IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහනුවර ඇතිවූ ප‍්‍රචන්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ පැමිණීලි 445ක්

ඉන්දිකා රාමනායක
   
මහනුවර  පොලිස් කොට්ඨාසයේ සහ අනිකුත්  ප‍්‍රදේශ වල සිදු වු ප‍්‍රචන්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන්  නිවාස හා වෙළෙද සැල්වලට අලාභ හානි සිදුකිරීමේ පැමිණිලි 445ක් පොලිස් ස්ථාන වෙත  ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (13)  පැවසීය.

 
ඉකුත් මාර්තු (4)  වැනි දින සිට ඊයේ  (12) සවස 6.00 දක්වා කාලය තුළ මෙම පැමිණිලි ලැබී තිබු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
 
මින් පැමිණිලි 423ක් මහනුවර පොලිස් කොට්ඨාසයෙන්  ද, සෙසු පැමිණිලි 22 ක දිවයිනේ සෙසු ප‍්‍රදේශ වලින් ද වාර්තා වු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
 
පොලිස් මුලස්ථානයේ අද (13) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.
 
මෙම පැමිණිලි අතර පුජනීය ස්ථාන වලට පහර දීමේ පැමිණිලි 24 ක් ලැබී ඇති බවත් ඉන් 19 ක් මහනුවර කොට්ඨාසයෙන්  බවද ඒ මහතා සඳහන් කළේය.
 
වාහන වලට පහර අලාභ හානි සිදුකිරීමේ  සිද්ධීන් 65වාර්තා වී ඇති බවත් ඉන් පැමිණිලි 60ක් මහනුවර කොට්ඨාසයෙන් ලැබුණු බවද හෙතෙම කීය.
 
තුවාල සිදුකිරීමේ සිද්ධීන් 38 ක් වාර්තා වී ඇති බවත්  ඉන් 22 ක් මහනුවර ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් දිවයින පුරා මේ දක්වා අත්අඩංගුවට ගත් සමස්ත සැකකරුවන් ප‍්‍රමාණය 208 ක් බවත් ඉන් 178ක්  මහනුවර පොලිස් කොට්ඨාසයෙන්  අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මහනුවර කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත්   59 දෙනෙක් සාමාන්‍ය නීතිය යටතේ ද, සෙසු 119 දෙනා  හදිසි නීති අවස්ථා නියෝග යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා කියා සිටියේය.
 
මෙම  පිරිසෙන්  128දෙනක් තවදුරටත් රිමාන්ඞ් බාරයේ පසු වන බවත් තවත් 50 දෙනෙකු ඇප මත මුදාහැර ඇති බවද හෙතෙම සදහන් කළේය.
 
දිවයිනේ අනිකුත් ප‍්‍රදේශ වලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ප‍්‍රමාණය 102 ක්  බවන්  ඉන් 69 ක්  සාමාන්‍ය නීතිය යටතේ ද,  33 දෙනක්  හදිසි අවස්ථා  නියෝග යටතේ  අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.



අදහස් (1)

මහනුවර ඇතිවූ ප‍්‍රචන්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ පැමිණීලි 445ක්

nisar Wednesday, 14 March 2018 08:04 AM

පූජනීය ස්ථාන වලට පහර දීම් 24 ක් කියන එක ලෝක වාර්තාවක් වෙන්න ඕනි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site