විනීතා එම් ගමගේ
මහපොළ හෝ ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් සපුරා ඇති සියලූම සිසුන්ට හිමි එම ගෙවීම් කිසි ලෙසකින් කප්පාදු කර නැතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි.
මහපොල ශිෂ්‍යත්වය ලබමින් සිටින සිසුන් සඳහා ඉදිරි ශිෂ්‍යත්ව වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වනවිට සියලූම විශ්ව විද්‍යාල වෙත ලබා දී ඇතැයි ද එම ශිෂ්‍යාධාරයට සුදුසුකම් ලබන නවක සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ මාසය ඇතුළත විශ්ව විද්‍යාල වෙත ලබා දීමට මහපොළ භාරකාර අරමුදල කටයුතු කර ඇතැයි ද එම කොමිෂන් සභාව කියයි.
මොරටුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවලට අලූතින් බඳවාගත් සියලූ සිසුන්ට ශිෂ්‍යාධාර අත්තිකාරම් මේ වනවිටත් ගෙවා අවසන් කර ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අනුව දැනට අධ්‍යයන කටයුතු ආරම්භ කර නැති එහෙත් ඉදිරියේ දී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට යෝජිත විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කළ දින සිට මසක් ඇතුළත මහපොළ ශිෂ්‍යාධාර අත්තිකාරම් මුදල් ගෙවීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහපොළ කප්පාදු කර නැහැ - ප්‍රතිපාදන කොමිසම
මුණසිංහ Sunday, 04 March 2018 10:50 AM
යන්නේ කොහෙද? මල්ලේ පොල්! ඕක නෙවෙයි ගැටළුව... පසුගිය කාලේ වෛද්‍ය සිසුන්ගේ ආධාර මුදල් කෝ?
SanathSunday, 04 March 2018 12:02 PM
පාරවල් අවහිර කරගෙන සාමාන්‍ය ජන ජීවිතය අවුල්කරපු කාලකන්නින්ට සතයක්වත් දෙන්න එපා. පිටරටවල්වල ශිෂ්‍යත්ව වලට ගිහිල්ලා ඉගෙන ගන්න ළමයි ලංකාවට ඇවිල්ලා ගතකරන කාලසීමාවට සල්ලි ගෙවන්නෙත් නැහැ.
JayasingheSunday, 04 March 2018 01:10 PM
ඇයි මහපොළ පාරේ නැවතිලා ඉන්නේ?
naradha Sunday, 04 March 2018 12:26 PM
පසුගිය කාලේ වෛද්‍ය සිසුන් දේශනවලට සහභාගී නොවී මහපාරේ හිටයා නම්, ඒ අයට මහජන බදු මුදලින් මහපොල ශිෂ්‍යත්ව මුදල් දිය යුතු නැහැ.
sam Sunday, 04 March 2018 06:09 PM
ඕක නෙවේ නේ ප්‍රශ්නේ ! ප්‍රශ්නේ කව්රුහරි සල්ලි නාස්ති කරලා හරි හොරකම් කරලා හරි තියෙනවද කියන එක. එකට මොකද්ද උත්තරේ සහ සාක්ෂි ?
චරිත Sunday, 04 March 2018 09:31 PM
සනත් ප්‍රශ්නයක් හරිහැටි දුරදිග නොතේරෙන අයට අනුව පහුගිය කාලෙ මහජනතාවට වෙච්ච පීඩාව තමා ලොකුම ප්‍රශ්නය.
ජනිත් Sunday, 04 March 2018 09:36 PM
දැක්කයින් දැක්කෙ නෑ මෙහෙම ආණ්ඩුවක්.
Asanka Monday, 05 March 2018 03:33 AM
ඔය සහනාධාර චින්තනේ නවත්වන තුරු අඩුමගානේ මතු පරම්පරවවත් දේශපාලකයින්ගේ හෙන්චයියල වෙන එක නවත්තන්න බැහැ. වෙන රටවල ළමයි ඉගනගන්න අතරේ සුළු රැකියා කරලා සල්ලි හොයාගන්නවා
wedage Monday, 05 March 2018 06:52 AM
වෙන වෙන හේතු සඳහන් කරලා නොගෙවා ඉන්නවා. එ්කයි මෙතන සිදුවෙලා තියෙන්නේ.. කොළඹ කැම්පස් එකේ ළමයින්ගේ පැමිණීමේ ලේඛනවල අත්සන් වෙනස් කියලා නොදී ඉන්නවා. කොළඹ කැම්පස් ළමයින් උද්ඝෝෂණ කළේ නෑනේ..
ගුණවර්ධන Monday, 05 March 2018 01:54 PM
මේ කතාව නම් ඇත්ත තමයි ..