මුදිතා දයනන්ද
මහින්ද රාජපක්ෂ පාලන කාලයේ චීන සමාගමක් සමග අත්සන් කරන්නට ගිය ගිවිසුමෙන් මහා භාණ්ඩාගාරයට සත පහක්වත් ලැබෙන්නේ නැහැ. එහෙත් අපි අත්සන් කළ මෙම ගිවසුම නිසා මහා භාණ්ඩාගාරයට ඇමෙරිකන් ඩොලර් බිලියන 1.2ක් ලැබෙන අතර තවත් මිලියන හයසීයක් වරාය සංවර්ධනයට චීන සමාගම යොදවන්නටත් එකඟවී තිබෙනවා යැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (29) හම්බන්තොට වරාය සංවර්ධනය සම්බන්ධයෙන් චීන සමාගමක් සමග ගිවිසුමකට එළැඹෙමින් පැවැසීය.
වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ දී මෙම ගිවිසුමට අත්සන් කළ අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වරාය හා නාවික කටයුතු අමත්‍යංශයේ ලේකම් එල්.පී. ජයම්පත් හා ශ්‍රී ලංකා වරාටය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරු ද චීන සමාගම වෙනුවෙන් චයිනා මර්චන්ට් සමූහයේ විධායක උපසභාපති ආචාර්ය හූ ජියැංහුආ මහතා අත්සන් කරනු ලැබිය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම ගිවිසුමට අත්සන් තැබීමත් සමග මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු මෙරටට ලැබෙන විශාලම ආයෝජනය මෙය බවට පතවන බවත් කොළඹට සීමාවූ සංවර්ධනය මෙමගින් දකුණු පාළාතටද ගමන් කරන බවද පැවැසීය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර, උපායමාර්ගියක සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය සරත් අමුණුගම,නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
උදාර යහපාලන ආණ්ඩුවේ දේශීය සම්පත් / වස්තුන් විකිණීමේ සංකල්පය අද ලෝකයටම ඔප්පුකලා. රටට ආදරේ කරන මිනිස්සුන්ටනම් අද ශෝක දවසක් .ඊළගට සිංහරාජය වනාන්තරයත් විකිනීමට කෙටුම්පත් හදාවි, මේකනම් ලොව මවිතකල අරුම-පුදුම අපුරු වෙනසක්. අපේ මිනිස්සු 2015 ඉල්ලපු වෙනසනම් මුළු ලංකාවටම දැනෙන සුපිරි වෙනසක්ම තමයි .
ගේ හදන්න අපේ සීයා ගිනි පොලියට ණයක් ගත්ත. ඒ ණය ගෙවා ගන්න බැරිවුණු තැන පොලි මුදලාලිගේ කරදරෙන් බේරෙන්න බැරි උණු නිසා මුදලාලිට කැමති කෙනෙකුට කුලියට දීල මුදලාලිගේ ගාන බේරගන්න කියල අපි කිව්වා. අන්තිමේ මුදලාලි තුට්ටු දෙකට ගේ අපෙන් ලියාගත්තා බද්දට. බදුසල්ලිවලින් සියට අසුවක්ම නයට කපාගෙන ඉතිරි සියයට විස්ස අපට දුන්න. එඋනත් ගෙට මුරකාරයෝ දාල ගේ ආරක්ෂා කරලා දෙන්න ඕන අපිමයි. පොලි මුදලාලි ඒ වියදමෙන් සොච්චමක් අපට දෙනවා. කොහොම උනත් ලජ්ජාවෙන් බරෙන්න අපි ගේ ඉස්සරහ ලොකු බෝඩ් එකක් ගැහැව්වා " පොලි මුදලාලි අපේ ඉඩමේ ඇති විශාල ආයෝජනයක් කලා" කියල. නමුත් පොලි මුදලාලි ගේ විතරක් ගන්න බැහැ කියපු නිසා වත්තත් එක්කම ලියල දුන්න කියල ගමේ උන්ට කිව්වේ නැහැ. ඔන්න අපට වෙච්ච දේ. පොලිකරයටම බැනල වැඩක් තියනවද? ඇඟිල්ලේ කන්ද පුළුවන් ප්‍රමානෙට වඩා කෑවම ඉස්මුරුත්තාවට එනවා වගේ ගෙවාගන්න පුළුවන් ප්‍රමානෙට ණය නොගත්තු නිසා තමයි මේ වින්නැහිය උනේ කියලයි හැමෝම කියන්නේ. ණය ගත්තේ අපේ සීයා උනාට උනාද දැන් නැති නිසා පප්පට තමයි බලු බැනුම් අහන්න වෙලා තියෙන්නේ. පප්පගේත් වැරැද්ද, උන්ද සීයා නැති උණු දවසේ ඉඳල උන්ද සියටම බැන බැන බකන්නිලාගෙන උන්න.
තවත් විදෙවිදේශ ආයෝආයෝජන ගෙගෙන රැකියා ඈති කරන්ඩ. ආණ්ඩුව පාලන ඇතිවතිව තීරන ගන්නවානම් නම් ජනජනතාව ඔබ සමගයි.
