(මනෝප‍්‍රිය ගුණසේකර)
හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 ½ කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවු ලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(28) ඇප නියම කළේය.
රුපියල් ලක්‍ෂ 10ක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත සැකකාර මොහොමඩ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව ඔහුට විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පැනවීය.
ඇපකරුවන්ගෙන් එක් අයෙකු ලඟම ඥාතියකු විය යුතු බව නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව මසකට දෙවරක් රහස් පොලිසියේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවීය.
මුදල් විශූද්ධීකරණ පනත යටතේ වන මෙම සිද්ධියට අදාළව වසර 3 ½ කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන මොහොමඞ් මකීන් මොහොමඞ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළේය.
2014 වසරේ ජනවාරී මාසයේ සිට 2014 වසරේ මැයි මාසය දක්වා වු කාලය තුළ හෙරොයින් ජාවාරම් කිරීමෙන් නිතීවිරෝධී ආකාරයෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ වසර 3 ½ කට අධික කාලයක් මොහොමඞ් මකීන් මොහොමඞ් සිද්ධික් නමැත්තා රිමාන්ඞ් බාරයේ පසුවිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ යුගආර්ග ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සිද්ධික් නමැත්තාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප ඇයැදුම්පතේ වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ශ‍්‍රමින්ද වික‍්‍රම මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරු හෙරොයින් ජාවාරම කිරීම සම්බන්ධයෙන් වු සිද්ධියක සැකකරුවකු යැයි පැවසීය.
දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම කළේය.
සිද්ධික් නමැත්තා වෙනුවෙන් නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සහ නීතීඥ චින්තක කරුණානායක මහතා සමඟ ජනාධිපති නීතීඥ යුගආර්ග ද සිල්වා මහතා පෙනී සිටියේය.
COMMENTS
අල්ලස් ගන්න ඇති...
තම තමන්ගේ හිත හොඳින් දන්නවා... අපි මේ කරන්නේ අපගේ අනාගත පරපුර වෙනුවෙන් හොඳක්ද නරකක්ද යන්න... අප සියලුම අපගේ අවසාන මොහොත වනවිට අප කළ පව් මෙනෙහිකරමින් පසුතැවිලි වන්නේය. මෙය ලක්ෂෙට කොඩිය දාපු පාදඩයින්ට මෙන්ම අහිංසක මිනිසාටද පොදුය. සුජාතා අත්තනායක මහත්මියගේ සුන්දර ගීතයක වචන කීපයක් ලිවීමට සිතුණි. හිටියොත් හොඳට හැදී... දෙවියොත් "නමට " වඳී...
මහාපරිමාණ කුඩුජාවාරම් කරුවකුට ඇප.. කුඩු ග්‍රෑම් 2ක් ලඟ තබාගත්තොත් මරණීය දණ්ඩනය... මාරයිනේ..
මෙයින් පැහැදිලි වන්නේ රන්ජන් රාමනායකගේ තර්කය හරි බව නොවේද? ඔහුට විරුද්ධව අදහස් පල කළ අයට යම් මතක් කිරීමක් පමණයි. මේ රටේ හොරකමක් හෝ අවැඩක් කර බේරෙන්න නම් කරන ඕනෙම දෙයක් මහා පරිමාණයෙන් කළ යුතුවග නැවත නැවතත් මතක් කර දීමක්...
රටේ ප්‍රධාන පුරවැසියා කතා කරන්නේ කටින්ද? නැත්නම් කොහෙන්ද? කෝටි කීයක් දෙන්න ඇද්ද එළියට එන්න.. මෙහෙමත් රටක්..
ජනාධිපති මෙහෙ සම්මාන දෙනවා අධිකරණය මහ පරිමාණ කුඩ්ඩන්ට අැපදෙනවා (කෝටි 52) මට නම් තේරුම් ගන්න බැහැ. මෙහෙම සැලසුම් සහගත වැඩ කරන්නේ කවුද කියලා රට නම් යන්නේ අගාධයකටම තමයි. පාවා නොදිය යුතු වූවන්ට මෙලෙස අැප නියම කිරීම විහිළුවකි... දැන්නම් තෙවන අරගලයකට පාර කපන හැඩයි...
ජනාධිපතිතුමා එකතැනක කුඩු ඇල්ලු නිලධාරීන්ට සහතිකපත් ප්‍රදානය කරනවා.. තව තැනක මහා මත්කුඩු ව්‍යාපාරයෙකුට ඇප ලැබෙනවා..
ඇප දීම රීතිය වේ ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකය වේ. සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල ඔප්පු කරන තුරු ඕනෑම සැකකරුවකු නිර්දෝෂිය. එය පූර්ව නිගමනයක් වගේම සැකකරුවකුට ඇති ව්‍යවස්ථාමය අයිතියකි. එසේ බලන කල විනිසුරු තුමා නිර්භයව රාජකාරිය කර ඇත. රංගනී ගමගේ මහනුවර.
වසර 3.5ක් හිරේ උන්නලු. මැලේසියාව වගේ රටක නම් මේ නඩුව මාස කීපයකින් ඉවර කරලා
දැන් මෙයා ඇප අරගෙන ගෙදරට වෙලා සාධාරණ වෙළඳාමක් හෙම කරගෙන ඉදියි නේද? නීතියේ සාධාරණත්වයට ගරුකරන අතර මුළු සමාජ ජාලයම විනාශකරන මෙවැනි අයවලුන්ට නීතියේ පිහිට ලබාදීම සාධාරනිකරණය කරන්නන්ටනම් සෙතක් වියයුතු නැහැ.
නීතිඥ සංගමයේ තනතුරු දරන ජ්‍යෙෂ්ඨ නීතිඥයින් මේ වගේ අපරාධකරුවන් නිදහස් කරගන්න මහන්සි වෙනවා කියන්නේ මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් නීතිඥයින් ඔවුන්ගේ යුතුකම් ඉෂ්ට කරන්නේ මේ ආකාරයට කියන එකද ? නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන නීතිඥයින් වෙලා මුදල් වලට කුඩු කාරයෝ නිදහස් කර ගන්න එක සදාචාරාත්මකද. දැන් කියයි නීතිඥයින්ගේ රාජකාරී ස්වභාවය ඒක තමයි කියලා.
මත් ද්‍රව්‍ය නිවාරණ සතියට හොද ආදර්ශයක් ජනාධිපතිතුමනි, මේ ඔබගේ අවදානය පිණිසයි
දෙහි කැපුවා ඇප නූල් බැන්දා දැන් තොවිලය හමාරද? මෙහෙමත් රටක් .