IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රාජිතට සිතාසි

(මනෝප්‍රිය ගුණසේකර)

ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසූ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (10) සිතාසි නිකුත් කළේය.

විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඟා ඇති චෝදනා 14 කින් යුතු අධි චෝදනා පත්‍ර බාරදීම සඳහා විත්තිකරුවන් මෙලෙස අධිකරණයට කැඳවමින් සිතාසි නිකුත් කොට ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අමතරව මෙලෙස අධිකරණයට කැඳවමින් සිතාසි නිකුත් කොට ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් නමැත්තාටය.

2019 ඔක්තෝම්බර් 10 වැනිදාත් 2019 නොවැම්බර් 11 වැනිදාත් අතර කාලයේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට අසත්‍ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු නමින් පෙනී සිටි සරත් කුමාර නමැත්තාට ආධාර අනුබලදීම, මෙන්ම එම මාධ්‍ය සාකච්ඡාවේදීම කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සතුව තිබී හමුදා බාරයට ගත් රත්තරං තොගයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සතු කරගත් බවට අසත්‍ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි උණ්ඩියල් අතුල නමින් පෙනී සිටි අතුල සංජීව මදනායක නමැත්තාට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.

මාධ්‍ය සාකච්ඡාවේදී එම අසත්‍ය කරුණු පැවසීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව බොරු සාක්කි සැදීම, මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා එම කරුණු ප්‍රසිද්ධ කරවීම, ගේඨාභය රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික චරිතයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ කරවීමට කටයුතු යෙදීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.

විත්තිකරුවන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වැරදි සිදුකොට ඇතැයි නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සරත් කුමාර සහ අතුල සංජීව මදනායක නමැත්තන් දණ්ඩ නීතී සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා හමුවේ කළ ප්‍රකාශ ඇතුළු නඩු භාණ්ඩ 05ක් ඉදිරිපත් කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.

එමෙන්ම විත්තිකරුවන්ට එරෙහි නඩුව සඳහා මාධ්‍ය සාකච්ඡාව සඳහා බොරු රැවුල් වලින් වෙස් ගන්වා ඉදිරිපත් කළ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක නමැත්තන් ඇතුළු සාක්කිකරුවන් 22 ක්ද අධිකරණයට ඉදිරිපත් කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.

 

 

 

 



අදහස් (2)

රාජිතට සිතාසි

PA - RA Monday, 10 August 2020 02:30 PM

හිරේට දාන්නේ නැතිව තාම නලවනවා.

:       0       0

විජේ Tuesday, 11 August 2020 02:50 AM

පුදුම දුකක් විඳලා මැරෙන්න ඉන්න කෙනෙක් තමයි...

:       0       111

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site