අර මනුස්සය හදපු එක විකුණන් කාල තව ලොකු කතාත් කියනව. ඔයාල මේ තුට්ටු දෙකට වික්කේ රටේ අනාගතය. පැරදිලා ගෙදර යවපු අයට ඇමතිකම් දුන්නහම මෙහෙම වෙනවා. ඔබ ගැන ඇත්තටම කනගාටුයි. ජගත් ජේ එදිරිසිංහ - මෙල්බර්න්
මේක කොහොමද ආයෝජනයක් වෙන්නේ ? මේකෙන් වෙන්නේ කොළඹ වරායට එන නැව් ටික හම්බන්තොට වරායට ගිහිල්ල කොළඹ වරායේ ආදායම අඩුවෙන එක. මේකේ අපිට තියෙන්නේ 15% ඉතිරි 85% යන්නේ චීනෙට . තමුන්ගේ රස්සාව බේරගන්න බොරුබෙගල් අදින්නේ නැතිව රටට හානියක් වෙන වෙලාවේදී ඇත්ත කතාකරන්න විජේදාස් රාජපක්ෂ මහතා වගේ.
වචනයේ අරුතෙන්ම මේ ඇමති පරගැතියෙක්.
චීනයට ආර්ථික අර්බුදයක් අාවොත් ලංකාවට බලපෑම් වෙයි. චීනය දියුණුවෙන කොට ලංකාව දියුණු වෙන්නේ කෙහොමද? අපේ සල්ලිත් චීනයට යනවා. උදාහරණක් කියන්නම් ලංකාවට චීන සංචාරකයෝ 75% ක් ඇවිල්ලා ඉන්නේ චීනුන්ගේ හෝටල්වල කන්නේ... චීන මැණික් ගන්නේ චීන්නුන්ගේ රන්බඩු සාප්පුවල. අපේ අයට බබා හම්බුණාට පස්සේ තමයි තේරෙන්නේ...
ගිරව් වගේ කවුරුහරි කියන දේම කියවන්න එපා. මෙතන පෝට් සිටි, ඉඩම් සින්නක්කර ඩීල් නැහැ. කිසිම විකිණීමක් වෙලා නැහැ. කෝටි ගණන් මහජන මුදලින් ණය ගෙවන එක ඉතිරිකර ගැනීමක් විතරයි. ඕස්ට්‍රේලියාව පවා තමන්ගෙ වරායවල් බදු දීලා තියෙනවා. පහුගිය රජයේ සින්නක්කර ගිවිසුම් වගේ නැතුව වසර 99 කින්වත් මෙක ආපසු ලැබෙන එකට සතුටු වන්න.
මේ ඇමතිතුමා, ඔබතුමා මහින්ද මහත්තයා ඉන්න කාලේ පොල් කඩ කඩද හිටියේ? මට මතක හැටියට නම් මෙතුමා හිටපු ආණ්ඩුවේ ප්‍රබලම ඇමති කෙනෙක්. දැන් ඉතින් රටේ සම්පත් පාවා දීලා බොරුවට දොඩවනවා. අනේ මේ වගේ අයත් අපේ රටේ ඉපදුනානේ අපේම කරුමෙට...
අපි ගොඩක් සිහින දකින්න ආස කරන නිසා ඇමතිතුමා අපිට ඉස්සර හිටපු විරෝදාර, දේශප්‍රේමී ඇමතිවරු කියපු පරිද්දෙන්ම සුරංගනා කතා කියනවා. ඉස්සර ඇමතිවරු කියපු කතා හරි වුනා නම් අද අපේ රට සුර පුරයක්. හැමදාමත් කලේ රට විකුණගෙන කාපු එක මිසක් වෙන දෙයක් නොවෙයි. නයිජීරියාව, සෝමාලියාව වගේ අපිත් මහා පව් කරලා තියෙනවා. මේ වගේ හොරකම් කරන අයවලුන් ටිකක් අපේ පාලනයට පත්කරගන්න. රටට කරන නොපනත් කම්වලට හෙන වදින කොට වදින්නේ පවුල් වලටත් එක්කයි ...
අපේ රට දැන් විකුණලා ඉවරයි, කාලා ඉවරයි.
පොළොන්නරුවේ වැලි රාජු සහ හාල් මෝල් හිමියන් රජකරේ යහපත් පුද්ගලයෙක් නිසා නේද?
මේ වරායෙන් මෙච්චරම පාඩු නම් චීන්නුන්ට පිස්සුද අපේ අතටත් අමෙරුකානු ඩොලර් බිලියන 1.2 දීලා තවත් මිලියන හයසීයක් ආයොජන කරන්න? මේ කියන ආර්ථික තර්ක තෙරෙන්නේ නැති නිසයි මෙහෙම අහන්නේ.
මේ රජතුමා අනවශ්‍ය වරායක්, අනවශ්‍ය තැනක අනවශ්‍ය වෙලාවක හැදුවා. ශක්‍යතා වාර්තා නැතුව හිතුමතේට නම ගන්න. දැන් ඒක සුදු අලියෙක්... ඇත්ත කිව්වම ඕන තරම් බනින්න. නමුත් සරල ඇත්ත ඕකයි.
මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසිභාවයක් තියෙනවා. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවෙකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට. හම්බන්තොට වරායට අදාළ ව්‍යාපාර දේශසීමා තරණය කරමින්, ඉන්දීය සාගරය හරහා යුරෝපය ඇතුළු සමස්ත ලෝකය දක්වා ව්‍යාප්ත වේවි..!! චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා මහතා කල කතාව මෙයයි.. පටු දේශපාලන කණ්ණාඩි ගලවලා බලන්න.
ඇමතිතුමාගේ ගේ දොර, අරව මේවා ටික කාලෙකට චීනෙට බද්දට දුන්න නම් ලාභ නැද්ද ? නඩත්තු කරන එක අමාරු ඇති මයෙ හිතේ ..
චන්දෙට කලින් මහ කළු ගලක් යටවෙලා තියෙන වැඩකට නැති වරායක්... දැන් ලංකාවේ හොඳම ආයෝජනය වෙලා. යහපාලනයෙන් මේකට උත්තරයක් දෙන්න.