවිටින් 30ක් හා රත්නපුර ප‍්‍රාදේශීය සභා කොට්ඨාසයෙන් 30ක් ද රත්නපුර මහ නගර සභා කොට්ඨාසයෙන් 11ක් ලෙස ඩෙංගු බව තහවුරු වී තිබුණ බවද, වෛද්‍ය කෝණාර මහතා පැවසීය.

රත්නපුර දිස්ත‍්‍රික්කයට ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසවල වෙනත් මාසවලට වඩා වියළි කාලගුණ තත්ත්වයක් පවතී. එම මාසවල ඩෙංගු රෝගීන් ඇඹිලිපිටිය සහ බළන්ගොඩ කොට්ඨාස වලින් වැඩිපුර වාර්තා වුවත් පසුගිය මාස දෙක තුල ඇලපාත කොට්ඨාසයෙන් රෝගින් වැඩිපුර වාර්තා වූ බවද වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා සඳහන් කළේය.

අපේ‍්‍රල් මසයේ අනත්ර් මෝසම් වැසි ද, මැයි මාසයේ නිරිතදිග මෝසම් වැසිද රත්නපුර දිස්ත‍්‍රික්කයට බලපෑම් ඇති කරයි.

කොරෝනා වසංගත තත්ත්වයන් නිසා රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘත නොකිරිම නිසා වැසි ජලය පිරෙන ස්ථාන වැඩිපුර තිබීම නිසා මදුරු කීටයන් බෝවී ඇති බව ද වෛද්‍ය කෝනාර මහතා පැවසුවේය.

එසේම බොහෝ රබර් වතුවල කිරි නොකැපීම නිසා රබර් කිරි එකතු කරන පොල්කටුවල වැසි දිනවල ජලය පිරිම නිසා ඩෙංගු  මදුරු කීටයන් ඒවායේද සිටින බව පැවසීය.

මේවනවිට වසා දමා ඇති පාසල් පරිශ‍්‍ර බොහෝමයක ඩෙංගු මදුරු උගුල් දක්නට ඇතිබව කී වෛද්‍ය කෝණාර මහතා යළි පාසල් විවෘත කිරීමට පෙර ඒවා අවට පරිසරය සුද්ද පවිත‍්‍ර කර මදුරුකීටයන් රැදී සිටින ස්ථාන ඉවත් කළ යුතු බව විදුහල්පතිවරුන්ට දැනුම් දෙන බව ද කීවේය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඩෙංගු රෝග මර්දන වැඩපිළිවෙල නොඩකවා කරගෙන ඒමේ ප‍්‍රතිඵලයක් ලෙස මේවනවිට ඩෙංගු රෝගය පැතිරයාමේ දිස්ත‍්‍රික් අතර 19 තැනට රත්නපුර දිස්ත‍්‍රික්කය පැමිණ ඇතිබව පැවසූ වෛද්‍ය කෝණාර මහතා ඩෙංගු රෝගය පැතිරයාමට අනුබල දෙන අයට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක කරන බව ද කීවේය.

 

 

 



අදහස් (2)

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක්

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 May 2020 11:24 AM

කොරෝනා වලට පණබය අප ගෙවත්තේ සිටින ඩෙංගු මාරයාට බිය නැහැ. ඒ අපේ නොසැලකිල්ල නිසා. ඩෙංගු වසංගතයෙන් මියයන ගණන ඩෙංගු වලට සාපේක්ෂව වැඩියි. ඩෙංගු මාරයා ඉන්නේ නිතරම අප අසළමයි. ඒත්, අප ඒ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. හිටපු ජනපති එයාගේ බලකාය දම්මලා දඩ ගස්සවලා දැම්මා. බලකාය හා පී.එච්.අයි. ලා එනවිට පැනගිය ඩෙංගුවා වේගයෙන් ඉවතට පියෑඹුවා. ඒ අය ගියාම ඩෙංගුවා දෙපැත්තෙන්ම හිනහා වෙවි ආයේ අාවා. ඩෙංගුවා විද්දෙත් මිනිසුන්ව. දඩ ගෙව්වෙත් ඔවුන්. දැන් හෝ මේ පවතින රජය මේ මදුරුවන් වඳ කිරීමට විද්‍යාඥයින්ට පර්යේෂණ ආධාර ලබාදී ඔවුන් උනන්දු කරවීය යුතුයි. අප උගත් දෙයින් රටට, ජනතාවට සේවයක් කිරීමේ චේතනාවෙන් මේවැනි දේ ලිව්වත්, සමහර වේලාවල අපට අපහාස කරනවා. මොනවා කරන්නද ඉතින් නේද? ඒකට කමක් නැහැ. අප මේවා ලියන්නේ අපේ පාණ්ඩිත්වය පෙන්වන්න නොව, පරාර්ථය පිණිසම බව අපේ හෘදය සාක්ෂිය හා උඩඉන්න දෙවියොත් දන්නවා...

:       0       35

ගමරාල Wednesday, 27 May 2020 01:30 PM

ඩෙංගු, මීඋණ හා කොරෝනා වලටත් වැඩි ප්‍රථිකාරයක් කිසිදා සොයාගත නොහැකි රෝගයක් පොලිතීන් හා ප්ලාස්ටක් ගෙවතු හා නිවෙස් අසල පිළිස්සීම නිසා නුදුරු අනාගතයේ සිදුවිය හැකිබව කියන්න වෙනවා. මේ පිළිබඳවත් කුමක් හෝ පියවරක් ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු වෙනවා නම් සුදුසුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 639 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 832 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site