(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවයේ දැනට පවතින පුරප්පාඩු සඳහා කඩිනමින් උපාධිධාරීන් බඳවා ගැනීමට රජය කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ සඳහා රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිළිබඳ ලැයිස්තුවක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම ලැයිස්තුව සකස් කිරීමෙන් අනතුරුව තරඟ විභාග මගින් එම පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීම සිදුවන බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
ඉක්මනින් වැඩි රැකියා ප්‍රමාණය දෙමු. එක්සත් ජාතික පක්ෂයට අධාර කළ අයටත් රැකියා ඕනා
රටේම වැඩ වලට බාධා කරන, හැම දේම නිකම් ඉල්ලන්න විතරක් දන්නා මේ අය රාජ්‍ය සේවයට ගත්තොත් හොදට අයිස් ගගහ ඉදිවී..
හැබැයි රජයේ කන්තෝරුවල විනයක් කියල දෙයක් තියෙන හින්ද මේ ගොල්ලන්ට පුරුදු වෙන්න ටිකක් කල් යයි.
ආයේ ආයේ විභාග. එයල කරපු විභාග මදිද