(ඉන්දිකා රාමනායක)
ප‍්‍රධාන පෙළේ නිමි ඇඳුම් ප‍්‍රදර්ශනාගාරයකට අයත් රුපියල් ලක්ෂ 80 ට ආසන්න මුදල් වෑන් රථයකින් රැගෙන යමින් තිබියදී අද (26) දහවල් රාගම කඩවත පාරේදී පිරිසක් විසින් එම මුදල් කොල්ල කා පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම මුදල් තොගය වෑන් රථයකින් වත්තල සිට කඩවත දක්වා රැගෙන යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් වෑන් රථය දෙසට වෙඩි තබා එය නතර කර එහි තිබු මුදල් කොල්ල කා ඇත.
සිද්ධියෙන් වෑන් රථයේ සිටි කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෑන් රථයේ මෙච්චර මුදලක් තියෙනවා කියලා කොල්ලකරුවෝ දැනගත්තේ කොහොමද? මුලින්ම ඒ ගැන හොයන්න... අනෙක වෑන් රථයේ හිටිය කාටවත්ම මොකුත්ම වෙලාත් නැතිලු නේද?
කඩවත නේද? .... ලංකාවේ තියන වැඩිම ගෙවල් බිඳුම් වාර්තාවන පොලිස් වසම, අත්අඩංගුවට ගැනීම් අඩුම පොලිසිය. හිතන්න කොහොමද එහෙම වෙන්නේ කියලා...
ලොකු සල්ලි කරයෙක්ගෙන් ඔය වගේ ගානක් ඉස්සුවට අව්ලක් නෑ