( සිතුම් චතුරංග)
යාපනය-නුවර ඒ09 මාර්ගයේ චාවකච්චේරි පූනාවිල් ප‍්‍රදේශයේදී ඊයේ (26) රාත‍්‍රියේ යතුරු පැදියක් හා බස්රථයක් ගැටී යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනකු මිය ගිය බව චාවකච්චේරි පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනා චාවකච්චේරි රෝහලට ඇතුළත් කළද ඔවුන් මිය ගිය බව පොලිසිය පැවසීය.
යතුරු පැදිකරුවන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බස්රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.