ළහිරු හර්ෂණ
මහනුවර පැවැති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගෙන් පැය 12කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අමුණුගම මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් පිටව යන විට රාත්‍රී 11.30 පමණ විය.
පරීක්ෂණවලට අදාළව තමාගේ ජංගම දුරකතනය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරයට ගත් බව දිලුම් අමුණුගම මහතා පැවසීය.
බාල බෙහෙත් ජාවාරම් සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා විසින් රුපියල් කෝටි 16.5කට මිලදී ගත් බ
මේ ජනාධිපතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඒ වෙනුවෙන් සකස් කරන ලද අත්පතිකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා
අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ යතුරුපැදි ගාලක තිබූ හිස් වැසුමක් කිසියම් අයෙකු සොරාගෙන ගොස් ඇති හෙයින් එහි හිමිකරු වන දුම්රිය ආරක්ෂක නියාමක මහතා
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න තුනක් ඉවත් කොට ලකුණු ලබාදීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැව
සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මහනුවර කලබල ගැන මන්ත්‍රී දිලුම්ගෙන් පැය 12ක් ප්‍රශ්න කරයි
Siri Tuesday, 15 May 2018 07:16 PM
කව්ද කියන්නේ පිරිත් නූල් වලින් වැඩක් නැහැ කියල !
පිටිගල මිලානෝ Tuesday, 15 May 2018 08:41 PM
ඔන්න කට්ටිය බලාගන්න. අපරාධකාරයෝ සහ හොරු සුසංයෝග වන ලස්සන. මේ අයටම රට බාර දෙන්න. මේ අයත් එක්ක බලනකොට රනිල් කවුද?
අසෝක ජයතිලක මිලානෝ Tuesday, 15 May 2018 09:04 PM
බුද්ධිමත් ලක්වැසියනි 2020 ට පස්සේ අපි මෙහි සිටින කෙනාව රජා කරමු. තාත්තාට අවුරුදු දෙකකටත් කලින් ගෙදර යන්න වුනෙත් මෙයාව රජා කරන්න ප්ලෑන් ගහපු නිසා තමයි.
sirimal Tuesday, 15 May 2018 09:13 PM
චෝදනා කෙසේ වෙතත් " වොයිස් කට්" දෙන්න ලබාදුන් අනගි අවස්ථාවට නම් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පින් දෙනවා ඇති මදි නොවෙන්න.
Sanath Tuesday, 15 May 2018 09:23 PM
අම්මෝ මේ ආදරයෙන් බදාගන්නෙ අපිටම හොඳක් කරන්නම තමයි ජනතාවනි.
ds Tuesday, 15 May 2018 09:50 PM
83 දී දෙමළුන්ට ගැහැවේ ජේ ආර් බටහිර උවමනවයි .සරණාගතයෝ කියල වහල්ලු යවන්න පටන්ගත්ත . එකට තමයි 84 ජේ ආර් ට රෝනල්රේගන් සම්මාන දුන්නේ අමෙරිකවට ගෙන්නන්ලා . මුණුත් එකම තමයි පටන් ගන්න යන්නේ.
kapWednesday, 16 May 2018 07:03 AM
ඔයාට ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන මාර අවබෝධයක් තියෙන්නේ........ වීරවන්සගෙ නෑදෑ කෙනෙක්ද?
nishaWednesday, 16 May 2018 08:55 AM
සරණාගතයෝ යවනවට සම්මාන දෙන්නේ මොන රටේද ? දියුණු රටකට ගිහිල්ලාම නැතිව වගේ
upasena Tuesday, 15 May 2018 10:03 PM
පිරිත් නූල් බැඳලා නිසා හොඳ ආරක්ෂාවක් තියෙනවා. බය වෙන්න කාරණාවක් නැහැ.
lion Wednesday, 16 May 2018 12:22 AM
ලජ්ජා හිතෙනවා ලංකාවේ වීරයෝ දැක්කහම
ලුම්බිණි Wednesday, 16 May 2018 12:36 AM
මන්ත්‍රී කෙනෙකුගෙන් ප්‍රශ්න කරන එකත් දැන් ලොකු දෙයක් වෙලා. ඔක්කොම දේශපාලකයෝ එතනට වට වෙනවා.
