IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රජයේ හවුල්කාර පක්ෂ කැළඹිලා

(අංජුල මහීක වීරරත්න)

වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් යහපාලනය පිළිබඳව ජාතික රජයේ හවුල්කාර පක්ෂ උග්‍ර දේශපාලන අර්බුදයකට මුහුණදී සිටින බව එම පක්ෂය තමාට දැන්ම් දී ඇතැයි සභානායක, උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ජනාධිපතිධූර කාලය වසර 5ක්ද, 6ක්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොබෝදා ලිඛිත ඉල්ලීමක් කළේය. 

ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන තුරු යහපාලන ජාතික රජයේ හවුල්කාරපක්ෂ නායකයන් ඒ ගැන කිසිවක් දැන නොසිටි බව ඔවුන් තමන්ට දැනුම් දුන් බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කිරීමට කටයුතු කළ පක්ෂ දැනුවත් නොකර මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් ජාතික රජයේ හවුල්කාර කුඩා පක්ෂ අතර බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව එම පක්ෂ වල නායකයන් තමාට දැන් වූ බවද කිරිඇල්ල මහතා පවසයි.

වත්මන් ජනාධිපතිධූර කාලය පිළිබඳව මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නොවිමසූවද ලබන ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ හිටපු දිසා විනිසුරුවරයෙකු වන අනුර සෙනෙවිරත්න මහතා පැවසුවේ මැත්වරණ කොමිසම විසින් ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ජනාධිපතිධූර කාලය වසර පහද හයද යන්න ගැන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවේ නම් මේ පිළිබඳ උනන්දුවන පාර්ශව වලට නීතිය හමුවට යෑමට අවස්ථාව ලැබෙන බවයි.

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේ ජනාධිපතිධූරය කාලය  පිළිබඳ  මතයක් වන හෙයින් මෙම ඉල්ලීම සලකා බලන  ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල පලකරන මතය තීන්දුවක් ලෙස සැලකිය නොහැකි යැයි ද හිටපු දිසා විනිසුරු අනුර සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉහත පසුබිම යටතේ මේ කාරණා මුල්කර ගනිමින් රජයේ හවුල්කාර පක්ෂ මෙන්ම නීති ක්ෂේත්‍රය තුළද අතිශය ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි බවද  අනුර සෙනෙවිරත්න මහතා කීවේය.

 

 

 



අදහස් (13)

රජයේ හවුල්කාර පක්ෂ කැළඹිලා

Raveendra Friday, 12 January 2018 06:09 AM

ඕනෑ කිබුලෙකුට හැක දියයට පීනන්න...

:       39       1106

සුමුදුනී Friday, 12 January 2018 07:24 AM

මේ අයට ගං කබර ගති තමයි තියෙන්නේ...

:       22       354

RaveendraFriday, 12 January 2018 12:58 PM

ඕනෑම හරකෙකුට හැක " උඩු බුරන්නට".. ඕනෑම ගොනෙකුට හැක යුද්දය කරන්නට.. ඕනෑම බූරුවෙකුට හැක ඡන්දය දිනන්නට.. එනමුත් සත්තුන්ට බැරිය රට පාලනය කරන්නට..

:       0       355

ජගත් ලියනගේ Friday, 12 January 2018 07:15 AM

ඔය කතා වලින් අපිට තේරෙන දේ, මණ්ඩලය කචල් කියලයි. බැඳුම්කර එළියට දැම්මට තරහ වෙලා වගේ. හැබැයි ජනාධිපතිතුමා කරන්නේ හරි දේවල්, ඒක මතක තියා ගන්න... කිරිඇල්ල උන්නැහේ....

:       111       516

DD Friday, 12 January 2018 07:19 AM

ඔයත් කෑලඹිලා නන් දොඩවනවා.

:       0       128

මම හිටන් Friday, 12 January 2018 08:13 AM

මම හිටන් අවුරුදු හතරකට වඩා දවසක්වත් මේ ජනාධිපති තනතුරේ ඉන්නෙ නැහැ හිටන්...

:       1       229

de silva Friday, 12 January 2018 08:30 AM

කලබල වෙන්න අවශ්‍යතාවයක් නැත. ජනාධිපතිතුමා අවුරුදු 5 ට වැඩියෙන් ධුරකාලයේ ඉන්නවට ඔයගොල්ලෝ අකමැති නම් ඒබව ජනාධිපතිතුමාට දැනුම් දෙන්න පුළුවන්... ඔහු ඔබලාගේ කීම අහන්නේ නැතිනම් ඔබලාට පුළුවන් තව අවුරුදු 1 1/2ක් විතර දෝෂාභියෝගයක් ගෙන එන්න..

:       20       89

mama Friday, 12 January 2018 09:04 AM

පනත ගෙනාවේ තමන්ගේ බලතල අඩුකරගන්න ලෝකයේ පළමු ජනපති බව පවසමින්... එසේනම් අවුරුදු 5 න් ඡන්දය තිබීම හොඳයි නේද?

:       0       102

BamunuarachchiFriday, 12 January 2018 12:35 PM

බලතල අඩුකර ගත්තානම් බැංකු විතරක් නොවයි, රටත් විකුණලා තියේවි මේ වෙනකොට. සාමාන්‍ය ජනතාව ජනාධිපති බලතල අගමැතිට දෙන්න කියන්නේ මොන හේතුවකටද? හේතුවක් නැහැ ඔහේ කියන්නම් වාලේ කියනවා. අර මහින්දට හොරා කීවා වගේ....

:       0       0

de silva Friday, 12 January 2018 10:28 AM

බලාගෙන ගියහම තමන්ගේ බලතල අඩුකරගත් ලංකාවේ එකම ජනාධිපති කියල කිව්වට ඔබතුමා බලතල අඩුකරලා තිබෙන්නේ ඉදිරියට පත්වෙන ජනාධිපතිගේ නේද?

:       0       64

Bamunuarachchi Friday, 12 January 2018 12:27 PM

ඔබලාත් හවුල්කාර පක්ෂයක්නේ. සිරිසේන හිටියත් නැතත් ලබන සැරේ දෙනවා හොම්බෙන් යන්න..

:       0       54

de silva Friday, 12 January 2018 01:16 PM

දිලිප් වෙදආරච්චි නියෝජ්‍ය ඇමතිතුමා රන්නේදී රැස්වීමකදී කියලා තිබුනේ ජනාධිපතිතුමා අවුරුදු 6ක් හිටියට එයාට සහ එජාපෙට කිසිම ප්‍රශ්නයක් නැහැ... අනිත් කට්ටිය සාටකයේ එල්ලිලා ඉන්න කොට, එ් ගොල්ලන් එතුමා පත්කරගත්තේ කියලා. මේ ගොල්ලන් මොනවා කිව්වත් 2020 පාර්ලිමේන්තු ඡන්දෙදි ජනාධිපතිතුමා එජාපෙට හොම්බෙන් යන්න හොඳ ඡන්ද සටනක් දෙනවා.

:       0       43

Sincere Friday, 12 January 2018 01:29 PM

සිද්ද වෙන දේවල් දැකලා, 2014 දුන්නු පොරොන්දු සිහි කරමින් අපි නම් කැළඹීමට පටන් අරගෙන දැන් හුඟාක් කල්.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site