ධනුෂ්ක Wednesday, 16 May 2018 01:09 AM
මම ජාතිවාදියෙක් නොවෙමි. නමුත් මිත්‍යා දෘෂ්ඪික දේවවාදී අදහස් නොපිලිගන්නා සේම. එම අදහස්වලින් මිනිසා මුදවා ගත යුතු බව විශ්වාස කරනවා. එය කල හැක්කෙ පහර දීමකින් හිරිහැර කිරීමකින් නොව එවිට ඊට විරුද්ධව එම ජාතිවාදි බලවේගද නැගී සිටිනවා. බලවත් රටවල් ද ඊට විරුද්ධයි කවුරු පිලිගන්න අකමැති වුනත් බලගතු රටවල් කියන දේ තමා අපිට කරන්න වෙලා තියෙන්නේ. මතකනේ සිරියාව රසායනික අවි භාවිතා කිරීම නිසා අැමරිකාව පහර දුන්නා. තව ඉන්දියානු මැදිහත් වීම් අාදිය මතක අැතිනේ. කල යුත්තේ අාගමික, වාර්ගික, පලාත් පදනම් පවතින දේශපාලන පක්ෂ තහනම් කිරීම, විශේෂ අාගමික නීති හා විවාහ නීති තහනම් කිරීම, සියලු අාගම්වල අාරම්භක ඉතිහාස ඉගැන්වීම හරහා මිත්‍යාව ගොඩනැගූ අාකාරය දරුවන්ට තේරුම් ගැනීමට ඉඩ දීම. හරහා මෙය සිදු කල හැක.
BamunuarachchiWednesday, 16 May 2018 01:21 PM
නිවට වෙන්න එපා නැතිකරගෙන නැතිවෙමු.
BamunuarachchiThursday, 17 May 2018 10:23 AM
මෙතන ඔබත් තේරුම් නොගත්ත කොටසක් තිබෙනවා. ඔබට තේරුම් කරන්න ගියොත් පලවෙන්නේ නැත. සංහිඳියාව සිංහල කමටත් ලොකුය.
සතයපාල Wednesday, 16 May 2018 02:16 AM
දේෂපාලන අත දරුවෝ පාර්ලීමේන්තුවට එවල මහ නුවර ජනතාව තමන්ගේ බුද්ධිමත්කම ලෝකෙට පෙන්නුවා.
rohani Wednesday, 16 May 2018 02:51 AM
මේකට සම්බන්ද කරුවන් මේ පින්තුරෙන් පේනවා. හැංගෙන්න බැහැනේ.
Udrich Wednesday, 16 May 2018 03:03 AM
හොරු සෙට් එකම ඉන්නේ. හොර පෙරකදෝරුවත් ඇවිල්ලා............
මල්ලි Wednesday, 16 May 2018 03:18 AM
දේශපාලනඥයෙක් ප්‍රශ්න කරන්න ගෙනියනකොට මහ රජාල හැමතිස්සෙම ඉස්සරහට එනවා... දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කරන්ඩ එපා කියන එකද කියන්නේ?
Bamunuarachchi Wednesday, 16 May 2018 04:28 AM
මම දන්නේ නැහැ, මට මතක නැහැ, මම එතන හිටියේ නැහැ. ඔය තිබෙන්නේ උත්තර.
prabhath Wednesday, 16 May 2018 04:38 AM
කවුරු කලත් මේ වගේ වැඩ නරකයි. තව ඉන්න අයත් අත් අඩංගුවට ගන්න ඕනේ.
Riz Wednesday, 16 May 2018 04:58 AM
අනේ මොන තරම් අහිංසක පාටද...
තොත්ත බබා Wednesday, 16 May 2018 06:02 AM
අල එස්.ටී.එෆ්. එකේ මාමිල ගොඩාක් එක්ක ඇවිත් පොලු තියන් හිටිය මාමිලට හායි බායි කියල ගිය මාමි ගැන අහන්නේ නැද්ද..එතකොට අල බය නැතිව ගෙවල් වලට යන්න කියල පොලෝසියෙ මාමිල දම්මල කියල ලයිට් යවල ගෙවල් කුඩු කරපු මාමිලයි, ගෙවල් වල යන්න කියපු පොලිස් මාමිල ගැනයි ගෙන්නල අහන්නෙ නැද්ද..?
vipula Wednesday, 16 May 2018 06:21 AM
අර පාර්ලිමේන්තුවේත් මහත්තයෙක් කියලා තිබ්බා නේද අවි අතට ගන්නවා කියලා... එයාගෙනුත් ප්‍රශ්න කලාද ?
kalani Wednesday, 16 May 2018 07:14 AM
පොලිසිය ප්‍රශ්න කල පමණින් කෙනෙක් වරදකරුවෙක් නොවෙයි. පුර්ව විනිශ්චයන් මගින් අවමන් කිරීම ශිෂ්ට සම්පන්න කටයුක්තක් නොවේ.
Thilina Wednesday, 16 May 2018 08:45 AM
කට්ටිය නඩු අහල තීන්දුත් දීලා ඉවරයි.ආණ්ඩුවටත් අවශ්‍ය වෙලා තියෙන්නේ මේකම තමයි. ප්‍රශ්න කරන්න ගෙන පමණින් මොවුන් වරදකරුවන් ලෙස හංවඩු ගැසීමද යහපාලනය වෙනුවෙන් කඩේ යන අයගේ බලාපොරොත්තුව. රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා නේද දිලුම් අමුණුගම මේ සිද්දිය වෙලාවේදී ගැටුම් සමනය කරන්න මැදිහත් වුණ බවත් ඔහු අත්අඩංගුවට ගත්තොත් සාක්කි පවා ලබා දෙන බවත්???ආණ්ඩුවට විරුද්ද ඔක්කොම හොරු විදිහට තමයි ඉතාලියේ ඉදන් කඩේ යන අයටනම් පෙන්නේ.
සනත් ඉතාලියWednesday, 16 May 2018 09:05 AM
අවසානෙට එනතුරු ඔක්කොම අදහස් කියෙව්වේ ආණ්ඩුවට කඩේ ගිය ඔක්කොටම එකට ලියන්න. නමුත් මට ලියන්න කිසිවක් ඉතුරු නොකරම තිළීණ, ඔබ සියල්ල පවසා ඇත. අර පිටිගල මිලානෝ කියන හාදයා කැමැති නම් ඔබගේ ටෙලි දුරකථනය සඳහන් කරන්න මා කැමැතියි ඔබට උත්ත දෙන්න වාචිකව හෝ මුහුණට මුහුණ..
janahitha Wednesday, 16 May 2018 08:59 AM
අසාධාරණය ඉදිරියේ නිවටයෙක් නොවීමේ වරද .
roville Wednesday, 16 May 2018 03:16 PM
පේනවනේ කට්ටියගේ සම්බන්ධය... ඕවා දේශපාලන උප්පරවැට්ටි
කුමාර් (ගල්ෆ්) Sunday, 20 May 2018 11:36 AM
මොන නීතිය කඩලා, මොන වැඩේ කෙරුවත් මේ අයට සිංහයෝ වගේ හිනාවෙලා ඉස්සරහට එන්න පුළුවන්... ඒ මොකෝ ලංකාවේ මේ අය උඩදාන්න, උඩ ගෙඩි දෙන්න කකුල් දෙකේ රැලක් ඉන්නවනේ...